(තරිදු ජයවර්ධන, තිලිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
පාර්ලිමේන්තුව විසිරුවා හැර මහ මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කළ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් නිවේදනය අහෝසි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය කළේ පාර්ලිමේන්තුවට විසිරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්හි තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම තීන්දුව විනිසුරුවරුන් හත්දෙනාගේම එකමතික තීන්දුවක් විය.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කාලය පළමු රැස්වීමේ සිට වසර 4 කුත් මාස 6 ක් සම්පූර්ණ වීමෙන් පසුව හෝ පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කරවාගත් යෝජනාවක් මගින් පමණක් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බව විනිසුරු සිසිර ද ආබෘෘ මහතාගේ නිගමනය විය.
තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ අගවිනිසුරු නලීන් පෙරේරා මහතා විසිනි.විනිසුරුවරුන් 5 දෙනෙකුගේ එකඟත්වයෙන් එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.
කෙසේ වෙතත් විනිසුරු සිසිර ද අබෘ මහතා පමණක් වෙනම තීන්දුවක් ප්‍රකාශයට පත් කළ අතර ඒ මහතා ප්‍රකාශ කළ හේතූන් මත ජනාධිපතිගේ ගැසට්ටුවට අවලංගු කිරිමේ අගවිනිසුරුගේ තීන්දුවට තමා ද එකඟතාවය පළ කරන බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නිසා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ද අධිකරණය තීන්දු කළේය.
අගවිනිසුරු නලීන් පෙරේරා, විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරිණි.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් 2018 නොවැම්බර් මස 09 වැනි සිකුරාදා නිකුත් කරනු ලැබූ අංක 2096/70 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අවලංගු කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් ද, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් මහතා ඇතුළු පිරිසක් ද 2018 නොවැම්බර් 12 වැනි දා උදේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ගොනු කළහ.
මෙම පෙත්සම් කඩිනමික් කැඳවීමේ අවශ්‍යතාවය මත අගවිනිසුරු නලීන් පෙරේරා , ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ එදිනම පෙත්සම් කැඳවූ අතර නීතිපතිවරයාට කරුණු දැක්වීම සඳහා කාලය අවශ්‍ය බවට ප්‍රකාශ වූයෙන් එදින පස්වරු 2 තෙක් කල් තබා සවස් වරුවේ යළිත් පෙත්සම් කැඳැවිණි.
මේ අතරතුර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු තවත් පාර්ශව කිහිපයක් ද ජනපතිගේ ගැසට්ටුවට එරෙහිව පෙත්සම් 8ක් ඉදිරිපත් කර තිබිණි. ජනපතිගේ ගැසට්ටුවට එරෙහි සියලුම පෙත්සම් නිශ්ප්‍රභා කරන ලෙස ඉල්ලමින් ජී ඇල් පීරිස් මහතා ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් 08ක් ඉදිරිපත් කළහ.
නොවැම්බර් 12 වැනි දා සවස්වරුවේ සහ 13 වැනි දා සවස 3.30 පමණ වන තෙක් පෙත්සම් සඳහා කරුණු දැක්වීම සිදුවිය. ඉන් පසුව පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීන්දු කිරීම සවස 5.30 දක්වා කල් තැබිණි. එදින පස්වරු 5.50ට පමණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විනිශ්චයාරූඪ වූ අතර පස්වරු 5.55ට පමණ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
පාර්ලිමේන්තුව විසිරුවාලමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට්ටුවට එරෙහි මුල් පෙත්සම් 10 විභාග කිරීමට නියම කළ විනිසුරු මඩුල්ල ඒ සඳහා දෙසැම්බර් 04, 05 සහ 06 දක්වා දින නියම කළේය. පෙත්සම්කරුවන් අයැද සිටි අතුරු නියෝග කිහිපයක් ද ලබා දුන් අධිකරණය දෙසැම්බර් 07 වැනි දා වන තෙක් ජනාධිපතිවරයා විසින් නිකුත් කැරුණු ගැසට්ටුව තාවකාලිකව අත්හිටැවූ අතර ඒ වන තෙක් මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝග කළේය.
ජනාධිපතිගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින් ගොනු කළ ඉතිරි පෙත්සම් අට ද අවස්ථා දෙකකදී කැඳවුණු අතර ඒ සියලු පෙත්සම් දෙසැම්බර් හතර වැනි දා අනිකුත් පෙත්සම් සමග කැඳවීමට නියෝග කැරිණි.
