IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


ජනපති හෙට ජාතිය අමතයි

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  හෙට  රාත්‍රියේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත.

රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා එහිදී රට හමුවේ කරුණු පැහැදිලි කරනු ඇතැයි වාර්තා වේ .

මේ අතර, ජනාධිපතිවරයා හෙට (21) දිනයේ දී මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ,රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

 



අදහස් (39)

ජනපති හෙට ජාතිය අමතයි

අජිත් Thursday, 19 August 2021 10:25 PM

හෙට පරිප්පු සහ සැමන් ටින් වල මිල අඩු කිරීමට නියමිතයි.

:       44       21

pakeer Thursday, 19 August 2021 10:38 PM

මෙතුමාව නම් ජනතාව දැන් හොඳට අමතනවා

:       70       22

දහනායක Thursday, 19 August 2021 10:43 PM

සතුටුයි.ගොවි ජනතාව ගැනත් බලන්න.

:       9       25

Ratne Thursday, 19 August 2021 11:01 PM

ඔබතුමන් 100% ක් අසමත් බව තහවුරු වී ඇත. 2015 ට පෙර, 2015-2019 සහ ඉන් පසු දුෂණ, වංචා, මැරකම් සිදු කිරීම් සම්බන්ධ ඔබ තුමන්ගේ නෑදෑ, හිතමිතුරු සියල්ලන් මේ වන විට නිදහස් කරගෙන ඇතැයි සිතමි. තවත් කිහිපදෙනෙක් හෝ චෝදනා සහිතව ඇත්නම් ජනපති බලතල යොදාගෙන ඔවුන්ද නිදහස් කර, ඔබතුමන් තනතුරින් ඉල්ලා අස්වීමට හෝ දෛනිකව සිය ගණනින් මිය යෑම වැළැක්වීමට යම් ඵලදායි උත්සහයක් ගන්නා ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. එසේ නොවන්නේ නම් ඔබ බලයට පත්කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ මා ඇතුළු 69 ලක්‍ෂය අතුරින් අති බහුතරයේ පසුතැවිල්ල ඔබතුමන් හට සාපයක් වීම වැළැක්විය නොහැක.

:       63       33

chandanaSunday, 22 August 2021 08:55 AM

ඔබගේ අනෙකුත් අදහස්ද බැලූවිට ඔබ 69 ලක්ෂයේ අයකු නොවේ. ශාපයන් ඔබ වෙතම පාරාවලල්ලක් විය හැකි බවත් හිතට ගන්න. ජනාධිපතිවයා පත්කර ඇත්තේ රට වෙනුවෙන් අසීරු තීරණ ගැනීමට මිස ජනප්‍රිය පහසු තීරණ ගැනීමට නොවේ. රාජපක්ෂවරු හැමවිටම බහුතර හඬට සංවේදී වෙමින් අසීරු තීරණ ගෙන ඇති බව ඔප්පු කර ඇත. වෙනත් කිසිඳු නායකයකු එසේ කර නැතිවාක් මෙන්ම එසේ කළ හැකි බවට ඔප්පු කොට නොමැත. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් ප්‍රකාශ කළ හැකි වුණත්, රටක් පාලනය ගොනුන්ගේ තප්පුලෑම මත සිදුකළ නොහැකි බව සිහි තබා ගන්න...

:       1       0

bandara Thursday, 19 August 2021 11:09 PM

අවසන් තීරණය රට නොවැසීම නම් අහිංසක මහජනයාට දෙවියන්ගේම පිහිටයි.

:       48       13

Raveendra Thursday, 19 August 2021 11:18 PM

ඡන්දෙට කලින් අතේ බැන්ඳේ පිරිත් කඹ. දැන්නම් අතේ තියෙන්නේ ඥාණක්කාගේ රතු නූල....

:       49       22

Shan Thursday, 19 August 2021 11:35 PM

කියන්න දෙයක් ඉතුරු වෙලා තියනවද ?

:       32       17

සිරිබිරිස් Friday, 20 August 2021 12:25 AM

ගිය පාර ජාතිය ඇමතූව මතකද ? බාගයක් අහනකොට එපා උනා . ඒක නිසා මෙදා පාර කලින්ම තීරණය කරා මොකක්ද කරන්න ඕන කියලා . ඕක අහල වෙලාව නාස්ති කර ගන්නේ මොකටද .

