IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ජනපතිට මුදල් වෙන් කිරීම ගැන අනුරගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ   අංජුල මහික වීරරත්න)

ටෙලිකොම් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය  කිරීමේ කටයුතු සොයා බැලීම සඳහා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් මගින් කෝටි 130 ක්  වෙන්කර ඇති හෙයින් එම මුදල් වියදම් කළ ආකාරය ගැන මේ සභාවට කරුණු ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගයේ  මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා අතිරේක වියදම් ලෙස කෝටි විස්සක් විදේශ සංචාර ඉන්ධන සහ වාහන  නඩත්තුව සඳහා  වෙන්කර ඇති බවද  ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා පළමුවෙන්ම මූල්‍ය විනය රැකිය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තමා දන්නා අන්දමට එංගලන්තයට හතර පාරක්ද ජපානයට දෙපාරක් ඔහු ගොස් ඇතැයි සඳහන් කළේය.

දැන් ඔහු දින දොළහක  දීර්ඝම  සංචාරයට සූදානම් වන බවද දිසානායක මහතා  කීවේය.

පාසල් දරුවන්ගේ  ආහාර වේල් සඳහා නිල ඇඳුම සඳහා මුදල්  තවම දී නැතැයි පැවසූ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට මේ මුදල වෙන්කර ඇත්තේ අයවැයෙන් වෙන් කළ මුදලට අමතර වශයෙන් බවද ප්‍රකාශ කළේය.

මෙතුමා නඩත්තු කළ යුතු කෙනෙක් දැයි ඔහු ප්‍රශ්න කළේය.

හාල් ටිකට කිරි වීදුරුවට වැට් ගහලා එකතු කරගන්න මුදල ජනාධිපතිවරයා රට සවාරි යෑමට යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට එනකොට ගිලන් රථයක් පසුපස එන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමේ  සිට පාර්ලිමේන්තුවට එද්දී ගිලන් රථයක් පසුපසින් එන බවද සමහර රෝහල්වලට ගිලන් රථ නැති බවද ප්‍රකාශ කළේය.

මේවා ලෙඩ කදන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

මේවා  මහජනතාවගේ ධනය බවත් බදු මුදල්වලට වෙනදේ පාරේ ජනතාව දකින ව්‍යාපාරිකයන් දකින  බවද  අනුර කුමාර දිසානායක මහතා කීය.

නාමල් රාජපක්ෂ මහතා ආණ්ඩුවේ ගෙදරක සිටින්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මන්ත්‍රීවරයා  පුතත් ආණ්ඩුවේ ගෙදරක තාත්තත් ආණ්ඩුවේ ගෙදරක  බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක පොඩි බාප්පත් ආණ්ඩුවෙ ගෙදරක යයිද ඔහු කීවේය.

මේ ගැන ලැජ්ජා විය යුතු බවද මන්ත්‍රීවරයා  කීවේය.

සමහරු ඇවිදින්න බැරුව ඉඳිද්දී රෑට රෑට වරායේ  නිරීක්ෂණ චාරිකා යන බව පැවසු  දිසානායක මහතා රෑට යන නිරීක්ෂණ චාරිකා මොනවාදැයි තමා දන්නා බවද සඳහන් කළේය.



අදහස් (12)

ජනපතිට මුදල් වෙන් කිරීම ගැන අනුරගෙන් චෝදනාවක්

Hafeel Friday, 12 January 2024 02:26 PM

මෙහෙම බලනවිට රනිල් රාජපක්ෂ පවුල තමයි... රටේ ඉන්න දුප්පත්ම පවුල... අර හිඟවිදුලි බිල ගෙව්වා වගේ මොන බොරුවක් හරි, මේ පවුලට ගෙවලුත්, ගිලන් රථයත් අරන් දුන්නා නම්..!

:       15       38

Kazi Shajahan Friday, 12 January 2024 03:14 PM

ඔබගෙ පාලන ආගමනයත් සමගම පලමුව කල යුත්තේ , අපෙ හොරා කාපු සල්ලි රාජපක්ශලගෙන් , කෙහෙලියලගෙන් ,මහින්දලගෙන් , චන්දුසේනලගෙන්, රෝහිත ,ජොනි ලගෙන් , ප්‍රසන්නලගෙන් , සිරිසෙන ,විමල් ,වජිර ,රවි නෙල්සන් .ළොකුගෙ ,සාගර අයගෙන් අය කරගන්න වැඩ පිලිවෙලක් සකස් කරගන්ඩ.

:       6       37

Prabha Friday, 12 January 2024 03:44 PM

එහෙම වෙයි කියනබයට තමයි ඒ ඔක්කොම එකට එකතු වුණේ...

