IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


ජනපති හදිසියේ හෝර්ටන් තැන්නට

(අංජුල මහික වීරරත්න)

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි   හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අද (15) පෙරවරුවේ  නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.



අදහස් (20)

ජනපති හදිසියේ හෝර්ටන් තැන්නට

pipena pohotu Friday, 15 December 2023 05:28 PM

රනිල් බොසා කියන්න අපි ඔය කැලෑ එළි කරන්නම් ඔබ වෙනුවෙන්. අපිට ලබන පාර නාමල් මහත්තයෝ උදව් වුණේ. ජයවේවා..!

:       13       15

සිරිබිරිස් Friday, 15 December 2023 05:39 PM

ඒක නම් එච්චර සුබ නැහැ. ලොක්කා විකුණන්න දෙයක් හොයාගෙන තමයි ඔය යන්න ඇත්තේ...!

:       8       36

Akila Friday, 15 December 2023 05:41 PM

හාමුට තමන්ගේ කුඩේවත් ඉහළාගෙන යන්න බැරි අධි මානසිකත්වයකින් පෙළෙන බව පේනවා...!

:       7       48

samanSaturday, 16 December 2023 08:42 PM

මෙයා කොහොමද හාමු වුනේ? මොවුන්ගේ පරම්පරා 4කට කලින් ඔවුන් ඉන්දියාවේ සිට පැමිණි වඩිග කියන ඉන්දියන් කාරයෝ. ඔවුන් පෘතුගීසි කාරයින්ට ගොට්ට අල්ලලා, සන්තෝසම් ලෙස දුප්පත් මිනිස්සුන්ගේ ඉඩම් ලැබුණ හොරු. ඊට පස්සේ මොවුන් වලව් කෑල්ලක් ඉස්සරහට දමාගත්තා.

:       1       0

අරවින්ද මොනරවිල Friday, 15 December 2023 06:20 PM

ඕකා ගියොත් එතැන විනාශය කරනවා. හෝටන්තැන්නත් මොකෙක් හරි පරයෙක්ට විකුණලා කීයක් හරි සාක්කුවට දා ගනියි.

:       9       45

රංබොඩ Friday, 15 December 2023 06:28 PM

විකුණන්නද දන්නේ නෑ අර අඳින්නේ...? වැට් ගහනවා.. විකුණනවා. හොඳ සේල්ස්මන්...!

:       8       30

nanda Friday, 15 December 2023 08:21 PM

පව්.., රටට වෙලා තියන නස්පැත්තියක්...

:       0       0

චන්දන Friday, 15 December 2023 08:35 PM

ෂුවර් එකටම සංචාරක බංගලාව ඇතුළු ප්‍රෙද්ශය සංවර්ධනය කියලා නම දාගෙන විදෙස් කොම්පැනියකට දෙන්න මාන බලන්නේ... දැනටමත් යටින්ගේමක් යනවා ඇති ෂුවර්...!

:       0       0

pakeer Friday, 15 December 2023 09:16 PM

විනාසයි... හෝටන් තැන්න දැනටමත් කාලා තියෙන්නේ... ඉතුරු ටිකත් කනවා වගේ...

:       0       0

වර්නකුල Friday, 15 December 2023 11:42 PM

සියලු ඉඩම් එක සිතියමකට ගන්න කියන්නේ හිතවත් කෙනෙකුට කුණුකොල්ලයට විකුණන්න තමයි...!

:       0       0

Perera Saturday, 16 December 2023 02:44 AM

අදානියාට ඕකත් විකුණන්න වෙන්න ඇති කල්පනාව...!

:       0       0

Rosa Saturday, 16 December 2023 03:42 AM

උඩ මහත්තුරු සේරමලා කියලා තියෙන්නේ සහතික ඇත්ත... මෙයා ඔහේ ගියේනං හොඳකට නෙමෙයි... ඉන්දියාව හරි, චීනේ හරි ඕක ඉල්ලලා ඇති ෂූවර් එකටම... මෙයා ගියේ මායිම් ටික හරියට බලං එන්න.

:       0       0

ලුම්බිණි Saturday, 16 December 2023 04:06 AM

තමන්ට කුඩයක් අල්ලාගෙන යන්න තරම් හැකියාවක් නැති මිනිහෙක් රට හදයිද...?

:       0       0

Nimal Saturday, 16 December 2023 07:39 AM

හෝටන් තැන්න ක්‍රීඩා පිටියකට දෙමු... සමනල කන්ද බදු දෙමු හෝටලයකට. කිසිම සැකයක් නැහැ... හෝටන් තැන්නත් විකුණන්නේ කෙසේදැයි බලන්න එන්න ඇති... නමුත් තව ටික දවසයි. තැපැල් කන්තෝරු ටිකවත් විකුණන්න බැරි වෙනවා...

:       0       0

ප්‍රියංකර Saturday, 16 December 2023 09:03 AM

විකුණන්න කලින් ආයෙත් ගිහින් එන්නේ ඕනේ. වැස්ස තමයි අවුල...!

:       0       0

Bunny Preena Saturday, 16 December 2023 09:29 AM

මෙතුමා කියන එකක්වත් විශ්වාස කරන්න බැහැ... කියන තරමක් කියන්නේ බොරු...

:       1       0

Rata Perata Saturday, 16 December 2023 01:59 PM

එකක් කියන්න. මේ රට විකුණන මානසික රෝගීන්ට කාලය තියෙන්නේ මාර්තු වෙනකන් විතරයි.

:       1       0

Nimal Saturday, 16 December 2023 06:26 PM

හයි එන්ඩ් ටුවරිසම් කියලා ලොක්කා මේකත් විකුණයි වගේ...!

:       0       0

rajitha Saturday, 16 December 2023 08:38 PM

මෙයාව ඔය කැලේ ඉන්න කොටියෙක්ටවත් කන්න බැරිද?

:       0       0

Kumara Saturday, 16 December 2023 10:36 PM

අනේ යන්න සාගල යන්න...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

දිස්ත්‍රික්ක හතරකට අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 07 98 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


පාසල් සිසු ප්‍රවාහනය මුවාවෙන් කුඩු බෙදලා
2024 ඔක්තෝබර් මස 07 55 0

ත්‍රී රෝද රථයකින් පාසල් ළමුන් ප්‍රවාහනය කරන අතරතුර අයිස් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ බව කියන තීරෝද රථ රියදුරකු රුපියල් ලක්ෂ 9


’’රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 600 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍


ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි
2024 ඔක්තෝබර් මස 07 352 1

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත.


’’අනුර - රනිල් ගිය පාරේ යනවා නම් අපි විරුද්ධ නෑ’’
2024 ඔක්තෝබර් මස 07 1786 7

රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන


පැමිණිල්ලට ගිය සැරයන් ගෙට දමා හිරිහැර කළ තාත්තයි දුවයි සොයයි
2024 ඔක්තෝබර් මස 07 679 0

රාජකාරිය සදහා නිවසකට ගිය පොලිස් සැරයන්වරයෙකු නිවසකට දමා දොරවල් වසා හිරිහැර කොට රාජකාරියට බාධා කොට ජංගම දුරකතනයේ දත්ත මකා දැමු බව කියන දියණියක සහ පි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39290 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25629 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1110 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site