:       42       15

Ran Friday, 20 August 2021 12:47 AM

අර අලුතෙන් ගත්ත මාධ්‍ය ඔස්තාර්ලා " පාස්පෝර්ට් එකෙන් විතරක් නොවේ.., වැඩකිඩ වලිනුත් ඇමෙරිකන්" කියලා පෙන්වන්න හදලා දුන්නු කාමරයේ ඉඳලා වෙන්න ඇති මේ සැරේ ජාතිය අමතන්නේ. ජාතිය නම් හැම දවසකම උදේ, හවා... ලුණු, මිරිස් ඇතුව එතුමා අමතන එක ආරංචි වෙලා වෙන්න ඇති මගේ හිතේ...

:       26       17

කරුණාජීව Friday, 20 August 2021 01:03 AM

ජනාධිපති, ජාතිය ඇමතීමට පෙර ..ජාතිය විසින් ජනාධිපති අමතා අවසන්...!!!

:       24       19

Rata Perata Friday, 20 August 2021 01:06 AM

ජාතිය ඔබගේ ජාතකය අමතනු ඇත...

:       54       20

Demuni Uduwara Friday, 20 August 2021 03:05 AM

ඔබ ජාතිය අමතන විට, නියමිත වේලාවට එන්නත් ඇණවුම් කිරීමට අපොහොසත් වීම, දකුණු ආසියාවේ සෙසු රටවලට සාපේක්‍ෂව මරණ 6790 ක්, කාර්ය සාධක බලකායේ මැදිහත්වීම, කොවිඩ් -19 සංඛ්‍යාලේඛන විෂමතාව, බදු ප්‍රතිශතය 15 සිට8 දක්වා අඩු කිරීම ගැන කතා කිරීමට අමතක නොකරන්න.

:       29       12

jagath Friday, 20 August 2021 05:11 AM

හොඳටම කරපු හැටි කියන්නද.?

:       39       17

de silva Friday, 20 August 2021 05:19 AM

ඕක අද කරන්න බැරි මොකද ?

:       26       11

ලුම්බිණි Friday, 20 August 2021 06:05 AM

ජාතිය ඇමතීමෙන් පමණක් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ ජනාධිපතිතුමා...

:       32       16

ලමය Friday, 20 August 2021 06:46 AM

මොන බොරුවක්ද කෙලින්නෙ කියලා අහගෙන ඉදියි කට්ටියම.

:       18       13

මහසෙන් Friday, 20 August 2021 07:05 AM

සමස්තයක් ලෙස රටේ වැඩි පිරිසක් දිනපතාම ඔබව අමතන වෙලාවක ජාතිය ඇමතීම හොදයි.කේවට්ටයොයි,ඝට්ටැබියොයි,අරන්මොල හතේ කෙනයි දෙන උපදෙස් අනුවම අද කතාව කරන්න.රටකට පලමුව වටින්නේ මානව සම්පත.නමුත් මෙහෙට සල්ලි . මීනි කඳු උඩින්ම.ගමන යන්න.මං පොර මානසිකත්වයෙන්ම ඉන්න .ඔබට ජය

:       20       13

සෑම් Friday, 20 August 2021 07:46 AM

හුටා, හෙට රෑට තවත් විනෝද සමයක් බලන්න පුළුවන් . බයිට් ලැහැස්ති කරගෙන ඉන්න

:       28       20

Chamara Friday, 20 August 2021 08:03 AM

ඔක්කෝම කියන්නේ වහන්න කියලා. මම වැඩට ගියොත් විතරයි පඩි හම්බවෙන්නේ. නැත්නම් 14200 දෙන්නේ. අම්මා අසනීපෙන් ඉන්නෙත්, ගෙදර කටවල් 4ක් පුරවන්න ඕන.

:       17       70

සිරිබිරිස් Friday, 20 August 2021 08:21 AM

අමතනවා , අමතනවා . පත් උන දවසේ ඉඳල හොඳටම අමතනවා .