:       6       23

අරවින්ද මොනරවිල Friday, 12 January 2024 03:46 PM

කිසිම ජනවරමක් නැති පවුකාරයින් මහජනතාවට බදුපිට බදු ගහලා සුරසැප විඳිනවා. රටේ මිනිස්සුන්ගෙන් බහුතරයකට තුන් වේලෙන් එක වේලක්වත් හරියට කන්න නැහැ... ලෙඩ්ඩු ඉස්පිරිතාලවල අවශ්‍ය ඖෂධ නැතුව, නිසි ප්‍රතිකාර නැතුව මියයමින් ඉන්නවා. රටේ දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටිලා නිසි අහාර වේලක් නැතුව දරුවන් මන්ද පෝෂණයට ගොදුරුවෙලා, රටේ අනාගත පරම්පරාව විනාශ වෙමින් පවතිනවා. ඒවා ගැන කිසිම හැගීමක් දැනීමක් නැති මෘග පාලකයින් ලෝකය වටේ රවුම් ගසමින් ආතල් ගන්නවා. ඊළග ආණ්ඩුවෙන් ‍මෙයාගේ මේ තිරිසන් වැඩට අනවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි.

:       13       30

Chandana Callistus Fernando Friday, 12 January 2024 03:56 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) පිටත්ව යයි. ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයින් සහ ජාත්‍යන්තර ආයෝජකයින්ද හමුවීමට නියමිතව ඇත. රට බංකොළොත් වීම නිසා පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූ අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතව පවතියි. ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව ඇත. ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙයි....

:       7       9

සාජන්Friday, 12 January 2024 05:50 PM

රනිල් කයියනායක වගේ රට වටේට කයිවාරු ගගහ හිටියා නම් අද ඩොලර් එක රුපියල් 500ක්‌ වෙනවා ඉන්ධන, ලීටරේ රුපියල් 500ක්‌ වෙනවා ගැස් සිලින්ඩරය රුපියල් 6000ක්‌ විතර වෙනවා. රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා... 88,/89වගේ එකම මළ ගෙයක් වෙනවා. රටේ තිබූ ඒ භයානක තත්වය දැනදැනත් ඒකට මුහුණ දුන්නා. ලෝකයේ සියළුම රටවල්වලට ගිහිල්ලා උදව් ඉල්ලා ගත්තා. දැන් කයිය නායකලා වෙන්න ජනපති වෙන්න බලාගෙන ඉන්නවා. කෙනෙක් එළියට ඇවිල්ලා ජනපතිකම බාරගත්තේ නෑ... ඇඳන් යට හැංගිලා හිටියා. දැන් කයිවාරු ගහනවා.

:       0       0

raigam banda Friday, 12 January 2024 05:13 PM

කටක්වත් ඇරියද? සල්ලි හිතු හිතූ අයුරින් බෙදාගත්තාට...

:       0       0

Rata Perata Friday, 12 January 2024 06:28 PM

මේවා දැකදැකත් තවම කාලකණ්ණි රාජපක්ෂ වන්දනාවේ යන අය මනුෂ්‍ය ආහාර ගන්න එපා. තණකොළ හරි, අසූචි හරි කන්න.

:       0       0

Bamunuarachchi Sunday, 14 January 2024 03:50 AM

Rata perata මේ සිංහල රටේ අපිට සිංහලයින් විදිහට කෙලින් ඉන්න දෙමළුන්ට යටතේ නොවී රටම අපේ කියන හැඟීමෙන් ජීවත් වෙන්න සලසා දුන්නාට උදේ අවදීවූවිට් හා රෑ නින්දට විට කාල්ටන් පැත්තට හැරිලා වඳින්න...!

:       0       1

abeygunasekarasampath95 Friday, 12 January 2024 07:45 PM

වෙන හොයාගන්නම දෙයක් මේ සතියේ තිබිලා නෑ...

:       0       0

Rohana Saturday, 13 January 2024 10:36 AM

පිටරට සමුළුවලට යාම සාමාන්‍ය දෙයක්... නමුත් නිතර නිතර සමුළුයි, අරකයි, මේකයි කියලා දවස්ගණන් ඒ රටවල හෝටල්වල නතරවෙලා ලංකාවේ සල්ලි කෝටි ගණන් වියදම්කිරීම අනුමත කළහැකි දෙයක් නොවේ. මේවා ජනාධිපතිවරයා ගෙදරින් ගේන සල්ලි නොව මිනිසුන් නොමරා මරමින් බදුපිට බදුගසා ගෙවන මුදල්ය. ඔය කොයිකවුරු මොන සමුළුවට ගියත් රට ඇත්තේ වලපල්ලේය. මේ නිසා රටේ යහපතට යෙදවිය යුතු මුදල් එක් පුද්ගලයකුගේ සුඛ විහරණයට යොදාගැනීම කිසිසේත් යුක්ති සහගත නොවේ...!

:       2       1

Bamunuarachchi Saturday, 13 January 2024 07:47 PM

අනුර ජනාධිපති වුනොත් ජනාධිපති වෙනුවෙන් මුදල් වෙනකිරීමක් නැතුව අති නේද? එතකොට එයාට නිල නිවෙස් නැහැ, වාහන නැහැ, ආරක්ෂාකයෝ නැහැ, රට සවාරි නැහැ, නැහැ නැහැ නැහැ. එහෙමද වෙන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 733 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 253 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 124 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 429 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1247 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site