(නිමල කොඩිතුවක්කු)
වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මානව අයිතීන් අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
රටේ ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුව, දේශපාලන කුමන්ත්‍රණ හරහා රටේ අපක්ෂපාතී අධිකරණය ලබා දුන් තීන්දුවලට සහ ස්වාධීන මැතිවරණ කොමිසමේ කාර්යයට බාධා පමුණුවමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බොරැල්ල කුප්පියාවත්ත ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේගයේ පොකුරු රැස්වීමක් අමතමින් ඔහු මේ බව පැවසීය.
රටේ ජනතාව ඉල්ලා සිටියේ ක්‍රමයේ වෙනසක් වුවත් මේ වන විට එම ක්‍රමයේ වෙනස නොමැතිව රාජපක්ෂලා ආරක්ෂා කිරීම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ අර්බුද වලට විසදුම් ලබා දෙනවා වෙනුවට මැතිවරණ කොමිසමට, රටේ උත්තරීතර අධිකරණයට, මුදල් අමාත්‍යාංශයට සහ රජයේ මුද්‍රණාලයට පවා බාධා පමුණුවමින් මැතිවරණ කඩාකප්පල් කිරීමේ ක්‍රියාවක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මන්ත්‍රීවරුන්ගේ ගිනි ගත් ගෙවල්වලට වන්දි ලබා දීම,පොහොට්ටුවේ මන්ත්‍රීවරුනට ආරක්ෂාව ලබා දීම හා සම්පූර්ණ කාලය ගෙවන තෙක් මහමැතිවරණයකට නොයැම යන හේතු සදහා පමණක් මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වන බවත් ඔහු තවදුරටත් කීවේය.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘ජනපති මානව අයිතීන් කඩනවා‘‘
nimal Monday, 20 March 2023 09:21 PM
සජිත් pilot කෙනෙක් නොවීමට නොහැකිවූ නිසා කණගාටුවෙන් ඉන්නේ.
මහසෙන් Monday, 20 March 2023 09:43 PM
අර imf එකට කේසර සිංහයෙක් වගේ යන්න ගිහින් බැරි උන එකේ මානව හිමිකම් කඩ කිරිමට විරුද්ධව යන්න බැරි ද ජීනීවා මානව කොමිසම හමුවට ගර්ජනා කර කර.
jayasekara Tuesday, 21 March 2023 09:13 AM
බොලාගෙ අප්ප ඉන්න කාලෙ කැඩුවෙ මොනවද දන්නෙ නැහැ?
prasanna Tuesday, 21 March 2023 10:36 AM
ඔබගේ පියානොත් ඔය දේම තමයි කෙරුවෙ බලයෙ ඉන්න කලෙ.