(ඩයනා උදයංගනී )
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශීර්වාදය ඇතිව පමණක් බවද කතානායකවරයා සදහන් කර තිබේ.
නිවේදනය පහත දැක්වේ.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ජනපතිවරණයට එනවා නම් විධායක ජනපති ධුරය අහෝසි කිරීමටයි’
රට වැසියා Tuesday, 17 September 2019 08:05 AM
කරූ ජයසූරිය, නවීන් දිසානායක, එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහින් ආයෙත් ආපු අය. නිකං නෙවෙයි තව 20 ක් විතර අරගෙන ගිහිල්ලයි ආවේ. සජිත් කවදාවත් පක්ෂය දාල ගියේ නෑ. පක්ෂය පාවා නොදීපු කෙනෙක් ජනපති අපේක්ෂකකමට සුදුසුයි. කොහොමත් රට පුරාම යූ .ඇන්. පී අය ඉල්ලන්නෙ කවුද කියල දන්නවා නේ......
DilanTuesday, 17 September 2019 11:10 AM
රටට පක්ෂ වලින් වැඩක් නෑ. පක්ෂය ගැන විතරක් හිතන්නේ දේශපාලන වහල්ලු. රටට අවශ්‍ය උගත් බුද්ධිමත් දැක්මක් තියෙන කෙනෙක්. ගැලරිය පිනවලා වැඩක් නෑ. කරු ජයසූරිය මහත්තයා යුද්ධය වෙලාවෙ පක්ෂයෙන් ගිහින් අවශ්‍ය සහයෝගය දුන්නා. යුද්ධ කරන්න ඕන කෙනෙකුට පුලුවන් කියල විවේචනය කරේ නෑ. දැන් පාක්ෂිකයන් වැඩිපුර ඉල්ලන කෙනාට වගේම රැල්ලක් යහපාලනයටත් තිබුණා. ආවට පස්සෙ මොනවාද කළේ ? දේශපාලන රැල්ල හැදෙන්නේ ගැලරිය පිනවීම තුළින්. බලයට ආවම තමයි යතාර්ථය වැටහෙන්නේ.
Hafeel Tuesday, 17 September 2019 11:39 AM
ඒ සහයෝගය ඇමති ධුර දරාගන්න දෙන්න තිබුණා? ඒ කටයුත්ත එවකට රතන හාමුදුරුවෝ සහ විජේදාස රාපක්ෂලා කළා වගේ සාමාන්‍ය මන්ත්‍රී හැටියට ස්වාධීනව කටයුතු කරමින් දෙන්න තිබුණා.
chinthakaTuesday, 17 September 2019 01:16 PM
යාළුවා, පක්ෂ, පාට ගැන හිතන්නේ නැතුව ඔයා රට ගැන විතරක් හිතනවා නම් පහුගිය අවුරුදු පහේ රට වලපල්ලට යද්දී, මහා බැංකුව හොරා කද්දී, අන්තවාදීන් රටේ බලය අල්ලද්දී නොදැක්කා වගේ බකන් නිලාගෙන හිටපු මේ ඩබලම නෙමෙයි. ඔයා ඉන්න ඕනෑ "ගෝඨා"ගේ පැත්තේ..
ලංකාපුත්‍රTuesday, 17 September 2019 12:28 PM
එතුමා පක්ෂය කඩාගෙන ගිය නිසා තමයි දරුණු ලෙසටම තිබුණු යුද්ධය නිමාකරන්න හැකිවුනේ... එතුමා ඒ වෙලාවේ ගත් තීන්දුව පක්ෂයට වඩා රට ආරක්ෂා කිරීමට ගත් තීන්දුවක්. රට වැසියන් සිතන්න ඕනෑ වඩා වටින්නේ රටද? නැත්තම් පක්ෂයද? කියල නුවනැත්තෝ සිතත්වා!!!
NishanTuesday, 17 September 2019 01:53 PM
හැබැයි මෙතුමා සිරිකොතට ගල්ගැහුවේ නම් නෑ.
