(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින් බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රනිල් එදා අභියෝගය බාර නොගත්තා නම් අද ලංකාව තිබෙන තැනවත් හිතාගන්නට නොහැකි වනු ඇතැයි විජයවර්ධන මහතා කීය.
එක්ව ජයගමු ගම්පහ ජනරැළිය අමතමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
අද ගම්පහ දිස්ත්‍රික්කයටම සුවිශේෂී දිනයක්. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්ව වසර දෙකක් වෙනවා. එතුමාගේ දෙවර්ෂ පූර්ණ සැමරීම ගම්පහදී සිදුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා. අද මේ වේදිකා දිහා බැලු විට සෑම පක්ෂයකටම අයත් දේශපාලන නායකයින් රැඳී ඉන්නවා. ඔවුන් රැඳී ඉන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙනුයි යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනපතිගේ සාර්ථකත්වය බලන්න බැරි අය නිකරුනේ කෑගහනවා
Rukman Monday, 22 July 2024 09:40 AM
බල්ලට පණ තියෙනකන් මැක්කො කිනිතුල්ලෝ සතුටින් ජීවත් වෙනවා..රනිල්ට බලය තියෙනකන් රුවන්ලා වැජඹෙනවා.එහෙම නැතුව මිනිස්සුන්ගේ මනාපයක් රුවන්ලට නෑ.රනිල්ගෙන් ආරෝපණය කරගන්න බලයට මිනිස්සු පස්සෙන් යනවා විතරයි .
සෙනෙවිරත්න Monday, 22 July 2024 09:45 AM
ඒ ගැන කියල මොකටද,ඒ හොර කල්ලියෙන් මේ හොර කල්ලියට, ණය ගන්නවා විකුණනවා, හොරු රකිනවා, ඔය අතරෙ මොනව හරි බෙදනවා වැඩි කරල ටිකක් අඩු කරනවා, ඔය කල්ලි දෙකෙන් පිට තවත් අයෙකුට අවස්ථාවක් දීල තියෙනවද? දීල බලමු වෙනස, මේ කල්ලි දෙකේ අය ඉන්නතුරු රටට ආයෝජන නැහැ, රට මේ තත්ත්වයට ඇදදාපු උන්ම මේක ගොඩදාවි කියල හිතනව නම් එික හීනයක්.
සෙනෙවිරත්න Monday, 22 July 2024 09:48 AM
කප්පං අරගෙන ඇඟ බැඳපු එකෙක් මූලාසනේ තියාගෙන එයාම සංවිධානය කරපු රැස්වීමක වෙන මොනවා කියන්නද? කීර්තිමත් එජාපය වැටුණ තැන. ඩී එස්ලා ඩඩ්ලිලා හදපු පක්ෂයට , කප්පං කාරයෙකුගේ නැට්ටෙ එල්ලෙන්න වුණා එහෙනම්
Pradeep Kumara Monday, 22 July 2024 09:58 AM
ඒ ගැන නම් කියලා වැඩක් නෑ මහත්තයෝ. ජනාධිපති කොයිතරම් සාර්ථකද කියලා කියනවානම් අවස්ථාවාදීව පිල් මාරු කරන දේශපාලකයින් බොහොමයක් දැනටමත් එයාගේ සාක්කුවේ. හැබැයි රට, ආර්ථිකය සහ අනෙකුත් අංශ දිනෙන් දින වල පල්ලට.වැලෙ වැල් නැතුව හිටපු ඔහෙලා වගේ අය අද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකලා.
අරවින්ද මොනරවිල Monday, 22 July 2024 10:24 AM
ගේම් ගහන්නේ නැතුව ජනාධිපතිවරණයට එන්න කියන්න මහත්තයෝ එයාට, එතකොට බලාගන්න පුලුවන් එයාගේ සාර්ථකත්වය, උපරිම සියට දොළහයි.
Zara Monday, 22 July 2024 10:40 AM
මෙම රැලියට "එක්ව සොරකම් කරමු " කියලා දාමු
පිටිගල මිලානෝ Monday, 22 July 2024 10:42 AM
බැංකු හොරෙක් ජනාධිපතිවෙලා කරන පිස්සු වැඩ ඉවසන්නේ කවුද….?