ජී ඇල් පීරිස් මහතා ප්‍රමුඛ අතරමැදි පෙත්සම්කරුවෝ මෝසමක් මගින් මෙම පෙත්සම් විභාගය සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටියහ. එය පිළිගත් අග්‍රවිනිශ්චකාර නලීන් පෙරේරා මහතා පෙත්සම විභාග කිරීමට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කළේය.
අගවිනිසුරු නලීන් පෙරේරා, බුවනෙක අලුවිහාරේ, සිසිර ද අබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න එස්. ජයවර්ධන, විජිත් කේ. මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු එම විනිසුරුවරුය.
මෙම සත්පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගිය හතර වැනි දා පෙත්සම් විභාගය ඇරැඹිණි. එතැන් සිට පුරා දින හතරක් පුරා පෙත්සම් විභාගය සිදු විය. මුලින්ම පෙත්සම්කරුවන් කරුණු දැක්වූ අතර ඉන් පසු අතරමැදි පෙත්සම්කරුවන් සහ වගඋත්තරකරුවන්ගේ කැරුණු දැක්වීම සිදු විය. අවසානයේ පෙත්සම්කරුවන්ගේ ප්‍රතිඋත්තර බැඳීමෙන් පසු නීතිපතිවරයා යළිත් වරක් සිය ස්ථාවරය පැහැදිලි කළේය.
දෙසැම්බර් හත් වැනි දා රාත්‍රී 7 ට පමණ පෙත්සම් විභාගය අවසන් විය. ඒ අනුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තැබූ අධිකරණය තීන්දුව ප්‍රකාශයට පකරන තෙක් ජනපතිගේ ගැසට්ටුව අත්හිටුවමින් දුන් අතුරු තහනම දීර්ඝ කිරීමට නියෝග කළේය.
තීන්දුව ප්‍රකාශයට පත්කිරිමෙන් පසු දසුන්
තීන්දුව ප්‍රකාශයට පත් කිරිමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ දසුන්
ඡායාරූප - චතුර එස් කොඩිකාර
උසාවිය අවට ආරක්ෂාව තර කරයි
( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ සහ තරිදු ජයවර්ධන)
මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
ඒ අනුව කැරලි මර්දන ඒකකය , විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා තිබෙන අයුරු දක්නට ලැබේ.
මේ අතර උපරිමාධිකරණයට පිවිසෙන ප්‍රධාන දොරටු දෙකම ආරක්ෂක වැටවල් වලින් ආවරණය කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද (13) තව පැයකින් එනම් පස්වරු 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන බවට නිකුත් කළ ගැසට් නිවේදනය මගින් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ,සමස්ත ලංකා මහජන කොංග්‍රසය , මනෝ ගනේෂන් , ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් නොවැම්බර් මස 12 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළේය.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.
වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.
පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.
බොරැල්ල කනත්ත වටරවුමේ මීට සුළු මොහොතකට පෙර ගසක් කඩා වැටීමෙන් වාහන හතකට බරපතළ අලාභ සිදුවී ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
එක් එක් අමාත්‍යාංශ සඳහා අයවැයෙන් වෙන් කර තිබෙන මුදල් සැලසුම් සහගතව ජනතාව වෙනුවෙන් වියදම් කර පෙන්වන ලෙස ජනාධිපතිවරයා සියලු අමාත්‍යවරුන්ට අභියෝගයක් ල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිගේ ගැසට්ටුව අධිකරණයෙන් අවලංගු කරයි
Sanath Kandy Thursday, 13 December 2018 11:55 AM
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අපගේ බලාපොරොත්තු වලට පුනරුත්පත්තිය ලබාදුන් ගරු අධිකරණයට අපේ උපහාරය...
De silva Thursday, 13 December 2018 11:57 AM
නීතියට යටත් කවුරුවත් නැහැ.
ගල්කටස් Thursday, 13 December 2018 12:02 PM
වන්ෂොට් අයියා හරියටම කිව්වා... රටෙහි අාරාජික බව දැන් තමයි පටන් ගන්නේ... දැන් කොහොමටවත් වන්ෂොට්ට දඬුවම් කළ නොහැකියි. ඔහු හරියටම හරි
shan saudi Thursday, 13 December 2018 12:04 PM
අයියෝ සිරිසේන,.. මදැයි කළා. දැන් ඉතින් නිකුත් කළ සේරම ගැසට් අවලංගුයි.. තණ්හාය ජායතී සෝකෝ... සිරිසේන මදැයි දෙවන වටයටත් රජවෙන්න ගියා.
