IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජනපති යාල යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (19)යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.

සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.

වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිති වලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.

යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.

ජනපතිගේ මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

 



අදහස් (10)

ජනපති යාල යයි

මියැසි Saturday, 19 August 2023 06:09 PM

අප රටේ කිසියම් මෝඩ පිරිසක් කඩේ යවා අරගල කර රනිල් මහතා ජනාධිපති ලෙස පත් කරගත් මේ තානාපති කත මේ සැරසෙන්නේ කුමටදැයි කවුරුත් කල්පනා කළ යුතුයි...

:       41       161

Bamunuarachchi Saturday, 19 August 2023 08:44 PM

මීයැසි, අරගල කළේ කුලියට. ඔවුන් ගාන අරන් ෂේප්. කාඩ්බෝඩ් හිට්ලර් ඔවුන්ට පරාදයි. කුණුගොඩේ හිටපු වඩුගයෙක් රට කනවා.

:       0       5

චන්දනSunday, 20 August 2023 07:25 AM

මේක නිකම් විසිට් එකක් වෙන්න බැහැ. අර තානාපතිනිය ලෝක හෙරකි. හෙට අනිද්දා යාල ගැන මුකුත් නොකීවොත් පුදුමයි. කෑල්ලක් ඇමරිකාව සතුවෙයි. මේ මිනිහා රටම විනාශ කරලයි එලොව යන්නේ....

:       2       6

AB Saturday, 19 August 2023 07:11 PM

සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානයට පමණක් නොව සංචාරකයන් නැරඹීමට බලාපොරොත්තු වන සියලු තැන්වෙත ඇතුළු වීම සඳහා ප්‍රවේශපත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් අලුතින් සිතා / වෙනස් ආකාරයකට කළයුතු වේ. එනම් විදේශිකයින් ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන අවස්ථාවේදී පැමිණීමට පෙර ඔවුන් ලංකාවේ නැරඹීමට යම් තෝරාගැනීමක් සිදුකරයි. එම නිසා විදේශීය සංචාරකයින් සඳහා ඔවුන් කැමැති තැන 5ක් නැරඹීම සඳහා ඇතුළුවිය යුතු මුදලක් වශයෙන් $50 - 100අතර හෝ සියලු තැන නැරඹීමට $ 150 මුදලකට visiting pass / paper ලබාගැනීමට අවස්ථාව සලසා දියයුතුවේ. එවිට සංචාරකයින් ලංකාවට පැමිණීමට පෙරම ඔවුන් කැමැති තැන් තෝරා මුදල් ගෙවා visiting pass / paper # සහිතව ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුවේ. එම අවස්ථාව සංචාරක මණ්ඩලයේ WEBSITE වෙතින් ලබාගැනීමට හැකියාව ලබාදිය යුතුවේ. සංචාරකයින් පැමිණෙනුයේ කෙටි සංචාර ( සතියක් හෝ දෙකක් ) සඳහා වේ... එම නිසා ඔවුන්ගේ කාලය අපතේ නොයවා උපරිම ප්‍රයෝජන ලබාගැනීමට අවස්ථාව සලසා දීමට කටයුතු කළයුතුවේ. පැමිණෙන බොහෝ සංචාරකයින් එවිට පෝලිම්වල සිටීමට අවස්ථාව උදාවන්නේ නැත...

