IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ජනපති කියුබා ජනපති හමු වෙයි

(අංජුල මහික වීරරත්න)

“G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා කියුබාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස් කැනෙල් බර්මියුඩෙස් (Miguel Díaz-Canel Bermudez) මහතා අතර නිල හමුව කියුබාවේ දී සිදු විය.

කියුබාවේ “විප්ලවයේ මාලිගාව” වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබානු ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා ‍ උත්තමාචාර ද පිරිනැමිණි.

සුහද කතාබහකින් අනතුරුව නායක දෙපල ද්විපාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ. 

ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පැමිණීම ඉතා ඉහළින් පිළිගන්නා බව සඳහන් කළ කියුබානු ජනාධිපතිවරයා  දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වයේ වටිනාකම පිළිබඳව ද සිහිපත් කළේය.

අතීතයේ සිට ශ්‍රී ලංකාව සහ කියුබාව අතර පැවති ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවය  මෙහිදී සිහිපත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස ඉල්ලා සිටින එක්සත් ජාතීන්ගේ යෝජනාවට ශ්‍රී ලංකාව නිරන්තරයෙන් සහාය දුන් බවත්  කියුබාව මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බහුපාර්ශ්වික වේදිකාවල ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බවත් සිහිපත් කළේය.

ඉදිරියේ දී  සෞඛ්‍ය, කෘෂිකර්ම  සහ ක්‍රීඩා ඇතුළු ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳ නායක දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

ගෝලීය වශයෙන් උතුරු - දකුණු රටවල් අතර විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රයන්හි පවතින පරතරය අවම කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විශේෂඥ දැනුම බෙදා ගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

ජාත්‍යන්තර කටයුතුවලදී කියුබාවට ශ්‍රී ලංකාවේ සහාය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළ අතර මානව හිමිකම් යෝජනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට කියුබානු ජනාධිපතිවරයා සහතික විය.

එසේම ලබන වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනය කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනල් බර්මියුඩෙස් මහතා විසින් පිළිගෙන තිබේ.  

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලක්ෂිත රත්නායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ බහුපාර්ශ්වික කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් රේඛා ගුණසේකර, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (9)

ජනපති කියුබා ජනපති හමු වෙයි

Athula K Friday, 15 September 2023 04:32 PM

කෝ මේ සාගල ?

:       5       15

Sampath Friday, 15 September 2023 07:33 PM

කියුබාවට අත නොතබව් කියපු අය එක්කන් ගිහින් පෙන්නුවා නම් නරකද? කියුබාවට අද වෙච්චි නස්පැත්තිය...

:       4       7

අරවින්ද මොනරවිල Friday, 15 September 2023 07:37 PM

ඔය මූහුණ දැක්කාම සත පහක් දෙන්නේ නැහැ.

:       0       0

Rata Perata Friday, 15 September 2023 10:16 PM

අම්මෝ... මේකනම් මාරදක්ෂ කමක්. දැන් ඉතින් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙයි.

:       0       1

siri Saturday, 16 September 2023 01:50 AM

කොඩි දෙක මාරු වෙලාද ? නැත්නම් පුටු දෙක මාරු වෙලාද ?

:       0       1

chandima Saturday, 16 September 2023 02:23 AM

ඉස්සර නම් ගියේ සුදු මචන්ලා හම්බවෙන්න. මදැයි සුදු මචංලා වෙනුවෙන් ඉන්දියාවට කෙළින්න ගිහින් වුණු දේ... දැන් සුදු මචංලා පැත්තවත් බලන්නේ නැහැ.

:       0       0

Perera Saturday, 16 September 2023 03:15 AM

බංකොළොත් රටේ, බංකොළොත් පක්ෂයක, බංකොළොත් නායක ජනතාව ප්‍රතික්ෂේප කළ බංකොළොත් ජනාධිපති වෙලා.

:       0       0

City Saturday, 16 September 2023 04:14 AM

ඒගොල්ලෝ සහෝදරයින් වගේ...

:       0       0

Bamunuarachchi Saturday, 16 September 2023 09:13 AM

ලෝකේ කොමිනිස් රටවල් දෙකයි තිබෙන්නේ. උතුරු කොරියාව හා කියුබාව. ජෙප්පෝ ලංකාව තුන්වෙනි කොමියුනිස්ට් රට කරන්න හදනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 13 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 114 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 125 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 190 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 73 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 150 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 301 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site