යුක්රේනයට සාමය උදාවන්නේ නම්, ඕනෑම වේලාවක තමන් යුක්රේන ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානම් බව, ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසා ඇත.
ඊට අමතරව, සෙලෙන්ස්කී ඉල්ලා ඇත්තේ, යුක්රේනයට ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවිය යුතු බවය.
‘යුක්රේනයට සාමය උදා වෙන්නේ නම්, මා දැන්ම ජනාධිපති ධුරයෙන් සමුගන්නවා. හැබැයි යුක්රේනයට නේටෝ සාමාජිකත්වය හිමිවිය යුතුයි. එසේ සාමාජිකත්වය හිමිවෙනවා නම්, මා ධුරයෙන් ඉවත් වීමට සූදානම්’ යැයි සෙලෙන්ස්කී පැහැදිලි කර ඇත.
යුක්රේන රුසියන් යුද්ධයට මේ වනවිට වසර තුනක් ගතවී ඇත. යුද්ධය ආරම්භ වීමට හේතුව, යුක්රේනය, නේටෝ සාමාජිකත්වය ඉල්ලීමය. ‘නේටෝ’ යනු යුද සන්ධානයකි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘නේටෝ’ සංවිධානය පිහිටුවා ඇත්තේ රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමටය.
යුක්රේනයට ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවීම, රුසියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රිටාමාර්ගයක් අනුගමනය කළේ එහෙයිනි.
යුක්රේන රුසියන් යුද්ධය අවසන් කිරීමේ අරමුණ ඇතිව, සාම වැඩපිළිවෙළකට යෑමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය කටයුතු කරමින් සිටී.
ඇමෙරිකන් නියෝජිතයන් සහ රුසියන් නියෝජිතයන් අතරේ හමුවක් ද පසුගිය දා සෞදි අරාබියේ රියාද් නුවරදී පැවැත්විණි. එම සාකච්ඡා සඳහා යුක්රේනයට ඇරැයුම් කිරීමක් සිදු වූයේ නැත.
මේ සම්බන්ධයෙන් යුක්රේන ජනපති සෙලෙන්ස්කී මැසිවිලි නගද්දී, ට්‍රම්ප්, යුක්රේන ජනාධිපතිට චෝදනා කළේ ඔහු ඒකාධිපතියකු කියාය. ඒ, රුසියන් යුක්රේන යුද්ධය අතරතුරේ සෙලෙන්ස්කීගේ ධුර කාලය අවසන් වුණු බැවින් සහ සෙලෙන්ස්කී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු නොකළ බැවිනි.
(ඒ.එෆ්.පී.)
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති ධුරය අත්හරින්න සූදානම්
Nandalal de Silva - France Monday, 24 February 2025 04:07 PM
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිය රටට අතිශයින්ම ආදරය කරන, වසර තුනක කාලයක් තිස්සේ මිනීමරු පුටින් ගේ හමුදාවට එරෙහිව අභීත සටනක් කල නායකයා බව පැහැදිලිවම පෙනෙනවා. බිංකුඩ්ඩෙක් මෙන් භූගත බංකරයක සැඟවී, නිරායුධ යුක්රේන ජනතාව සමූල ඝාතනය කරමින්, ඩොලර් කෝටි ප්‍රකෝටි වටිනා දෙපල, අති දරුණු අවි බලයෙන් විනාශ කරපු, කාලකන්නි පුටින් වගේ අවජාතක කෙනෙක් නොවන, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි ගැන පුදුම පැහැදීමක් මුළු ලෝකයටම තෙරී හමාරයි!!! යුක්රේනය සතු අතිවිශාල ඛනිජ සම්පත්, පුටින් සමග එක්ව නතුකර ගැනීමෙ කුමන්ත්‍රණයක ඇමරිකානු ජනපති ට්‍රම්ප් නියත බව දැන් පැහැදිලිවම පෙනෙනවා. ට්‍රම්ප් 2020දී පරාජයට පත්වූ විට, ඔහුගේ ත්‍රස්ත හමුදාව කැපිටල් හිල් වලට ගෙන්වා කරපු විනාශ ඔබට මතකද? සිය රටට එරෙහිව අරගල කරපු ට්‍රම්ප්, පුටින් සමග එක්ව යුක්රේනයට පහර දීමේ හැකියාවක් තිබෙන්නට වුවද පුළුවනි... අපේ රටේ හිටපු ගොඨාභය පලවා හැරීමත්, සෙලෙන්ස්කිගේ ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්වීමට යොජනා කිරීමත් අතර විශාල වෙනසක් ඇත...
SCBMonday, 24 February 2025 06:21 PM
නන්දලාල්, අනිසි බියක් ගහන වගෙයි. මෙය සිදුවන්නේ ප්‍රංශයේවත් ලංකාවේ නොවෙයි.