(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
තමා නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතා සහ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහානාම ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම් මාර්තු 16 වැනිදා විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) දින නියම කළේය.
ඉකුත් රජය සමයේ ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක මුදලක් ලබා ගත් චෝදනාවට තමා වරදකරු කරමින් මහාධිකරණය ලබා දුන් සිර දඬුවම් නීතිවිරෝධී බව කියමින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
චූදිත අභියාචක පියදාස දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ විශේෂ අභියාචන පෙත්සම විජිත් මළල්ගොඩ, එල්. ටී. බී. දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ කැදවිණි.
මෙම අභියාචන පෙත්සම් ඊයේ පෙත්සම් පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම් එදිනට විභාගයට ගැනීමට දින නියම කෙරිණි.
ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැගිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් මිලයන 20 ක මුදලක් අල්ලස් ලබාගත් බවට චෝදනා කරමින් පවරා තිබූ අධි චෝදනා නඩුවේ වරදකරු කළ එහි දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක මහතාට කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 12 ක සිර දඬුවමක් හා රුපියල් 55,000 ක දඩයක් නියම කර තිබුණි.
එම අධි චෝදනාව සම්බන්ධයෙන්ම වරදකරු කෙරුණු හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහනාම මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් 65,000 ක දඩයක් ද නියම කර තිබුණි.
එම දඬුවම තමන්ට නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත්, එය අහෝසි කර, සියලු චෝදනාවලින්, තමාව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් විත්තිකාර පියදාස දිසානායක මහතා විසින් මෙම විශේෂ අභියාචන පෙත්සම ගොනු කරන ලදී.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපති කාර්ය මණ්ඩලයේ - දැව සංස්ථාවේ හිටපු සභාපතිවරුන්ගේ අභියාචනය විභාගයට දිනයක්
kamal koyrala Thursday, 04 February 2021 06:32 AM
ප්‍රමාණවත් සාක්ෂි නැත.. සාක්ෂි පරස්පරයි. නිදොස් කොට නිදහස්..