මහකන්දේ විජිතසිරි හිමි Thursday, 13 December 2018 12:22 PM
සිදුහත් කුමරු ඒකාන්තයෙන් බුද්ධත්වයට පත්වන බව කීවේද කොණ්ඩඤ්ඤ තවුසා පමණි. අනිත් තවුසන් 6 දෙනා වෙනත් මත දැරීය. නමුත් සත්‍ය වූයේ එම එක අදහසයි. අනිත් හය දෙනා බහුතර මතය වුවත් එය නිවැරදි නොවීය. මෙම විනිසුරු 7දෙනාගෙන් එක විනිසුරු කෙනෙක් දරණ මතයද එබඳුමය...
Gamini rajapaksha Thursday, 13 December 2018 12:44 PM
යුක්තිය සාධාරණය සහ නීතියේ ආධිපත්‍යය ජයගෙන ඇත.
Gamini rajapaksha Thursday, 13 December 2018 12:44 PM
යුක්තිය, සාධාරණය සහ නීතියේ ආධිපත්‍යය ජයගෙන ඇත.
sirimal Thursday, 13 December 2018 01:19 PM
මෙය අවසානය නොවේ. මෙම තීන්දුව මගින් විශ්වාසනීය චේතනාවන්ට නීත්‍යානුකූලභාවය ලබා දී ඇත. ජනාධිපතිතුමා ජනමත විචාරණයකට කැඳවීම හෝ දැනට විභාගවන අනෙකුත් නඩු අවසන් වනතුරු නව රජයක් පිහිටුවීම කල් දැමීමට උත්සාහ කරන්නට බැරි නැත. ඊළඟ පියවර ජනාධිපතිවරයාගේ දෝෂාභියෝගයක් විය යුතුය. ඔහු ඉතා පැහැදිලිවම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් කළ බව දැන් පැහැදිලි වී ඇත. ඔහුට ඉල්ලා අස්වීමට සමහරු දැන් බලපෑම් කරන්නටද බැරි නැත...
RUCHI Thursday, 13 December 2018 01:23 PM
රටේ යහපත වෙනුවෙන් ජනමත විමසුමකට යායුතුයි.
RUCHI Thursday, 13 December 2018 01:23 PM
රටේ යහපත වෙනුවෙන් ජනමත විමසුමකට යායුතුයි.
Amila Thursday, 13 December 2018 01:38 PM
දැන් සිරා ව්‍යවථාව උල්ලංඝනය කරලා නිසා ඉල්ලා අස්වෙන්න ඕනෑ එලවලා දාන්න ඉස්සෙල්ලා..
Saman Thursday, 13 December 2018 03:59 PM
ඉක්මන් කොටයි කිව්වලු...
Vishan Thursday, 13 December 2018 05:45 PM
කෝ මේ වීරවංශ?
Jaya nanayakkara Thursday, 13 December 2018 09:46 PM
වැඩේ වැරදුණාම මහින්දට කඩේ යන්න කවුරුත් නැහැ වගේ.. මීයෝ ටික... නවීන් පැනලා වගේ.
gallage Friday, 14 December 2018 02:44 AM
දැන්වත් අකුලාගෙන යමු. නීතියට ගරු කරමු..
Saman Friday, 14 December 2018 03:49 AM
ප්‍රජාතන්ත්‍රවාදය යනු අවුරුද්දට ඡන්ද 365ක් තැබීම නොවේ..!
Saman Friday, 14 December 2018 03:54 AM
2015ට ඉස්සර නඩු තීන්දු දුන්නේ රජතුමා.. දැන් තීන්දු දෙන්නෙ නඩුකාරවරු.. මේකයි යහපාලනයේ වෙනස..
Jude Friday, 14 December 2018 06:56 AM
එතකොට රනිල්...
Pini baba Friday, 14 December 2018 07:01 AM
කෝ මේ සිරිසේන?
samantha Friday, 14 December 2018 09:50 AM
ඔය වගේ අර බැඳුම්කර හොරු ටික අල්ලලා දෙන්න බැරිවුණානේ..
Rohana Sunday, 16 December 2018 05:35 AM
ගැසට් පත්‍රයෙන් විතරක් ආණ්ඩු වෙනස්කරන්න බැහැ කින එක කලින් සිතුවේ නැද්ද?