Nimal Monday, 22 July 2024 11:02 AM
ණයට අරන් ණය නොගෙවා සංදර්ශන දානවා.අඩුම ගානේ බිත්තරයක්වත් රටේ හදා ගන්න බැරි උනා .මේවට කොහෙන් හිනා වෙන්නද
Lakmal Monday, 22 July 2024 11:20 AM
හරක් පට්ටියක් බකා ගන්න බෑ .කට නම් තියනවා
සත්‍යා Monday, 22 July 2024 11:31 AM
එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමේ වගකීම මහින්ද රාජපක්ෂ මහතාට භාර උනා සේ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ගොඩ දැමීම මෙරට අවසන් ප්‍රභූ දේශපාලකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති සෙයකි. කෙසේ වුවත්, ජවිපෙ සහ පෙරටුගාමී වැනි ත්‍රස්තවාදයත්, ලංකා ගුරු සංගමය වැනි ත්‍රස්තවාදී වුර්තීය සංගම් භීෂණයෙන් රට බෙර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ කුමන පුද්ගලයාට දැයි තවම අවිනිශ්තය. එම වගකීම ද බොහෝ විට රනිල් වික්‍රමසිංහ මහතාටම පවරුනොත් යෙහෙකි.
සිල්වා Monday, 22 July 2024 11:32 AM
ඡන්දයක් නොපමාව පවත්වා සාර්ථකත්වය තහවුරුව කරමු.
Rata Perata Monday, 22 July 2024 11:49 AM
මෙයා ඉතින් රනිල් වෙනුවෙන් කහින්නේ නැතිව වෙන මොනවා කරන්නද?
Cisco Monday, 22 July 2024 11:59 AM
"රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට අලුත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී තිබෙනවා" මැරෙන්න ඔන්න මෙන්න තියද්දී අලුත් දේශපාලන සංස්කෘති හඳුන්වා දෙන්නේ .77 දී බලයට ඇවිල්ලා මේ වෙනතුරු පොල් ගෑවද ?
don Monday, 22 July 2024 02:47 PM
ලැජ්ජ නැති මිනිස්සු
විජිත් Monday, 22 July 2024 02:59 PM
සාර්ථකත්වය බලන්න ඡන්දෙ තියනවාකෝ, එතකොට බලාගන්න පුළුවන් හපුයියාට තියෙන ඡන්ද ගණන. මුළු රටෙන්ම ඡන්ද ලක්ෂ 4 කට වැඩියෙන් ගන්න බැහැ බටලන්දේ නාකි චන්ඩියාට. හැබැයි මීළඟ මහජන රජයක් යටතේ මිනිහයි ගෝල බාලයෝයි අධිකරණය හමුවට පමුණුවන බවත් අධිකරණයේ තීරණය අනුව රනිල් වික්‍රමසිංහ හිරේ යනබවත් ස්ථිරයි.
ගමේ එකාලා Monday, 22 July 2024 11:39 PM
මොන සාර්ථකත්වයක්ද? අවුරුදු 45කටත් වැඩිකාලයක් දේසපාලනේ කරපු බලලෝබී බඩගෝස්තරවාදී රනිල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.ඔයා දේසපාලුවෝ හැමෝම එකතුවෙලා කෙරුවේ රටම හොරාකාලා විනාශ කරපු එක.කිසිම ජනවරමක් නැති ,ජන ප්‍රසාදයක් නැති,දූෂිත පවුල් පාලනේ උන් ,දූෂිත දේසපාලුවෝ රකින්ඩ ආපු පින් ජනපතියා ?
Chandima Tuesday, 23 July 2024 09:42 AM
අපි නම් කෑගහන්නේ නැහැ .ඔයාලමනේ කෑගහන්නේ ?
Thiline Wednesday, 24 July 2024 06:24 AM
කාගේවත් සාර්තකත්වය නෙවෙයි අපට දකින්න අවශ්‍ය රටේ සාර්ථකත්වයයි!