IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජනපති සටනට පෙරටුගාමීන් සූදානමින්

(අමිල චින්තක ගමගේ)

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය අනිවාර්යයෙන්ම තරඟ කරන බව ජන අරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන ලංකාදීපයට පැවසුවාය.

බොහෝ විට එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා නොවන බවත් අලුත්ම අපේක්ෂකයෙක් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇය කීවාය.

ලබන සතියේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බවත් එහි කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඇය පැවසුවාය.

මේ වන විට ජන අරගල සන්ධානය වටා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය, සමාජවාදී ජනතා සංසදය ආදී සමාජවාදී පක්ෂ මෙන්ම වාමාංශික සමාජ ක්‍රියාකාරීන් ,සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටින බවද විධායක කමිටු සාමාජිකාව පැවසුවාය.

ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද අලුත්ම කණ්ඩායමක් ඉදිරිපත් කරන බවද ඇය කීවාය.

කිසි ලෙසකින්වත් ඉතිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂකයාට සහාය නොදක්වන බවද කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බවද ඇය කීවාය.



අදහස් (10)

ජනපති සටනට පෙරටුගාමීන් සූදානමින්

Kumara Wednesday, 24 July 2024 03:02 PM

පහුගිය සැරේ ඡන්ද 9,000 ක්ද කොහේද ගත්තා. මේ සැරේත් ඒ ප්‍රථිපලයම තමයි...

:       6       46

Prabha Wednesday, 24 July 2024 03:04 PM

සිහින ලෝකවල ජීවත් වන ජීවීන් කොට්ඨාසයක් තමයි මේ...

:       5       50

Nilantha Wednesday, 24 July 2024 03:43 PM

සහතික ඇත්ත පාර්ලිමේන්තුව මැතිවරණයෙන් එකම ආසනයක් (ලංකාවේ තිබුණු මැතිවරණ ආසන) හෝ දිනුවොත් නොවැරදීම බස්නාහිර පැත්තෙන් ඉර පායාවි. මොවුන් ලංකාව අගාධයට ගෙනයන පෙරටුගාමීන් මිස රටේ සංවර්ධනය පෙරට ගෙන යාමේ පෙරටු ගාමීන් නොවෙයි...

:       2       40

Swene Haputhantirige Wednesday, 24 July 2024 03:27 PM

සමාජවාදී රටවල් දැන් ඇත්තේම නැහැ. යතාර්තයට මුහුණ දී ජා.ජා බල සහයෝගය නොදී භේද කිරීම පොහොට්ටුවේ හෝ රනිල්ගේ හෝ දිනුමට අත වැනීමකි..!

:       6       36

රංබොඩ Wednesday, 24 July 2024 03:47 PM

කෑ ගහන එකයි, වැඩවරන එකයි විනයක් නැතිව හැසිරෙන එකයි කරගෙන ඉන්නේ නැතිව හඳ අල්ලන්න හදනවා.

:       2       34

විනිතා අලුත්ගේ Wednesday, 24 July 2024 03:56 PM

මේ අයගෙ සටන තියෙන්නේ ජාතක ජන බල වේගය සමගයි. කුහකයෝ රංචුවක්.අපි උඹල ගැන යමක් හිතාගනෙ හිටිය. නමුත් දැන් ඒ ටිකත් නැතිවුනා. ඔයිට හොදයි උබළ රනිල්ටම ඡන්දෙ දුන්නනම්.ඡන්දෙට ඇවිල්ල බලපල්ලගො උඹලගෙ තරා තිරම.

:       6       21

DMS Dissanayaka Wednesday, 24 July 2024 03:57 PM

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ ඉතාම ළදරු කණ්ඩායමක්. ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉතාම හොඳයි. ප්‍රතිපත්ති හොඳ වූ පමණින් රටක දේශපාලනය කරන්න බෑ. ඉස්සෙල්ලා සංවිධානය හදාගන්න ඕන. ප්‍රාදේශීය මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් තියා පළාත් නවයට ඉන්න නායකයෝ නවදෙනා කවුද කියලා මිනිස්සු දන්නේ නෑ. ළදරු වියේදී ජනාධිපති ඡන්දයට ඉල්ලන්න වගේ ලොකු වැඩ කරන්න ගියොත් ළදරු වියේම විනාශ වෙලා යනවා. ඒ නිසා මුලින් කරන්න ඕන දේවල් ටික කරගෙන හිටියොත් අනාගතයක් තියේවි.

:       1       16

shantha Wednesday, 24 July 2024 05:24 PM

මට හිතෙන්නේ ඔබලාගේ පිටුපස රනිල්ගේ අවතාරයක් හොල්මන් කරනවා කියලයි. මේ ඡන්ද කඩන ගේමක්ද? පෙරටුගාමීන්ගේ සමාජවාදී වැඩ පිළිවෙල කියලා කියන්නේ ඉස්සර රුසියාවේ තිබුණු පෝලිම් සමාජ වාදයද? නැත්නම් උතුරු කොරියාවේ වගේ එකම විදිහට කොන්ඩේ කැපීමද? ඒවාට ඡන්දෙ දෙන්න මෝඩයෝ මෙහෙ නැහැ. ජාතික ජනබලවේගය කියන්නේ නවයුගයට ගැලපෙන සමාජවාදී අදහස් ඇති ප්‍රබල පක්ෂයක්. රටේ ජනතාවගෙන් බහුතරයක් අද සිටින්නේ මාලිමාව සමගයි.

:       14       19

Siribiris Wednesday, 24 July 2024 06:22 PM

මම බැලුවේ පිටිපස්සේ තියන පින්තූර දිහා...! 

:       0       9

Jayasekara Thursday, 25 July 2024 12:30 PM

"පෙරටුගාමීන්".. "අරගල කරුවන්".. මේ වචන ටික ඇහෙනකොටත් බඩ දඟලනවා .ඒ තරමටම අප්පිරියයි .රැට්ටා ව දාන්න චන්දෙ ඉල්ලන්න .එයා තමා සුදුසුම කෙනා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1501 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1989 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 469 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3090 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2503 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1832 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34724 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site