IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


ජනපතිගෙන් ජාතික දේශගුණ කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන උපායමාර්ගික වැඩපිළිවෙළ මෙහෙයවීමට පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ ආයතන සම්බන්ධ කර ගනිමින් ජාතික උපදේශක කමිටුවක් පිහිටුවා ගැනීම වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එම කමිටුව අවම වශයෙන් මාස හයකට වරක්වත් රැස්වී ප්‍රගතිය සමාලෝචනය කළයුතු බවට ද ජනාධිපතිවරයා යෝජනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ දේශගුණික විපර්යාසවලට මුහුණදීමේ ශ්‍රී ලංකාවේ මුලපිරීම්වල ප්‍රගතිය සමාලෝචනයට අද (23) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ විශේෂඥයන් රැසක් සහභාගී වී සිටි මෙම සාකච්ඡාවේ දී ඉදිරි දේශගුණික විපර්යාසවලට මුහුණදීම සඳහා රටක් ලෙස ක්‍රියාත්මක කළයුතු උපාය මාර්ගික වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන දේශීය මෙන්ම ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට ශක්තිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බව මෙහිදී පැවසු ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් එම අභියෝගය ජය ගැනීමේ දී ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක වැදගත්කම ද පෙන්වා දුන්නේය.

 



අදහස් (5)

ජනපතිගෙන් ජාතික දේශගුණ කමිටුවක්

ලුම්බිණි Thursday, 24 August 2023 07:35 AM

මේ කීවෙනි කමිටුවද පත් කරපු? යන විදියට කමිටු පත් කරන්න ප්‍රශ්නයක් නැති වෙයිද දන්නේ නැහැ.

:       0       5

මොට්ටපාල Thursday, 24 August 2023 10:09 AM

මිනිහා හදා රට හදන්න ගියොත් තමයි හොද මොකද මේ වනවිට ලංකාවෙ ගංගා ඇළදොල ආශ්‍රිතව වැලි ගොඩදැමීම ඉවුරු කඩා මැණික් ගැරීමට බැකෝ යන්ත්‍ර මගින් පතල් කැපීම සිදුකරනවා මේවා නිසා පරිසර හානියක් සමග භූගත ජල සම්පත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා එයින් පරිසරයට විශාල හානියක් වෙනවා වගකිවයුතු අංශවල කිසිවෙක් මේවා බලන්නෙ නැහැ එහෙම වුනත් බොහෝ දෙනෙක් කරන්නෙ කොහොම හරි භූමිය විනාශ වුනත් ඛනිජ සම්පත් ගැනීම පමණයි ඒක නිසා තමයි කියන්නෙ මිනිහා හැදුණොත් රටත් පරිසරයත් හැදී කාළගුණය යහපත් වේවි කියලා සතෙන් සතේ රුපියල් හැදෙනවා බිංදු බිංදු එකතුවෙලා මහා සාගර හැදෙනවා එනිසා පරිසරය හදන්න ඕන නම් පොඩි පොඩි දේවල් වලින් ආරම්භ කරන්න තියෙනවා කියන නීති ක්‍රියාත්මක කරන්න වගකිවයුතු නිළධාරීන් ගැන අවධානය යොමුකර ආයතන ක්‍රියාත්මක කරන්න

:       0       6

සල්ලි Thursday, 24 August 2023 11:32 AM

හීන් නූලෙන් රුවන් ප්‍රොමෝට් කරනවා නේත ?

:       0       4

Rata Perata Thursday, 24 August 2023 11:52 AM

රටේ කමිටු පිරිලා.ඒත් රටටවත් ,ජනතාවටවත් සෙතක් නෑ .කමිටුවල අයටනම් හොඳයි .දීමනා ,වාහන ඉන්ධන වලට සල්ලි අපි ගෙවනවානේ

:       0       6

Asela Thursday, 24 August 2023 12:49 PM

බිම් මට්ටමේ නම් කිසිම උපයමරගයක් පෙනෙන්න නැහැ , කැළණි ගඟේ වතුරටිකත් බින්දුවටම හිදෙනකන් පිනයි ගෝලයෝ ටිකයි කමිටු තිය තිය ඉඳි , දැනටමත් අපිට බොන්න එන්නේ බොර පාට වතුර

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

ඕනෑම තත්වයකට මුහුණ දෙන්න නාවික - ගුවන් සූදානමින්
2024 ඔක්තෝබර් මස 13 1383 0

කඩුවෙල, බියගම, ඉහළගම සහ ජා ඇල යන ප්‍රදේශ ආශ්‍රිතව ගංවතුරට අසුව පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ආපදා සහන කණ්ඩායමක් 8 ක් ස්ථාපිත කර ඇති බව නාවික හමුදාව පව


මැතිවරණ වියදම් කියන්න 8ක් කර ඇරලා
2024 ඔක්තෝබර් මස 13 2462 0

මැතිවරණ වියදම් වාර්තා බාරදී ඇත්තේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන් 30 දෙනකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


ගංවතුරට කොටුවූ 50කට යුද හමුදා පිහිට
2024 ඔක්තෝබර් මස 13 348 0

නොකඩවා ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොටුගොඩ ගුරුගේවත්ත ප්‍රදේශය ගංවතුරින් යටවීමෙන් අව තැන් වී සිටි පනහකට ආසන්න පිරිසක් ඉන් මුදා ගෙන ආරක්ෂිත ස්


අගුලේ පිහිටෙන් මනාලිය නිවෙසට
2024 ඔක්තෝබර් මස 13 1063 0

දින කීපයක් තිස්සේ පවතින අධික වර්ෂා හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් කළුතර මාර්ග අවහිර හේතුවෙන් සද්දන්ගොඩ තරුණයකු තම සහකාරිය අගුලක ආධාරයෙන් නිවෙස කැඳ


කටුකුරුන්දේ අනතුරු දිවි නසා ගැනීමක්
2024 ඔක්තෝබර් මස 13 9712 0

කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී දුම්රියේ ගැටී මියගිය තිදෙනා ගෙන් එක් අයකු සිය සිගිති පුතා රැගෙන දුම්රියට පැන දිවි නසා ගැනීමට තැත්කර ඇති බවත් අනෙක් පුද්


තවත් සැක වාහන තුනක් රත්නපුර තැන් දෙකක
2024 ඔක්තෝබර් මස 13 3700 0

සැක සහිත සුඛෝපභෝගි ජිප් රථයක් ඇතුළු වාහන තුනක් පැල්මඩුල්ල සහ ඕපනායක ප්‍රදේශවලදි සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 349 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 429 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1374 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site