IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ජනපති සටනට එන්නේ නෑ

(සුජිත් හේවාජුලිගේ )

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු  වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයා වශයෙන් තමා ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත්  ඔබටත් අනෙකුත් සියලුම දේශපාලන නියෝජිතවරුන්ටත් හෘදයාංගම ස්තූතිය පුද කරන බවද ඔහු  එම ලිපියෙන් දන්වා  ඇත.

පක්ෂයේ උන්නතිය සහ ඉදිරි කටයුතුවල  සාර්ථකත්වය උදෙසා සුබ පැතුම් පිරිනමන බවද ඔහු එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (17)

ජනපති සටනට එන්නේ නෑ

Saman Tuesday, 06 August 2024 08:33 PM

මිනිහා දන්නවා හොඳට ම නාන්න වෙනවා කියලා.

:       2       13

Prabha Tuesday, 06 August 2024 08:44 PM

මහා ව්‍යාපාරිකයාට පච වුණා ඇති කියලා හිතෙන්න ඇති.

:       2       13

මහසෙන් Tuesday, 06 August 2024 08:52 PM

පිහිය රත්තරන් කියලා කවුද කැමැති පිහියෙන් ඇන ගන්න. ගන්නා බොහෝ තීරණ වලදී ගණිතමය තීන්දු ගන්නා මෙයා මේ වෙලාවේ බෙල්ල දේවී කියලා හිතන්නේ කොහොමද?

:       0       0

Shan Tuesday, 06 August 2024 09:01 PM

ජනතාව මොනවා කළාටද ඡන්දෙ දෙන්නේ? තේරෙන්නේ නැහැ.

:       0       0

chandima Tuesday, 06 August 2024 09:06 PM

එක හොඳයි... පරදින පැත්තකින් ඉල්ලලා නම කැත කරගන්නවාට වැඩිය?

:       0       0

Pradeep Kumara Tuesday, 06 August 2024 09:27 PM

ආන්නේකයි. තමන්ගේ තරම දැන ගෙන වැඩ කලාම හොඳටම හොඳයි. එංගලන්තයේ රෝහල් අපද්‍රව්‍ය හොර රහසින් මෙරටට ගෙන්වා මුදල් ඉපයූ, තමන්ගේ කර්මාන්තශාලා වලින් පිටවන අහිතකර රසායන ද්‍රව්‍ය නිසා අහිංසක මිනිස්සුන්ගේ පානීය ජලය ටිකත් අහිමි කෙරූ තමන්ට මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න තරම් බුද්ධිමත් වීම සතුටුදායකයි.

:       0       0

යෝගා Tuesday, 06 August 2024 09:39 PM

මොළේ පෑදුනා එහෙනම්. මේකට බැස්සනම් බිස්නසුත් විනාශ කරගෙන, සල්ලිත් නැතිකරගෙන, එක එකාගෙන් කුණු බැනුනුත් අහගෙන පච වෙන්න තිබුණ.

:       2       1

සෞදි-සිංහ Tuesday, 06 August 2024 10:11 PM

ධම්මික ජනාධිපතිවරණ සටනින් ඉවත් වෙන්න හේතු වෙන්න ඇත්තේ බංගලාදේශයේ ඇතිවී තිබෙන තත්වය විය හැකියි. බංගලාදේශයේ ඇති ආයෝජන වලට ඇති විය හැකි බරපතල අලාභයන් සහ ඡන්ද වියදම් තනිව දරා ගැනීමට සිදුවීමත් යන කාරණාවත්, නියත පරාජයත් උපදේශකවරු අවබෝධ කර දෙන්නට ඇති...

:       2       4

sunil Tuesday, 06 August 2024 10:49 PM

පරදින්ට බය වුනා නේද?

:       2       7

විජිත් Tuesday, 06 August 2024 11:37 PM

එයා ආවත් එකයි නාවත් එකයි. අපිට එයාව කොහොමත් තර්ජනයක් නොවෙයි. ආවොත් එයාගේ හොර, මගඩි, ජාවාරම් වලින් උපයපු සල්ලි වලට වඩා , රටේ මහජනතාවගේ ශක්තිය බලය පෙරමුණ අරගෙන ජාතික ජනබලවේගය විශාල ජයග්‍රහණයක් ලබනවා. මාලිමාවට ඡන්ද කෝටියක් !!!