RasikaWednesday, 18 September 2019 02:02 AM
පක්ෂය ගැන නොව රට ගැන හිතන්න. රටට වැඩක් කරන කෙනෙක් මිස පක්ෂය ගොඩ නගන කෙනෙක් අවශ්‍ය නැත. රට තව තවත් විනාශ වුනොත් පක්ෂය කන්නද? නායකත්වය බලාගෙන පක්ෂය බදාගෙන ඉන්නවට වඩා අවශ්‍ය දේ කිරීමයි වැදගත්...
chandimaWednesday, 18 September 2019 07:09 PM
එ්කට කියන්නේ කඩාගෙන යාම කියලා නොවෙයි. යටිකූට්ටු අවබෝධතා ගිවිසුම කියලා. ඡන්දෙන් පස්සේ තරහවෙලා වගේ අනික් පැත්තට නියෝජ්‍ය නායකයාව කට්ටියකුත් එක්කල යවලා තුනෙන් දෙකේ බලය සාදා දීම. එදා කරු එ්ක කළා. මෙදා මෛත්‍රී කළා. ඔන්න බොරු නම් බලන්න මේ ඡන්දෙන් පස්සේ සජිත් යනවා. ඡන්දෙ ඉවරවෙලා අවුරුදු තුනක් හතරක් ඒ පැත්තට ආණ්ඩු කරන්න සහයෝගය දෙනවා. අන්තිම අවුරුද්දේ දෙකේ දෙගොල්ලන් තරහවෙලා ආපසු උන්නු පිලට එකතුවෙනවා. ඕකයි සෙල්ලම...
Raveendra Tuesday, 17 September 2019 08:09 AM
අපගේ අදහස් වැරදියි නම් කාරුණිකව අපව නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දැන් මොහු කොහොමද තමන්ගේ පක්ෂයක් සමග ගණුදෙනු රජයේ ලාංඡනය සහිත කොළයකින් ප්‍රකාශ කරන්නේ.? මෙය මහජනතාවගේ මුදල් සුලුවෙන් හෝ අවභාවිතාවක් නොවේද ?
janakaTuesday, 17 September 2019 11:51 AM
ඔබතුමාගේ අදහස හරි. කතානායක කියන්නේ එජාපයේ නිලයක් නෙවෙයි. එජාප නියෝජ්‍ය නායකයා වශයෙන් නිල නිවේදනයක් නිකුත් කළා නම් ප්‍රශ්නයක් නෑ... කතානායක ලිපි ශීර්ෂයෙන් එජාපයේ අභ්‍යන්තර කරුණු ගැන නිල නිවේදන නිකුත් කිරීමෙන් මෙතුමා පැහැදිලිවම පෙන්වා තියෙන්නේ මෙතුමා රටේ කතානායක නෙමෙයි එජාපයේ කතානායක කියලා.
සුබ්‍රමනියම් Tuesday, 17 September 2019 08:12 AM
මෙය කඩේ යන අයගේ වැඩක්.
maheshika Tuesday, 17 September 2019 08:15 AM
රනිල් විධායක අගමැති කිරීමේ එකම මග. සජිත් අවොත් රනිල්ට බලය දෙන්න. ජීවිතේට ඔය විධායක ජනාධිපතිකම ඉවත් කරගන්නේ නැහැ.
අබිලිං Tuesday, 17 September 2019 08:42 AM
මෙන්න යු.එන්.පි.එකෙ අැත්ත ජනාධිපති අපෙක්ෂකයා.හොද තෙරීමක්.ජයවේවා
sunil Tuesday, 17 September 2019 08:42 AM
අපේක්ෂකයා තෝරාගන්න බැරුව දඟලන දඟලිල්ලෙන් පේන්නේ අගමැති කොතරම් අප්‍රසාදයට පත්වෙලාද කියන එක
palitha Tuesday, 17 September 2019 08:44 AM
විධායකය අයින් කරන්නම තමයි හදන්නේ.., ඊට කලින් කරන්න වෙන කිසිම වැඩක් නැද්ද මේ රටේ අම්මපා...!! ජනතාවට තියෙන එකම සහ මූලික ප්‍රශ්නේ විධායකයද?
මාවිල්මඩ වජිර හිමි Tuesday, 17 September 2019 08:46 AM
ප්‍රධාන පක්ෂ දෙක තුළ සිටින එකම අදූෂිත දේශපාලනඥයා වන ඔබ කෙරෙහි මේ රටේ ප්රජාතන්ත්රවාදය අගය කරන බුද්ධිමත් ජනතාව තුළ පැහැදීමක් ඇතත් ප්‍රතිවාදියාගේ මුදල්, ප්රචාරක හා මැර බලයට මුහුණදීමට තරම් සංවිධානාත්මක හැකියාවක් ඔබට ඇතිදැයි සැක සහිතයි. ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි...
