(චමිල් රූපසිංහ)
සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි තම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කරන බව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා අද (08) මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගෙන මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
ජනපතිවරණය වෙනුවෙන් තමන් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශනය කොල කෑලි කිහිපයකට සීමා වූ හුදු ලියවිල්ලක් නොවන බවත් එය තමන් ජනතාව හා ඇතිකර ගනු ලබන සමාජ ගිවිසුමක් බවත් දුගී දුප්පත් ජනතාව මෙන්ම සමාජයේ විවිධ ස්ථරයන්ට අයත් සියලු ජන කොටස් ආමන්ත්‍රණය කරමින් සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරියේදී විධිමත් ආකාරයෙන් ජනතාව හමුවේ තබන බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී කීය.
අප හැම තුළ අඩුපාඩු පවතින බවත් සුළු වචනයක් අල්ලා ගෙන තමන් විවේචනය කරන්නා වූ අයට එසේ කරන්නට හැකිව තිබෙන්නේ වත්මන් ආණ්ඩුව මාධ්‍යය නිදහස උපරිමයෙන් ආරක්ෂා කිරීමට ක්‍රියා කළ නිසා බවත් පසුගිය පාලන සමයේ මෙවැනි විවේචන කිරීමට හෝ ඒවා විකාශය කිරීමට ඉඩක් මාධ්‍යය ප්‍රවාහය තුළ තිබුණේද යන ගැටලුව තමන් අසන බවත් එහිදී පැවසීය.
පසුගිය කාලයේ එත්නැලිගොඩට,ලසන්ත වික්‍රමතුංගට කීති නොයාර්ට,උපාලි තෙන්නකෝන්ට, කළ දේ කොපමණ විවේචන කළත් මේ ආණ්ඩුව යටතේ සිදු නොවන බවත් තව තවත් විවේචන කරන ලෙස තමන් ඒ සැමට කියන බවත් ජනතාව අවශ්‍යය වේලාවට අවශ්‍යය තීරණය ලබාදෙනු ඇති බවද එහිදි සදහන් කළේය.
තමන්ගේ පාලනයක් යටතේ තව තවත් විවේචන ඉදිරිපත් කිරීම පිණිස උපරිම මාධ්‍යය නිදහසක් ඇති කරන බවද වැඩිදුරටත් පැවසුවේය.
ත්‍රිවිධ හමුදාව,පොලිසිය,සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු සෙසු සියලු ආරක්ෂක අංශ වල වැටුප් විෂමතා දුරුකර තනතුරු සම්බන්ධ ගැටලු නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගන්නා බවත් පසුගිය ආණ්ඩුව රට දැය බේරාගත් රණවිරුවන්ට ඉපලෝගම රණවිරු ගම්මානය ඉදි කිරීමේදී නිවාස ලබාදී තිබෙන්නේ රුපියල් ලක්ෂ 08 බැගින් ලබාගෙන බවත් තමන් කිසි ලෙසකින් හෝ එසේ නොකරන බවත් කී ඒ මහතා ඔවුන්ට මාතෘ භූමියෙන් නොමිලේ ඉඩම් ලබාදී නිවාස තනා ගැනීමට ආධාර කරන බවත් සඳහන් කළේය.
තමන් ජනපති ධූරයට පත්ව ගෙවෙන පළමු පැය 24 තුළ රට නගන ජනපති කාර්ය සාධන බලකා රැසක් ඇති කරන බවත් රාජ්‍යය සේවයේ ඌනතා, විෂමාතා,ගැටලු හඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදි ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල,ගාමිණී ජයවික්‍රම පෙරේරා,ජේ.සී අලවතුවල,සුජීව සේනසිංහ,බුද්ධික පතිරණ,රංජිත් අලුවිහාරේ,මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක.රෝහිණි කවිරත්න,මහනුවර පුරපති කේසර සේනානායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති කොල කෑල්ලකට සීමා කරන්නේ නෑ‘‘