:       27       14

රුචිර දෙමටගොඩ Friday, 20 August 2021 08:25 AM

ජනාධිපතිතුමනි, ලොක්ඩවුන් කාලසීමාවේ සේවයට කැඳවන සේවකයන්ට වැඩකරන දින වලට පමණක් වැටුප් ගෙවිය යුතු චක්‍රලේඛයක් හදන්න. සුලු ව්‍යාපාරිකයො වශයෙන් වැඩ නොකර පඩි ගෙවන්න අපට අපහසුයි. පසුගිය ලොක්ඩවුන් කාලයේ කිසිදු දිනක ආයතනය විවෘත නොකර මාස දෙකක පඩි දෙන්න උනා. රාජ්‍ය සේවකයන්ට සම්පූර්ණ වැටුප් ලැබෙන නිසා නිරෝධනය නීතීන්ට යටත්ව අනිවාර්යයෙන් වසා තැබිය යුතු ආයතන සේවකයින් පිලිබද කිසිදු හැගීමක් නෑ. මෙවන් ව්‍යසනකාරී අවස්ථාවක රට වෙනුවෙන් හැමෝම කැපවීම් කරන්න ඕනෙ.

:       2       24

Roshan Friday, 20 August 2021 08:34 AM

අපි තමයි හොඳටම කරේ කියන්නේ බැරිබැරියාව වහගන්නද? එක පැත්තකින් මිනිස්සු මැරෙනවා... මේ වෙලාවේ හැටියට එක වේලක් ඇර එක වේලක් හරි කාලා ඉන්න නෑ... බඩුමිල අහස උසට. සීනි 175 පරිප්පු පිටකොටුව තොග මිල 210/= හාල් 100-120යි. කිරි පිටි නෑ, ගෑස් නෑ මේ ජනාධිපති කරපු ලොකුම වැරැද්ද පී බී ජයසුන්දර වගේ කෙනෙක් ජනාධිපති ලේකම් කළා. මහින්දානන්ද, ජොන්ස්ටන්, රෝහිත අබේගුණවර්ධන වගේ අයට ඇමැතිකම් දුන්නා. බන්දුල වගේ අසමත් කෙනෙක්ටත් ඇමතිකම් දුන්නා..

:       26       14

Ratne Friday, 20 August 2021 09:10 AM

කලබල නොවන්න ඒ දෛනිකව කොවිඩ් ආසාධිතව මියයන සිය ගණනක් වන ලාංකිකයින්ගේ නික්මයාම ශබ්ධ තරංග බවට පරිවර්තන වීමෙන් ඇතිවන දෝංකාරයයි.

:       24       9

Chandima Friday, 20 August 2021 09:34 AM

මොකද රාත්‍රිය වෙනකම් ඉන්නේ ?

:       21       7

kamal Friday, 20 August 2021 10:10 AM

ගිය සැරේ ඇමතීම වගේ වෙයිද සර්.?

:       27       8

Sumane Friday, 20 August 2021 10:32 AM

69 ලක්ෂයේ මෝඩයින්ට සුරඟනා කතා ටිකක් කියාවි අහගෙන ඉඳලා කිරිබත් කාපල්ලා... කොල්වින් ආර් ඩි සිල්වා වරක් ජේ.අාර්. ගෙන් මෙසේ ඇසුවේය.. "බැරි වෙලාවක හරි පිස්සෙක් මේ තනතුර පත්වුණොත් මොකද වෙන්නේ"

:       63       41

Buddika Friday, 20 August 2021 10:53 AM

ජාතිය අමතලා මොනවා කිව්වත් ජනාධිපති ජාතියේම අප්‍රසාදයට, කෝපයට හා පිළිකුලට ලක්වී අවසානයි. ජනහඬට කන් නොදෙන හිතුවක්කාර, උද්දච්ච පාලනයක් ලෙසයි දකින්නේ. අද මුළු රටම කොරෝනා භීතියෙන් වෙළිලා... නගරවල කඩ ඇරියට මිනිස්සු නෑ. මිනිස්සු මැරෙද්දි කොහොමද ආර්ථිකය ගොඩ එන්නේ..? අපිට නම් මේ නමවත් එපා...