දිලුම් Tuesday, 17 September 2019 08:49 AM
එක එකා තමන්ගේ බඩගෝසතරේ වඩා ගන්න බලන හරම තැනම වංචාව දූෂණය රජයන කිසිම විනයක් ප්‍රතිපත්තියක් නැති හැදියාවක් නැති ලංකාව වගේ රටක විධායක ජනාදීපති ක්‍රමය අහෝසි කිරීමෙන් වෙන්නේ රට තවත් වලපල්ලට යන එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකලාම එන අගමැති හොද එකෙක් රටට ආරේ ඇත්තටම රට ගොඩනගන්න උණක් තියන එකෙක් උනොත් හොදයි. එහෙම නැතුව රටේ මිනිස්සුත් එක්කම රට විකුණල තමන් ගොඩයන්න බලා ගෙන ඉන්න කෙනෙක් (දැන් ඉන්න බහුතරයක් වගේ) වුනොත් අපිට දෙයින්ගෙම පිහිටයි.
සෙනෙවි Tuesday, 17 September 2019 08:49 AM
හැම එකාම ආවෙ ඕක කියාගෙන . දෑත් ශක්තිමත් කරන්න කියාගෙන පැනල ආපහු මුල් තැනටම ආපු මිනිහා ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ
wimal Tuesday, 17 September 2019 08:56 AM
බළලා මල්ලෙන් එලියට ඔය අවේ...
thushara Tuesday, 17 September 2019 09:01 AM
94 ඉදන් අහලා ඇති වෙලා.
Amila Tuesday, 17 September 2019 09:08 AM
දැන් 78 ක්නේ.. ගෙදර ගිහින් බණක් භාවනාවක් කරන් ඉන්න..
Buddika Tuesday, 17 September 2019 09:12 AM
ඔබට අපි තාම ගරු කරනවා.ජනතාව ඔබ ගැන හිතන්නේ කීර්තිමත්,ගෞරවණීය දේශපාලන නායකයෙක් ලෙසයි.නමුත් මෙය දැඩි තරඟකාරී ඡන්දයක්.ඔබ ඉදිරිපත් වීම පොහොට්ටුවට වාසිදායක වීම වැළැක්විය නොහැක.පොහොට්ටුව සමග තරග කර දිනිය හැක්කේ සජිත්ට පමණි.මේ යථාර්තය තේරුම් ගත යුතුයි.
රජින්ද Tuesday, 17 September 2019 09:16 AM
කව්රුහරි මේ උන්නැහේට කියලා දෙනවද... මේ වෙනකොට මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න අරගල කරන්නේ කොහොමද කියලා. ජීවන වියදම සහ සෞඛ්‍ය සේවය රාජ්‍ය ආරක්ෂාව මේ ඔක්කොම එක වගේ පිරිහිලා තියෙන අපේ රටේ මිනිස්සුන්ට දැන් තියෙන දැවෙන ප්රශ්නය 'විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමද? දැනට ඉදිරිපත්වෙලා තියෙන හෝ ඉදිරිපත් වෙන්න ඉන්න කිසිම කෙනෙක් නැහැ. ජනතාවට ඕනදේ හඳුනන. අර කවුද කිව්වා වගේ හරක් පට්ටියක සිංහයෙකුට රජ වෙන්න බැහැනේ..., ඉතින් රජවෙන්නෙත් මී හරකෙක්ම තමයි.
nima Tuesday, 17 September 2019 09:24 AM
අපි දෙන්නේ අපේ ජනපතිට... එතුමා ශ්‍රීලංකා එකෙන් ආවොත්..
shanuka Tuesday, 17 September 2019 09:25 AM
මෙතුමා යෝජනා කරන්න පක්ෂයේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නැහැනේ... එතුමාගේ නායකත්වයේ රහස...!
