IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසිකරයි

(සුජිත් හේවාජුලිගේ)

අභියාචනාධිකරණයේ  සභාපති විනිසුරු  නිශ්සංක බන්දුල කරුණාරත්න මහතාට  ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙසට උසස් කරන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති නිර්දේශය  ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු  නිස්සංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් කරන ලෙසට  ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ලැබුවේ ඉකුත් සතියේදීය.

මෙම නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 30 වැනිදා රැස්විය.

මෙම රැස්වීමේදී අගමැතිවරයා, අමාත්‍ය නිමල්  සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්  යන මහත්වරුන් ජනාධිපතිවරයාගේ නිර්දේශය  අනුමත කර ඇතත් බහුතර සාමාජිකයන් එම තීරණය ප්‍රතික්ෂේප කර ඇතැයි  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින්  එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින්  පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින්  පසුගිය නොවැම්බර් මස 7 වැනිදා   අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ  නිශ්ශංක බන්දුල කරුණාරත්න  සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කෙරුණු රිට් පෙස්සමක්  සලකා බැලීමෙන් අනතුරුව එම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණ.

මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා වැ ඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට  පෙර කර තිබූ නිර්දේශයද  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළේය.



අදහස් (6)

ජනපතිගේ නිර්දේශයක් ව්‍යවස්ථා සභාව විසිකරයි

Akila Friday, 02 February 2024 06:04 PM

පිනායි පොහොට්ටුවෝ ටිකයි හදන්නේ... ලොකුම ගොට්ටේක්ව රටේ ඉහළම නඩු අහන තැනට දාගන්න.. මේ මිනිස්සුන්ට රටේ මෙච්චර ප්‍රශ්න ඇතිකරලාත් තවමත් ලැජ්ජාවක් නැහැ...!

:       4       28

චන්දන Friday, 02 February 2024 06:40 PM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බත් බැලයින් කවුද කියලා දැන් පේනවා.. සෘජු තීන්දු ගත් අනෙකුත් අයට ප්‍රණාමය...!

:       3       23

Deepal Nirosh Friday, 02 February 2024 09:08 PM

ඉතින් ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මේ විනිසුරුවරයා වැඩ බලන විනිසුරුවරයෙකු ලෙස සීමිත කාලයකට පත් කරන්න ජනාධිපතිතුමාට පුළුවන් නේද? වැ/බ පොලිස්පති වගේ වැඩ ටිකක් පෙන්නුවා නම්...!

:       11       5

GsminiSaturday, 03 February 2024 12:35 PM

අධිකරණයට එහෙම කරන්ඩ බෑ.. මොකද රනිලුත් බබානේ...!

:       0       0

swene Saturday, 03 February 2024 05:55 AM

ඔය අගමැති සැමදාම කළේ ලොක්කගේ සියලුම තීන්දු තීරණවලට ආවඩමින් විපක්ෂයට පහරදිදී හිටපු එක විතරයි. ඔහුට විරුද්ධව දූෂණ චෝදනා නම් ආරංචි වී නැහැ. ඒත් ගොට්ටන්ගෙන් ඇති වැඩකුත් නැහැ. සාධාරණව සිතා වැඩකිරීමත් අවශ්‍යයි...

:       0       2

Kazi Shajahan Saturday, 03 February 2024 12:21 PM

ඔය වරදානය දෙන්නේ රනිල්.... පසුගිය දවස්වල ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරලා දුන්නේ නෑ. ඒකට දැන් තුටු පඬුරු දෙනවා. අපි මෝඩයින් නොවේ රනිල්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 144 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 300 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1119 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 216 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 978 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38916 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25518 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1027 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site