(අංජුල මහික වීරරත්න)
ආසියානු කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් (Ferdinand R.Marcos ) මහතා අතර හමුව අද (29) පෙරවරුවේ මැනිලා නුවර දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපතිවරයා විසින් හරසරින් පිළිගනු ලැබීය.
නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
පිලිපීනය සහ ශ්‍රි ලංකාව අතර අතීතයේ සිට පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ එහිදී වැඩි අවධානයක් යොමු විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ෂොබිනි ගුණසේකර යන මහත්ම මහත්මිහු සහ ශ්‍රී ලංකා දූත පිරිස මෙම අවස්ථාවට එක්ව සිටියහ.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්
කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය
අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති පිලිපීන ජනපති හමු වෙයි
siri Thursday, 29 September 2022 02:23 PM
කීවේ නැද්ද "අපේ රටෙත් මිනිස්සුන්ට මතක තියෙන්නේ ටික කාලයක් විතරයි. ඔබතුමා කළා වගේ ලංකාවේත් එක්තරා පුතෙක් මතු යම් දවසක බලයට එන්න කට ඇරගෙන බලාගෙන ඉනවා" කියලා...
Rexi Thursday, 29 September 2022 02:56 PM
කිසිම වටිනාකමක් නැති නිව්ස් එකක්
Hafeel Thursday, 29 September 2022 03:26 PM
ජනතාව විඳින දුක ඔවුන් තුට්ටුවටත් ගණන් ගන්නේ නැහැ. ඇයි සාගලවත් මේ ගමනට එක්කගෙන ගියේ? ලෝකය වටේ මළ ගෙවල්වලට යනවා, එක එක්කෙනා හමුවෙනවා. නමුත් ඔවුන් දන්නේ නැහැ, කොහොමද රටේ ප්‍රශ්නය විසඳන්නේ කියලා...!
kamal Thursday, 29 September 2022 03:42 PM
බැලූ බැල්මට එක බඩවැල කඩාගෙන ආවා වගෙයි. මොකද දෙකම එක වගේ තරු පහේ ප්‍රජාතන්ත්‍රකාරයෝනේ...
විපරමා Thursday, 29 September 2022 04:22 PM
රටම බංකොළොත් කරලා පැනලා ගිය ඉමෙල්ඩා මාකොස්ගේ පුතා පිලිපීනයේ ජනාධිපති.. අපේ රටේ පින් ජනපතියාටම ගැළපෙනවා.
chandima Thursday, 29 September 2022 06:19 PM
ඔන්න ආදර්ශයට ගන්න දේවල්. හිටපු ජනාධිපති මාකොස් මිනිස්සු ගහලා එළෙව්වා. නමුත් ආයෙත් පුතා ජනාධිපති වුණා. අපේ රටේත් රාජපක්ෂ පැටව් ආපහු එන එක වළක්වන්න බැහැ.
ගලපර Friday, 30 September 2022 02:46 PM
පාට පාට සූට් මාරු කරකර රටින් රටට ඔහේයනවා. අනේ මන්දා රටට නම් ලැබිච්ච සත පහක් නැහැ. අයියෝ අපේ රටේ සල්ලි නාස්තියක්. මේ මොන විගඩමක්ද? මෙහෙ මිනිස්සු කන්න නැතුව බඩ පොත්තට ඇලිලා පොළවේ පස්කනවා ජීවිත් වෙන්න විදියක් නැතුව... අන්න IMF එකත් කියනවා. ඩොලර් දෙන්න බැහැ කියලා රටේ විකාර ආණ්ඩුවක් නිසා...
නිමේෂ් Friday, 30 September 2022 02:53 PM
මේ වගේ වැඩකට නැති සමුළුවලට ලෝකේ වටේ යන එක තමයි මෙයාගේ ආසාව, රටේ පවතින ඩොලර් අර්බුදය දැනෙන්නේ නැති තරමට හිරිවැටිලා ඉන්නේ..