IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ජනපති - ශ්‍රීලනිප සාකච්ඡාවක් හෙට

(ඩයනා උදයංගනී)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට (26) පෙරවරුවේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මෙම සාකච්ඡාව හෙට පෙරවරු 11.00 ට අදාළ පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 14 දෙනාටම ඊට සහභාගීවීමේ අවස්ථාවක් ලබාදෙන්නැයි ඉල්ලීමක් කර ඇති බවත් දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.

එම අවස්ථාව නොලැබුණහොත් පක්‍ෂ සභාපතිවරයා සමඟ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ඇමති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, භාණ්ඩාගාරික, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සමඟ තමන් එම සාකච්ඡාවට සහභාගී වන බව ද ඔහු පැවසීය.

මෙම සාකච්ඡාවේ දී සාකච්ඡා කළ යුතු කරුණු සම්බන්ධයෙන් පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හෙට පෙරවරු 9.00 ට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගතවීමේදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම පැවසීය.

රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ ඇති සාමාජිකයින් පිරිසක් සම්බන්ධයෙන් තීරණ ගැනීමට අනුරාධපුරයේ දී පැවති විනය පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි. ආණ්ඩුවෙන් ඉවත්වීමේ අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නැතැයි කී දුමින්ද දිසානායක මහතා තම පක්‍ෂයේ ද සහයෝගයෙන් ගොඩනැගූ ආණ්ඩුව තුළ ඉදිරියටත් රැඳී සිටින බව ද කීවේය.



අදහස් (3)

ජනපති - ශ්‍රීලනිප සාකච්ඡාවක් හෙට

pradeepa Sunday, 25 July 2021 08:40 PM

මොකක් හරි සීනි බෝලයක් කාලා එනවා මෙයාලා, කෝ කළින් දෙනවා කියපු දේවල් දුන්නද? ඔයාලා බැසිල් එක්ක කතා කරන්න ඕනෑ. ඕක ගෝඨාභයගේ පක්ෂයක් නෙවෙයි... බැසිල් හදපු පක්ෂය. නිකන් බොරුවට ලැජ්ජා වෙවී ඉන්නවා.

:       1       22

මුණසිංහ Monday, 26 July 2021 07:49 AM

මහජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න වෙන්න ඇති...

:       0       1

Malika Monday, 26 July 2021 09:40 AM

මට නම් අහන්න වෙන්නේ මෙයාලා කවුරු නිසාද? මේ තරම් ආණ්ඩුවට ගැතිකම් කරලා ඉන්න හදන්නේ කියලා... මේ අපි මහජනතාව නිසාද? අපෝ ඔන්න එහෙනම් කිව්වා අපි මහජනතාවට නම් තාම දෙයක් කරලා නෑ මේ කිසිම ආණ්ඩුවකින්... වුනේ එයාලගේ මඩිය ගොඩ වුණා විතරයි... දැන් මේ මෙයාලා සාකච්ඡා කරන්නෙත් ඒකට තමයි. මහජනතාව ගැන හිතනවා නම් වෙන්න ඕනේ මේකේ අනෙක් පැත්ත... 69 ලක්ෂයට දැන්වත් මොලේ පෑදේවා...!!!

:       0       12

ඔබේ අදහස් එවන්න

දියත

ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 295 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 290 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 56 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 1861 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1079 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මැගසින් බන්ධනාගාරයේ ’’හලෝ’’ බෙදූ ලොකු ජේලර් සහ නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 17 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 703 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site