:       113       44

ChathuraFriday, 20 August 2021 11:36 AM

ඔබතුමා අකැමැති වෙන්න ඕනෑ නිදහසේ උද්ඝෝෂණය කර ලෙඩේ පතුරවපු අයට... ආයෙත් රට සාමාන්‍ය තත්වයට පත්කරපුවාම උද්ඝෝෂණ වලට උඩගෙඩි දෙන්න ඉන්න අයට..

:       15       47

sachithFriday, 20 August 2021 01:09 PM

මේක ඇත්තනම් මෙලහකට වාර්තා එක්ක දානවා අර පොකුර මේ පොකුර කියලා.

:       38       8

කවිදු Friday, 20 August 2021 11:33 AM

රට බේරගන්න කියලා ආපු අයගේ අන්තිමට පණ බේරගන්න වුනේ..!!!

:       37       24

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Friday, 20 August 2021 11:39 AM

ජනපති ජාතිය අමතනකොට ජනතාව ජනපතිගේ මව මතක් කරලා අමතනවා. ලක්ෂ 69ක් මරලතෝනි දෙනවා. ඉන්න ආණ්ඩුවයි, විපක්ෂ දේශපාලන පක්ෂයි බිලි පූජාව තියෙනවා.. අපේ හාමුදුරුවනේ, මව්බිමට වෙච්චි දෙයක්...

:       20       10

Nuwan Friday, 20 August 2021 11:42 AM

අපි නම් උදේ හවා ඔබතුමා අමතනවා..!!!

:       16       13

Sena Friday, 20 August 2021 12:29 PM

තව සුමානෙකට විතර විහිළු සපයයි.

:       31       15

aloka Friday, 20 August 2021 01:15 PM

හරි උපාය මාර්ගවලින් මේ මරණ අඩු කරන්න. මිනිස්සු මොනතරම් මරණ බියකින්ද ඉන්නේ? එ්ක තේරුම් ගන්නේ නැතිව අමතලා මොනවා කියන්නද?

:       28       6

පිටිගල මිලානෝ Friday, 20 August 2021 01:20 PM

තවත් කවුරුහරි මැරයෙක්ව හිරෙන් නිදහස් කරන්න වත්ද..?

:       22       12

Hafeel Friday, 20 August 2021 02:01 PM

අර අලුතෙන් ගත්ත මාධ්‍ය ඔස්තාර් ඉන්න තැන හිටියා නම්, අද මෙහම බාල්දු වෙන්න නැහැ.

:       14       4

ජය Friday, 20 August 2021 02:24 PM

අද උදේ ගමේ කඩේට ගියා ගෙදටර අවශ්‍ය සිල්ලර බඩු ටිකක් ගේන්න. දෙළෝ රත් වුණා අලුත් මිල අහල-ඇයි මෙහෙම අපිටම වෙන්නෙ. ජනාධිපති තුමනි. දුප්පත් ජනතාව ජීවත්වෙන්නෙ හරිම අමාරුවෙන්. එහෙමත් වෙද්දි බඩු මිල්ත් වැඩිකරන එක සාධාරණද, කරුණාකරල ස්ථිර ආදායමක් නැති ජනතාවටත සහනයක් සලසන්න

:       21       5

රෙක්ස් Friday, 20 August 2021 07:41 PM

මට ඇහුනේ නෑ... මොකක්ද කිව්වේ? ජාතකය අමතයි...ද?

:       11       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දියාව - උණුසුම් වෙයි
2025 අප්‍රේල් මස 24 1963 0

පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි


ගිනි අවි, උණ්ඩ, කුඩු සමග තුනක් සැකපිට
2025 අප්‍රේල් මස 24 371 0

මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග


භාණ්ඩාගාර ලේකම් අයි.එම්.එෆ් උදව් සිහිපත් කරයි
2025 අප්‍රේල් මස 24 658 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය


‘‘පුංචි ඡන්දෙ පරදින බව මාලිමාව දන්නවා‘‘
2025 අප්‍රේල් මස 24 989 2

මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි


රත්නපුර රෝහලේ 147ක ඩෙංගු වැළඳේ
2025 අප්‍රේල් මස 24 174 0

රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ


හිටපු ඒ.එස්.පී. නෙවිල්ට ඇප
2025 අප්‍රේල් මස 24 634 1

වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 728 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 358 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 509 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site