:       4       26

AB Saturday, 19 August 2023 07:12 PM

එම visiting pass පෙන්වූ පසු ඔවුන්ට පහසුවෙන් අතුලු වීමට අවස්ථාව සලසා දිය යුතුවේ. මෙය පළමුව සංචාරකයන් සඳහා පමණක්ම ආරම්ඹ කළයුතු වේ. මේ අවස්ථාවේ ලංකාවට $ අවශ්‍ය වන නිසා දැනට $ වලින් පමණක් visiting pass / paper මිලදී ගැනීමේ හැකියාවක් ඇති කළයුතු වේ. එවිට ඔවුන් ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේ සිට ගමනාන්තය දක්වා කිසිඳු ගැටලුවකින් තොරව ඔවුන් කැමති තැන් දැක බලාගැනීමට හැකිවේ. සංචාරකයින් විසින් එම තෝරාගැනීම් සිදුකරද්දී අවම වශයෙන් ගතවන කාලය පිළිබඳවද website හි සඳහන් කිරීම වැදගත් වේ. එවිට ඔවුන්ගේ සංචාරය පිළිබඳව දළ අදහසක් ගැනීමට හැකියාවක් ඇත. ඔවුන් ලංකාවට පැමිණ නැරඹීමට තෝරාගන්නා තැන ඔවුන් විසින් ලංකාවට පැමිණෙද්දී ගෙන එන අවස්ථාවේ එම visiting pass / paper හි # තිබිය යුතුය... සහ ඔවුන් නැරඹීමට තෝරාගත් තැන් ගෙවූ මුදල සහ පැමිණෙන රටේ නම එම print out හි සඳහන් වන ආකාරයට website හි නිර්මාණය සිදුව තිබිය යුතුවේ. තව බොහෝ දේ කිරීමට ඇත... එසේ නොමැති වුවහොත් ගුවන් තොටුපලේ සිට දුෂිත මාෆියාව ආරම්භ වේ..

:       6       21

විජිත් Saturday, 19 August 2023 08:38 PM

මට හිතයි කියන්න " කොටියා කාපිය ඕකුන් රැලම !!! .." කියලා. නමුත් ප්‍රශ්නයක් තිබෙනවා. කොටින් ඇතුළු මාංශ භක්ෂක සතුන් බොහෝමයක් ගොදුරක් ආහාරයට ගන්න පෙර ඉවකරලා තේරුම් ගන්නවා ආහාරයට සුදුසුද කියලා. ඔතැන ඉන්න රනියා, හරියා.. ජූලි.. ඇතුළු දෙපා සතුන් ඔක්කෝමගේ ශරීරවල විෂ තිබෙන්නේ. ඒ නිසා මම කෑගැසුවාට කොටියා ඕකුන්ව කාලා සියදිවි නසාගන්න කැමැති නැහැ. නමුත් ඔය රලටම සියදිවි නසාගන්න වෙන දවසක් ළඟ ළඟම එනවා. ඔවුන් දන්නේ නැහැ ඔවුන් මේ ඉන්නේ පිපිරෙන්න ආසන්න ගිනි කන්දක් උඩ කියලා....!

:       0       7

Bamunuarachchi Saturday, 19 August 2023 08:46 PM

යාල ගියේ කොටි බලන්න වෙන්න ඇති. ඉස්සර කොටි බලන්න ගියේ උතුරට...

:       2       5

සමන් Saturday, 19 August 2023 08:54 PM

යාලේ නෙවෙයි මෙයා යන්නේ අයාලේ

:       5       17

Akila Sunday, 20 August 2023 04:50 PM

ජනාධිපති වුණාට පස්සේ රනිල්ගේ බඩ ලොකු වුණ වේගයෙන් අපේ රටේ ඩොලර් සංචිත ටික වැඩි වුණා නම් මෙලහකට රට ගොඩ ගිහිල්ලා...!

:       0       6

විජේ Sunday, 20 August 2023 06:17 PM

පුදුම අවස්තාවාදීන් රැලක්. එකෙකුට එකෙක් දෙවෙනි නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පුද්ගල ඝාතනයක් නූලෙන් වැළකේ
2024 ඔක්තෝබර් මස 14 137 0

තියුණු ආයුධ තොගයක් රැගෙන පුද්ගලයෙකු ඝාතනය කිරීම සඳහා යමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස


ඇල්පිටිය ප්‍රාදේශීය සභා තැපැල් ජන්ද සලකුණු කිරීම අද
2024 ඔක්තෝබර් මස 14 40 0

ලබන 26 දා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීම අද (14) රාජ්‍ය ආයතනවලදි සිදු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


පිපිරීමකින් තරුණයෙක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 14 131 0

යාපනය කොඩිකාමම්හි සිදුවූ පිපිරීමක් හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කොඩිකාමම් පොලිසිය සදහන් කරයි.


අදත් මිලි මිටර් 100 ඉක්ම වූ තද වැසි
2024 ඔක්තෝබර් මස 14 332 0

දිවයින ආශ්‍රිත වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාතොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 2003 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 3802 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 354 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 433 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1379 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site