(තිළිණි ද සිල්වා)
කෘෂිකර්ම අමාත්‍යාංශය පිහිටි රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් වන පැමිණිලි විභාගයට අදාළව ප‍්‍රකාශයක් ලබා දීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට (12) පෙරවරු 9.30ට පෙනී සිටිය නොහැකි බව අග‍්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කොමිසමට නිල වශයෙන් දන්වා ඇතැයි එම කොමිසම සඳහන් කර සිටී.
අග‍්‍රාමාත්‍යවරයාට මන්නාරම ප‍්‍රදේශයේ උත්සව කිහිපයකට සභාගිවීමට ඇති බැවින් අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිය නොහැකි බවට අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (11) කොමිසමට ලිඛිතව දන්වා එවා ඇතැයි එම කොමිසමේ වැඩිදුරටත් කියා සිටී.
ඒ අනුව අග‍්‍රාමාත්‍යවරයා ගේ එම ලිඛිත දැනුම්දීම සැලකිල්ලට ගනිමින් ලබන 16 වැනිදා පෙරවරු 9.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොමිසම යළි සිතාසි නිකුත් කර ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24.6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළ සාක්ෂි ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයාට අද දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් ඉකුත් 09 වැනිදා සිතාසි නිකුත් කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට රාජගිරිය පිහිටි ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කල පැමිණිලි විභාගයේ දී එම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අදාළව කැබිනට් පත‍්‍රිකාවක් නිකුත් කළ බවට මීට පෙර ඊට අදාළ පැමිණිලි විභාගයේදී කරුණු හෙළිවිණි.
ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර පවත්වා ගෙන ගිය ගොවිජන මන්දිරය පාර්ලිමේන්තු කාරක සභා සඳහා පවරා ගැනීමට අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වැනි දින ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් හා රාජගිරිය පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට එම අමාත්‍යාංශය ස්ථාපිත කිරීමට අදාළ සිද්ධි සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයා ගෙන් සාක්ෂි ලබා ගැනීමට නියමිත බවද ජනාධිපති පරීක්ෂණ කොමිසම කියා සිටී.
පුත්තලම ප්‍රාදේශීය සභාවට තරඟ වදින අපේක්ෂීකාවකට නිල ජන්ද පත්‍රිකාවක් ලබා දුන් බව කියන පුත්තලම ප්‍රධාන තැපැල් කාර්යාලයෙ ලියුම් බෙදන්නා අද (24) දහවල් අත්
රුපියල් පන් කෝටි තිස් ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දීය ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැ
දළදා වන්දනාවට ඉදිරි දින දෙකට සරිලන බැතිමතුන් විශාල පිරිසක් මේ වන විටත් පෝලිම්වල රැඳී සිටින බැවින් මහනුවරට නොපැමිණෙන්නැයි මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ට නි
නැගී එන දේශපාලන පක්ෂයක අපේක්ෂිකාවක් නීති විරෝධි ලෙස නිළ ජන්ද පත්‍රිකාවක් තොගයක් සිය නිවසේ සඟවාගෙන සිටියදී අද( 24 ) අලුයම අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස
ඌව පළාත් සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ ය
දළදා වන්දනාව වසරක් පාසා පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්බීඑස් අභයකෝන් මහතා තීරණය කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති කොමිසම හමුවට හෙට එන්න බැහැ’යයි අගමැති කියයි
sirimal Wednesday, 11 September 2019 01:38 PM
මේ ඒ මහත්තයාගේ ඔලුව ගිනි අරගෙන තියෙද්දී මේ ගොල්ලෝ එනවා සුරුට්ටු පත්තු කරන්න. අනේ මෙහෙමත් දෙයක්..
MaheeThursday, 12 September 2019 06:58 AM
ඒකනේ කියන්නේ සිරිමල්, අපිට මේ මහා පුටුවට යන්න වෙන්න පක්ෂේ ඉන්න හොඳම රැවටිලිකාරයා කවුද කියලා තෝරාගන්න බැරුව කෙළවරක් නැතුව සාකච්චා තියනවා. ඒ අස්සේ මේ ගොල්ලෝ එනවා. අම්මපා මට යකා නගිනවා මේ වැඩවලට. බෑ කියන්න, එන්නෙම නෑ කියන්න.
SL Wednesday, 11 September 2019 01:52 PM
දුමින්දට අනුව මේකට කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ අගමැති. මිස්ටර් ක්ලීන් කොමිස් කාක්කෙක්... පුලුවන් නම් විකුණන්න බැරි වුනත් හයිටි බිල්ඩිම විකුණන්න කීයක් කොමිස් ඉල්ලුවද කියලා හොයන්න. මේ වගේ අය තමයි සුදු පිරුවට ඇඳලා... කෝට් බෑයවල් ඇඳලා දේශපාලනයේ ඉන්නේ. මේ පාර වෙනසක් කරන්නම ඕනේ. හැමදාම දේශපාලකයන් හොරු කියන මන්තරේ ජපකරලා වැඩක් නැහැ. මොවුන්ව යවන්න ඕනේ. හොඳ මිනිසුන් දේශපාලනයට අවතීරණය වියයුතුයි.
sumithWednesday, 11 September 2019 02:21 PM
මේක මේ ක්ලාස් මේට්ලාගේ වැඩක්. සබීතා පටලවලා වැඩක් නැහැ..