sirimal Tuesday, 17 September 2019 09:31 AM
කතානායක වරයාගේ මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වීමත් සමඟම සජිත් ප්‍රේමදාස විසින් අද (17) උදැසන මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව කියවෙනවා. මේ අතර පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපතිවරයාගේ "විශ්වාස කල නොහැකි වර්ගයේ හඬ පටයකින්" එතුමාතුල ඇති එජාප වෛරය කොතෙක්දැයි හෙළිවී තියෙනවා. එය ජන ගත වී දිනක් ගතවෙනවාත් සමග එතුමා නෙළුම් කුළුන විවෘත කිරීමේ උත්සවයේ දී " නෙළුම් කුළුන ආරම්භ කිරීමටත් පෙර රුපියල් කෝටි 200 ක් පිල්ලි ගසා තිබෙන බව" ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. (සමහර නාලිකා එය එසේ නොවන බව ඔප්පුකිරීමේ වෑයමකද නිරතව ඉන්නවා.) ඉන් හෙළිදරව් වන්නේ පොහොට්ටුව සමග සන්ධාන ගත වීමේ එතුමාගේ බලාපොරොත්තුව සහමුලින්ම බිඳ වැටී ඇති බවද? මේ සිදුවීම් දෙකම සජිත් ප්‍රේමදාස අද උදෑසන සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශයට හේතුවූ දේවල්ද?මේ අතර මුදල් ඇමති මංගල සමරවීර විසින් තම නිල නිවසේ දී සිවිල් සමාජ සාමාජිකයන් වෙනුවෙන් අද (17) රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බවත් ආරංචියි.මෙහි අරමුණ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සිවිල් සමාජ සංවිධානවල සහය ලබා ගැනීමද?
ධම්ම Tuesday, 17 September 2019 09:35 AM
ඔබ ජනාධිපති වෙන්න. රනිල් අගමැති කරන්න. ඊටපසු ජනාධිපති තනතුර අහෝසි කරන්න.
aruna Tuesday, 17 September 2019 09:38 AM
මෙම රට ගොඩ ගැනීමට සිටින හොදම නායකයා ලෙස යමක් තේරුම් ගත හැකි පිරිස් දකින්නේ ඔබයි. එම නිසා මේ අවස්ථවේ රට වෙනුවෙන් ඉදිරිපත් වන්න. සියලු දෙනා සතුටු කොට දේශපාලනය කල නොහැක. එජාපයෙන් ඉවතිවී පොදු පක්ෂකයෙකු ලෙස පැමිණියත් නිපක්ෂික චන්ද බහුතරය ලබා ගත හැක.
anura Tuesday, 17 September 2019 09:42 AM
බලතල අහෝසි කිරීමට බලාපොරොත්තු වන තනතුරකට එන්න වලිකන්නේ අහවල් දේකටද? එහෙම අහෝසි කළාම ඒ තනතුරට වෙලා නිකම් මහජනතාවගේ මුදල් වලින් සැප විඳින්න බලාපොරොත්තුවෙන්ද?
Rata Perata Tuesday, 17 September 2019 09:46 AM
නිධන් හාරපු, හොරකම් කරපු, ආර්යාවලා වෙන්න දඟලන පවුලේ අය ඉන්න, ලක්ෂ 36,000ක් අනුමැතියක් නැතිව වියදම් කරපු කෙනෙක්ට නොව ඔබ එනවා නම් අපේ සහයෝගය ඔබටයි...
menna Tuesday, 17 September 2019 09:46 AM
ජනාධිපතිවීමට ආසයි භයයි වගේ...
රවින් Tuesday, 17 September 2019 10:15 AM
හරි අපි ඡන්දය දීලා කාලයයි කියමුකෝ... හරියට දින වකවානු දෙන්න පුලුවන්ද? විධායක ජනපති ක්‍රමය අහෝසිකරන.. අහෝසි කලපසු ගන්නා ක්‍රියා පිළිවෙත. පලකරන්න හරි විස්තර එතකොට අපි බලමු. කොට උඩ උත්තර එපා.
Nishan Tuesday, 17 September 2019 10:32 AM
කරුණාකර ඔබතුමා එන්න. සජිත් කියන, කරන දේවල් පැහැදිලි නෑ. එය ඔහුගේ නොමේරූකම...
