IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජනපති නිවෙස අසල මහා විරෝධතාවක්

(අංජුල මහික වීරරත්න ,බණ්ඩාරගම බිමල් ජයසිංහ  සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික නිවස පිහිටි නුගේගොඩ මිරිහාන පිවිසුම් මාර්ගය අසලට අද (31) පස්වරුවේ රැස් වූ දහස් සංඛ්‍යාත ජනකායක් ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරමින්  උද්ඝෝෂණයක් කළහ.

උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා දැඩි මාර්ග බාධක සහ පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.

ජුබිලි කණුව මංසන්ධිය අසලට අද පස්වරුවේ මුලින්  රැස්වූ ජනතාව එහි විරෝධතාවයක් කිරීමෙන් අනතුරුව මිරිහාන පැඟිරිවත්ත ජනාධිපතිවරයාගේ නිවසට ප්‍රවේශ ප්‍රවේශ වන  මාර්ගය අසලට පැමිණ එම  මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කළහ.

උද්ඝෝෂකයන් ජනාධිපතිවරයා ගේ නිවසට කඩා වැදීම වැළැක්වීම සඳහා පොලිසිය මෙන්ම යුද හමුදාව දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.

මෙම උද්ඝෝෂණය නිසා නුගේගොඩ මහරගම  119 මහා මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබිණි.ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මාර්ගය අසල දැඩි පොලිස් රැකවල් දමා තිබූ අතර සිද්ධිය වන අවස්ථාවේ ජනාධිපතිවරයා නිවසේ නොසිටි බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නිවෙස අසල විරෝධතාව වැඩිවීමත් සමග ජනතාව විසුරැවා හැරීම සදහා කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි විය. ජනතාව කදුලු ගෑස් ප්‍රහාර මැද ජනාධිපතිවරයාගේ නිවෙස දෙසට ගල් මුල් ප්‍රහාරද එල්ල කරනු දැකගත හැකි විය. 



අදහස් (1)

ජනපති නිවෙස අසල මහා විරෝධතාවක්

Adam Friday, 01 April 2022 10:26 AM

ගෝඨාභයව යවමු...!

:       4       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 786 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site