NishanWednesday, 11 September 2019 11:49 PM
මිස්ටර් ක්ලීන්, කොමිස් කාක්කෙක් කියන එක නම් කිසිම කෙනෙක් පිළිගන්නේ නෑ. මොකද එයාට කොමිස් ගහලා දෙන්න කෙනෙක් නෑ. රාජපක්ෂලාට නම් ළමයි ඉන්නවා. පරම්පරාවක් තියෙනවා... කොමිස් ගහලා නඩත්තු කරන්න.
සඳුන් Wednesday, 11 September 2019 03:10 PM
ප්‍රධාන පක්ෂවල දේශපාලනය අමුම අමු මාෆියාවක්. හොරු ඇල්ලීම ඡන්ද කාලෙට කරන සද්දයක් විතරයි. ආණ්ඩුවෙන් ආණ්ඩුවට පක්ෂ විපක්ෂව දෙගොල්ලො ආරක්ෂා කරගන්නවා. අල්ලන ඇති හොරෙක් නෑ. වැඩිම වුනොත් හොරිකඩ නිලධාරියෙකුට ජම්පරේ අඳින්න වෙයි. ඒකත් ටික කාලෙකට. හොඳම උදාහරණයක් නම් පහුගිය දියවන්නා යහපාලන කාලගෝට්ටිය. රාජ්‍ය නිලධාරීන්ට පහරදීපු රාජ්‍ය දේපල වලට හානි කරපු කට්ටිය ලංකාවම දැක්කත් බොරු කොමිසමක් දාලා වැහුවා. දැන් මිනිස්සුන්ට ඒක අමතකයි.
sudath Thursday, 12 September 2019 12:41 AM
බයනැති අගමැති කිව්වා නේද කාලයක්?
Jaya Thursday, 12 September 2019 01:05 AM
එයාත් බැහැ කියන එකේ ඔයාත් බැහැ කියන්න මෙයා...
Amila Thursday, 12 September 2019 02:26 AM
ඡන්ද කාලෙට මතුවෙන සෙල්ලම්...
SL Thursday, 12 September 2019 03:05 AM
බය නැති අගමැති...
Sathya Thursday, 12 September 2019 03:30 AM
බය නැති අගමැති .....!!!
sandun Thursday, 12 September 2019 04:30 AM
සුදු වෑන් දැකලා තියෙන්නේ දෙතුන් දෙනයි. ඔවුනුත් කොටින්ට හෝ පාතාලෙට කඩේ ගිය අය... හැබැයි සුදු වෑන් ගැන කතා කරන දහස් ගාණක් ඉන්නවා. තමන් නොදැකපු දෙයක් ගැන කතාකරන ඔවුන් දන්නේ නැහැ.. මේ මංගල ගොතපු කතාවක් කියලා. මංගල ප්‍රේමදාස නැතිකළෙත් මේවගේ බොරු වලින්... ඒ කාලේ මොන දේ වුණත් අන්තිමට එ්කට ප්‍රේමදාස සම්බන්ධයි. අද ඔහුගෙන් උදව් ගන්න සජිත් ඉදිරිපත්වීමම ලැජ්ජාවට කරුණක්...
sanaThursday, 12 September 2019 08:35 AM
එතකොට අර මාධ්‍යවේදී පෝද්දල ජයන්තව පැහැරගෙන අත පය කඩලා දාලා පාරේ දාලා ගියේ කලු වෑන් එකකින්ද? මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගත්තේ කලු වෑන් එකකින්ද? කුමාර් ගුනරත්නම් පැහැරගත්තේ මොන වෑන් එකකින්ද?
somaThursday, 12 September 2019 05:49 PM
අවුරුදු 5ක් ගිහිල්ලත් ඒ කියන වෑන් එකක්වත් හොයාගත්තේ නැහැනේ... එහෙම පැහැරගත් පිරිසක් හිටියා නම් මංගල මව් පෙරමුණක් හදලා..
Sugath Premalal Thursday, 12 September 2019 04:31 AM
"බය නැති අගමැති" දෙසැම්බර් වලින් පස්සේ " හැන්ගෙන අගමැති " වෙනවා... පුදුමේ කියන්නේ තවත් සමහරක් ජනතාව අධම, නීච, පව්කාර, අශෝභන, විනාශකාරී, නින්දිත, රට විනාශ කරන, රට පාවා දෙන, කොන්ද පණනැති පාලකයන් හට කඩේ යනවනේ...
බයනැති අගමැති... Thursday, 12 September 2019 04:48 AM
බයනැති, මුල, අග නැති අගමැති..
Sapumal. Thursday, 12 September 2019 06:43 AM
සිරා මහතාගේ මේ කොමිසම් වලට පේන්නේ තමාගේ විරුද්ධ කරුවන්ගේ වැරදි පමණයි. වරද නම් කවුරු කරත් වරද...ඇයි? තමන්ගේ හිතවතුන්ගේ කප්පරක් වැරදිවලට කොමිසම් නැත්තේ. මේ රටේ ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු ජනපති කෙනෙක්. එවන් කෙනෙකු පත්කරන කොමිසම්ද නීතියට අනුකූල නැහැ. කරුණාකර සියලු දෙනාගේ වැරදි සොයන කොමිසම් පත් කරන්න. සාධාරණ වන්නේ එයයි. තමන්ගේ දේශපාලන වාසිවලට පත් කරන කොමිසම් වලින් වෙන්නේ රටේ මුදල් කාබාසිනියා වීම පමණයි. අනේ !!! රටකට ගිය කලක්....
Bandara Thursday, 12 September 2019 08:00 AM
මිත්‍රවරුනි, මෙය සංදර්ශනයකි. රැවටෙන්න එපා.
Akila Thursday, 12 September 2019 12:35 PM
කොහොමද අපේ බයනැති අගමැතිතුමා?