IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු විය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා පවර් මහත්මිය අදහස් හුවමාරු කර ගත් අතර ඉදිරියේ දී ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමේ අවස්ථා පිළිබඳවද සාකච්ඡා කළහ.

රජය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ ප්‍රතිපත්ති අතර පවතින සමානතාව ද මෙහිදී පෙන්වා දුන් සමන්තා පවර් මහත්මිය ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කාර්යයන් සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පූර්ණ සහාය ලබා දෙන බව  ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළාය. 

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට මෙන්ම  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ඉහළ නැංවීමටත් එම කටයුතු ඉවහල් වනු ඇති බව ද සමන්තා පවර් මහත්මිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය. 



අදහස් (4)

ජනපති- සමන්තා පවර් සාකච්ඡාවක්

Wanasinha Friday, 11 October 2024 11:01 PM

සමන්තා පවර්ලා එහෙම ලංකාව නැසීමට තැත්කළ අය... බලාගෙන...

:       1       7

de silva berlin Saturday, 12 October 2024 04:03 AM

අනුර සමන්තගේ පවර් එක ගැන වැටහුණාද? ඇමරිකාව ඔබ සමග සාකච්ඡාවට නිලධාරීන් ලෙස එවන්නේ, වලපය ගොඩපය සිටින නිලා වික්‍රමසිංහ, රෝහණ බැද්දගේ වැනි විෂය පිළිබඳ කිසිම දෙයක් නොදන්නා වයෝවෘද්ධ පුද්ගලයින් නොව විෂය පිළිබඳ පුර්ණ දැනීමක් ඇති අවම වශයෙන් විෂය පිළිබඳ ආචාර්ය උපාධි දරන පළපුරුදු පුද්ගලයින්, ඔබටත් පුළුවන් අනාගතේ ශ්‍රී ලංකාවට මෙවැනි විදේශ දුත නිලධාරීන් බිහිකිරීමට අඩිතාලම දමන්න... අනාගතේ ලංකාවේ විදේශ සේවය විෂයක් ලෙස විශ්ව විද්‍යාලවල උගන්වන්න.. ඉන්පසු පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගන්න විදේශවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල නිලධාරීන් ලෙස යන පුද්ගලයින්ට විදේශ සේවයට අදාල උපාධියක් තිබිය යුතුයි කියලා, එහෙම කලොත් ලංකාවට හොඳ කාලයක් උදා වේවි..!

:       1       16

අමල් Saturday, 12 October 2024 06:37 PM

ගූගල් ට්‍රාන්ස්ලේටර් තිබුන හින්දා හොඳයි - නැද්ද සහෝ !

:       4       3

de silva berlin Saturday, 12 October 2024 08:42 PM

විදේශවල දැනට සේවය කරන ශ්‍රී ලංකා තානාපති නිලධාරීන්ගෙන් 75% පමණ අදාල විෂය ගැන දැනුමක් නැහැ. එමනිසා විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ දුක් විඳිනවා. රටට ලබාගන්න පුළුවන් අනෙක් ප්‍රතිලාභ ලබාගන්නත් බැහැ. විශ්‍රාමික හමුදා නිලධාරීන්, වෛද්‍යවරු, කලාකාරයෝ මෙහේ එවීමෙන් වැඩක් නැහැ... යුරෝපේ රටවල කරන විදිහට විදේශ සේවය අනිවාර්යයෙන්ම විෂයක් ලෙස විශ්ව විද්‍යාලල උගන්වලා, උපාධිය සම්පූර්ණ කරපු පුද්ගලයින් පමණක් මෙහේ එවන්න. නිලධාරීන්ගේ පළපුරුද්ද, කැපවීම සහ විෂය පිළිබඳ ඇති දැනුම පාදක කරගෙන ඔවුන් ශ්‍රේණිගත කරන්න තානාපතිවරු පත්කරන කොට විදේශ සේවයේ අනිවාර්යයෙන් වසර 10වත් සම්පුර්ණ කරපු අය පත්කරන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 470 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 23 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 60 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මන්නාරම -තලෙයිමන්නාරම පාර වසා උද්ඝෝෂණයක්
2024 නොවැම්බර් මස 25 320 0

තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා


නිවාස බාර නොදී හිටපු මන්ත්‍රීවරු 5ක් විදේශ ගතවෙලා
2024 නොවැම්බර් මස 25 1663 0

හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.


මත්ද්‍රව්‍ය බෙදූ පෞද්ගලික සරසවි සිසුන් 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 726 0

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site