:       6       4

C.K.Lankaputhra Wednesday, 07 August 2024 01:13 AM

ජනාධිපති තරඟයට හිටපු එකම එක කුණු ඒජන්සිය එ⁣හෙනං එලියට. හැබැයි ඒ වෙනුවට වැසිකිලියක් එනවලු කියන්නේ.

:       3       9

සත්‍යපාල Wednesday, 07 August 2024 03:58 AM

බැරිදේ පුලුවන්ද දත්මිටි කෑවාට කියන්නෙ ඕකට තමයි උන්නැහේ .ඔය රාජපක්ෂලා ඔවුන්ගෙන් පිටස්තර කිසිවෙකුට නැගීසිටීමට ඉඩක් දෙන්නෙ නැහැ .ඒක තේරුම් අරගෙන පැත්තකට වෙලා පුළුවන් වැඩක් කරගෙන ඉන්නකෝ.එහෙම නැත්නම් සුදුස්සාට සුදුසු තැන ලැබෙන පක්ෂයක් සමග සම්බන්ධ වෙන්න.එහෙමත් නැත්නම් DP Education තවත් ප්‍රවර්ධනය කරල ඊළඟ වතාවේ ස්වාධීනව නැගිටලා ඉදිරිපත් වෙන්න .අපි කලින්ම කිව්වෙ මෙවර ඔහේට බැහැ කියලා තමයි.කොහොම කිව්වත් රාජපක්ෂලා ළග සිටින කිසිම කෙනෙකුට ඔවුන්ට ඉහලින් යන්න නම් දෙන්නෙම නැහැ. කොහොම හරි ලංකා පාලනයේ විශාල වෙනසක් වෙලා පවුල් පාලන ක්‍රමය ලංකාවෙන් තුරන්වේවි කියලා හිතෙනවා..

:       2       6

Marikkar Wednesday, 07 August 2024 06:30 AM

ලංකාව දියුණු කරන්න බ්‍රිතාන්‍යයෙන් තව තවත් කුණු ගෙන්වාගන්න අපි ධම්මික ට ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා.

:       2       11

අබිලින් Wednesday, 07 August 2024 06:48 AM

සල්ලි තිබුනට මොළයක් ගෑවිලාවත් නම් නැහැ නැත්නම් තමන්ගේ ධනය කාලය නාස්ති කරගෙන රටේ නායකත්වය සදහා ඉදිරිපත් වෙන්න කියලා පස්සෙ බොරුවට නෑ දෙන්න බැහැ කිව්වම ලැජ්ජාවක් හා ආත්මාභිමානයක් තියෙන කෙනෙකුට තවදුරටත් එහෙම පක්ෂයක රැදී ඉන්න පුලුවන්ද ඕක ඉතින් මහමුදළි කමටත් වඩා ලොකුයිනේ.

:       2       2

Kazi Shajahan Wednesday, 07 August 2024 09:02 AM

ධම්මික කියන්නේ ව්‍යාපාරිකයෙක් නේ... ආයේ කැමති නෑ ලාභයක් නැති වැඩ වලට අත ගහන්න.. ධම්මික දන්නවා දැන් පොහොට්ටුව පරදිනවා කියලා ඇපත් නැතුව

:       3       17

fairoos Wednesday, 07 August 2024 11:33 AM

අනේ බොහොම ස්තුතියි

:       2       16

Kamal Koyrala Wednesday, 07 August 2024 01:48 PM

කොහොමද රාජපක්ෂලාගේ ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන් . ඔයාගේ එකට වැඩිය ඇඩ්වාන්ස්. අපරාදේ බද්දට පොල්ල තියාගෙන සූදු කෙලගෙන සුද්දන්ගේ කුණු ඇදගෙන රට ගඳ ගස්සගෙන ඉන්න තිබුනා අය්යෝ සල්ලි

:       2       9

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 41 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 216 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 267 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 328 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


අනියම්‌ පෙමට ගිනි තබා ගත් සැරයන් මරුට
2025 අප්‍රේල් මස 21 659 0

අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස


’’මගේ ලෝයර් තාම පිටරට’’
2025 අප්‍රේල් මස 21 1019 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 473 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site