ANURA Tuesday, 17 September 2019 10:36 AM
වැඩක් වෙන්නේ නැත. දැන් රටක් නෙමෙයි ආසනයක් වත් දිනාගන්න පුලුවන්ද ?
nishanTuesday, 17 September 2019 01:55 PM
පළාතක් දිනුවා. චන්ද්‍රිකා මැතිණියත් එහෙමයි.
ajith Tuesday, 17 September 2019 10:47 AM
මේක නැතිකරනවා කියලා කීදෙනෙක් බලයට ආවද? 94දී චන්ද්‍රිකා නෝනා ජනාධිපති වුණෙත් ඕක කියලයි...
de silva Tuesday, 17 September 2019 10:48 AM
ජනපති ප්‍රේමදාසගෙන් පසුව විධායක ජනපති ධුරයට පත් වූ සියලුදෙනාම ඡන්දෙට කලින් කිව්වේ තමන් බලයට පත්වුණු පසු විධායකය අහෝසි කරනවා කියල. නමුත් බලයට පත්වුන පසු කලේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔබතුමාත් එක එක කතා කියමින් දෙවරක් පිල් මරුකරපු පුද්ගලයෙක්.., ඔබතුමා දෙන පොරොන්දු ජනපති සිරිසේන මහතා ඡන්දෙට කලින් දුන්නු පොරොන්දු තරම්වත් විශ්වාස කරන්න බැහැ..
Thilina Tuesday, 17 September 2019 10:49 AM
කරුණාකර පැහැදිලි කරනවද කොහොමද මේ වගේ පුද්ගලික දේශපාලන කාරණාවක් පිළිබඳව කතානායක ලිපි ශීර්ෂය යටතේ නිවේදන නිකුත් කරන්නේ කියලා... අනිත් කාරණය පහුගිය අවුරුදු 4 මෙයා හිටියේ ආණ්ඩුවේ නෙමෙයිද? කිසිම දේකට විරුද්ධව අදහසක්වත් ප්‍රකාශ කරනවා කවුරුහරි දැක්කද? කවුරු ආවත් නියත පරාජයක්..
Wasudewa Tuesday, 17 September 2019 10:50 AM
අනේ නෑවිත් ඉන්න එකමයි හොද. UNP එකෙන් 17 ක් එක්ක පැනලා රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරලා කරනම් ගහපු කෙනෙක්. ඉතින් UNP එකෙන් මේ කපේ දිනන්න බැහැ. අනික මහලු වයසේ අය අයින් වෙලා තරුණ ජවය තියෙන දුප්පතාට මොලෙන් වැඩකරන රටේම ජනමතය ඇති සජිත්ට දීලා පක්ෂය දිනවන්න වැඩ කරන්න.
surath Tuesday, 17 September 2019 10:52 AM
ජනමතය එහාට මෙහාට අඹරන්න අගමැතිට උදව් වන හොඳම චක්ගෝලයෙක් මෙතුමා...
Lion Tuesday, 17 September 2019 11:04 AM
නිවැරදි තීරණයක්. මොහු දුෂිතයෙක් නෙමෙයි .පාර්ලිමේන්තුව තුළ කෙදිනකවත් වාහන පර්මිට් එකක් ගත් කෙනෙක් නෙමෙයි මේ පුද්ගලයා . ඔය පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද පක්ෂේ මාරු කරපු අය .
dilanTuesday, 17 September 2019 05:11 PM
හී හී, ඔබතුමා අමු කාලද? එතකොට මෙතුමා බණත් සමගම පක්ෂේ මාරු කරේ නැතෙයි?
Sidath Tuesday, 17 September 2019 11:08 AM
නියමයි. ඔබතුමා එන්න. උඩින්ම දිනන්න පුළුවන්. රටම ඉල්ලන්නෙ ඔබතුමාව ඇත්තමයි.
kamal Tuesday, 17 September 2019 11:17 AM
දින සීයෙන්ද ජනපති ධුරය අහෝසි කරන්නේ ?
ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 17 September 2019 11:18 AM
කඩේයාම් පාවාදීම් චන්ඩිකම් විනය විරෝධී කතා ගෝල බාලයින්ගේ කුණුහරුප වලට විසදුමක් ලෙස සහ සියලු කන්ඩායම් වල ආශිර්වාදය , එක්සත් ජාතික පක්ෂයේ සියලුම සහයෝගිත්වය ලබා ගත හැකි පුද්ගලයා ලෙස කරූ පැමිණිම ඉතාමත්ම හොඳයි .
nilanga Tuesday, 17 September 2019 11:20 AM
පක්ෂ දේශපාලන ප්‍රකාශ නිකුත් කරන්න රාජ්‍ය නිළ ලිපි ලේඛන භාවිතය රාජ්‍ය බලය අවභාවිත කිරීමක් නේද ?
