IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජනපති ජෝ බයින්ඩන්ගේ විශේෂ නියෝජිත හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතාගේ දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් අද (04) ඩුබායි හිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලයේ කටයුතු මෙන්ම දේශගුණික අභියෝගවලට තිරසර විසදුම් ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව සකස් කර ඇති විස්තීරණ සැලැස්ම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.

දේශගුණික විපර්යාසවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා අවශ්‍ය අරමුදල් රැස්කිරීමේ තීරණාත්මක ගැටලුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර  දේශගුණය ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මූල්‍ය සම්පත් වැඩි දියුණු කිරීමේදී පෞද්ගලික අංශයේ දායකත්වය ද අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාවේ කැපවීම සහ ඒ සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙල සියැසින් දැක බලා ගැනීමට නුදුරේදීම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී ජෝන් කෙරී මහතාට ආරාධනා කර සිටියේය. 



අදහස් (3)

ජනපති ජෝ බයින්ඩන්ගේ විශේෂ නියෝජිත හමුවෙයි

Rata Perata Monday, 04 December 2023 08:01 PM

මෙන්න මේ මනුස්සයා ලංකාවට ගෙන්න ගන්න. අපේ සල්ලි කාබාසිනියා කරලා පින්තූර ගහ ගහ ඉන්නවා...

:       0       0

චන්දන Monday, 04 December 2023 09:12 PM

දේශගුණේ නෙවෙයි... මෙයා බලන් ඉන්නවා ලබන අවුරුද්දේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල පිහිටෙන් එක්සත්ජාතින්ගේ සංවිධානේ තනතුරක් ගන්න. මෙතරම් ඇමරිකන් සරණ යන්නේ ඒකයි...

:       0       0

chandima Monday, 04 December 2023 09:58 PM

නුදුරේදීම එන්න කියන්නේ එහෙනම් අද හෙටම එන්න වෙනවා... මිනිස්සු වෙන පඹයෙක් හිටෙව්වාට කළින්... දැනටම ඔන්න මෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 9 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 608 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1231 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2844 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3211 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 375 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site