ChainaTuesday, 17 September 2019 05:25 PM
කතානායකවරයා පක්ෂග්රාහී බව මනාව ඔප්පු වී හමාරය්.
sagala Tuesday, 17 September 2019 11:40 AM
එජාපයේ කිසිම මන්ත්‍රීවරයෙක් මෙතුමාව යෝජනා කලේ නැහැ. මෙතුමා 2001දී ලේකම්ලාගෙනුත් බැනුම් ඇහුව චරිතයක්. කව්රුවත් ගණන් ගන්නේ නැහැ..
SL Tuesday, 17 September 2019 11:40 AM
විධායකයට බනින්නේ 13 තියාගෙනද? මේ අය 19 ගෙනැල්ල රට අස්ථාවර කරලා තවත් ව්‍යවස්ථාව ගැන කතා කරනවනේ... රනිල්ට ඕනේ මොකෙක් හරි යවලා තමන්ගේ බලය තියාගන්න. රටට හෙන ගැහුවත් කමක් නැහැ. ඉතින් පැත්තවත් බලලා ඡන්දෙ දෙන්න හොඳ නැහැ.
Hafeel Tuesday, 17 September 2019 11:45 AM
බලයට අැවිත් අහෝසි කරන ඒක කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. හැමෝම ඔය පොරොන්දු තමයි දුන්නේ. නමුත් අහෝසි කලේ නැහැ. අනික සමහර අය කොහොමටත් ඉඩ දෙන්න නැහැ ඕක අහෝසි කරන්න. පුළුවන් නං දැන් පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් හෝ ගෙනල්ලා අහෝසි කරන්න.
Sirilal Tuesday, 17 September 2019 11:47 AM
දැන් ඔබ විශ්‍රාම ගියොත් වටිනවා. වයසින් මුහුකුරා ගිය ඔබ වසර 70 කළ කී දේ මදිද? . දැන්වත් තරුණයන්ට රට බාරදීලා යන්න.
මනෝ Tuesday, 17 September 2019 11:47 AM
කිසිම ආකාරයකින් ජනතා ප්‍රශ්න ගැන අවධානයක් යොමු නොකළ ස්වාර්ථයට මුල් තැන ලබා දී බැදුම්කර සිද්ධිය හෝ පාස්කු ප්‍රහාරය වැනි අවස්ථා වලදී කිසිදු වගකීමක් නොදැරූ පාර්ලිමේන්තුවට සුවිශේෂී බලයක් ලබා දීමට කතා කිරීම ජනතාව රවටන නිර්ලජ්ජීලත උත්සාහයකි.
Chathuri Tuesday, 17 September 2019 12:13 PM
මේ කිසිම ගිවිසුමක් අවශ්‍ය නැහැ. පක්ෂේ කට්ටිය රටට, ජනතාවට අවශ්‍ය විදියට වැඩකෙරුවා නම්... ටිකක් අතීතය හිතලා බලන්න. ඒ කාලේ තමයි නියම දේශපාලනය කරපු පක්ෂ නායකයින් හිටියේ... ඡන්ද කාලෙට... ඒ ගොල්ලන්ව පිළිගන්න ජනතාව මග බලන් ඉන්නේ.., දැන් ඉන්න අයට පුළුවන්ද? පොලිස් භටයෙක් නැතිව පාරේ යන්න, කොයි පක්ෂේත් එකයි. දැන් ඉන්න අය කරන්නෙම හොරකම, එන්නෙත් ඒකටයි, එකෙක් හොරාකාපුවම ඇති, මේ හොරාව පක්ෂෙන් නෙරපන්නේ නැතිව, අනිත් අයත් හොරා වෙනුවෙන් නැගී සිටිනවා. මොලයක් තියෙන මිනිහාට මේවා අප්පිරියයි. රට හදන්න කලින් තමන් හැදෙනවා. මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. හරි පැත්ත තෝරා ගන්න..
Ajith Tuesday, 17 September 2019 12:49 PM
රටේ දහසකුත් එකක් ප්‍රශ්ණ තියෙනවා. නමුත් මේ මනුස්සයා රටේ නායකයා තෝරන ඡන්දෙට ඉදිරිපත් වන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කියාගෙන...
රජින්ද Tuesday, 17 September 2019 12:52 PM
ගව පට්ටියක තවත් එවැනිම ගවයෙක් මිස... සිංහයෙක් රජ නොවේ.
Chanak los angeles Tuesday, 17 September 2019 04:56 PM
හොරුන්ට සාපේක්ෂව මෙතුමා නුසුදුසුද?
chandima Wednesday, 18 September 2019 12:11 AM
ඔක්කොම එකවල්ලේ පොල්...
sudda Wednesday, 18 September 2019 02:04 AM
අන්තිමට ගාමිණී දිසානායක පරම්පරාව, ප්‍රේමදාස පරම්පරාව පරදවාවි වගේ...
sudda Wednesday, 18 September 2019 02:30 AM
2018 ඔක්තෝබර් මාසයේ සියලු වැඩ පෙන්නුවේ මේ ටිකටද? ජනාධිපතිතුමා අන්තිමේදී පක්ෂග්රාහී වුනා වගේ මෙතුමා කතානායක තනතුරේදී නිතරම පක්ෂග්රාහී වුවේය. නමුත් එවිටත් යටි අරමුණ බෑනා රජකරවීම බව ඉඳහිට පෙනුනි. කමක් නැත. අපටත් ඕස්ට්‍රේලියාවේ වත්තකින් ඇපල් ගෙඩියක් දෙකක් ලැබේවා.
janahitha Wednesday, 18 September 2019 03:05 AM
ජනපතිධූරය අහෝසි නොකළ යුතුයි. අවශ්‍ය වන්නේ බහුතර සිංහලයාගේ එකමුතුව පමණි. නැතිනම් ඔවුන්ට රටක් නොමැති වෙනවා. නැවතත් වහාම අහෝසි කළ යුත්තේ ඊනියා 19 ව්‍යවස්ථාව සහ එයට මුල් උන අය , ජනපති අගමැති සහ ශ්‍රී.ල.නි.ප. හෙංචයියන් රටක් වටින ජනතාවගේ දරුවන්ගේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සංචාරකයන්ගේ ආරක්ෂාව නැතිව මිය ගියේ මේ ඊනියා ව්‍යවස්ථාව මගින් පරිපාලනය බිඳ වැටීම නිසාය. ජනවාරි පළමු වැනිදා අනිවාර්යෙන්ම මෙය වෙනස් කරනවා ජනතාව විසින්ම , නැති නම් ජනතාවනි රට වෙනුවන් පෙරට එන්න.....
thilakasiri Wednesday, 18 September 2019 03:56 AM
කරූටයි, ගෝඨාභයටයි... සජිත්ට වඩා බුද්ධිමත් පාවෙන ඡන්ද ලැබෙනු ඇත. මන්ද සජිත් කියන කරන ආකාරය බුද්ධිමතුන් ගරු නොකරන අදට නොගැලපෙන 70 දශකයට ගැලපුණු ඒවා වීමත් පසුගිය ඔක්තෝබර් 26දා මෛත්‍රි විසින් රනිල් ඉවත්කර මහින්ද පත්කළ වෙලේ කරූ ප්රජාතන්ත්රවාදය රැකගන්න අභීතව ක්‍රියාකළ ආකාරය හා සජිත් මෛත්‍රී සමග සිට අන්තිම මොහොතේ රනිල් වෙනුවෙන් ඉදිරිපත් වූ හැටිත් ගෝඨාභය, ෆොන්සේකා සමග කොටි සටන පරාජය කිරීමට ක්‍රියාකළ ආකාරයත් සජිත් මේෂන් බාස්ලා ලවා ගෙවල්, පන්සල්, පල්ලි හැදුවා ඇරෙන්න එවැනි බරපතල දේශපාලන හැකියාවක් පෙන්වා නැති අතර දැනට කියන්නේද දේශපාලන බොළඳ කතා වන අතර කරන්නේ දේශපාලන බොළඳ ක්‍රියාය. ඔරොත්තු නොදෙන තනතුරු ලැබීම නිසා දැනුත් මොහු නීතිය, සම්ප්රදාය, විනය යනාදී සාරධර්ම පසෙකලා ක්‍රියාකරන බැවින් මීටවඩා තනතුරු දුන්නොත් මොහුගේ පියාට දීලා කරගත් වින්නැහියට වඩා හපන්වනු ඇත. මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මුදල් ඇමති මෙයාගේ පුරෝහිතයා වීමෙන්ම මොහු කවුදැයි වටහාගත යුතුයි. කියන තරම් ජනබලයක් මොහුට නැත.
chandimaWednesday, 18 September 2019 07:15 PM
මෙච්චර කාලයක් රට කාපු අයට දෙන ඡන්දවලට බුද්ධිමත් ඡන්ද කියන්නේ මොන ගොනාද?
Deepal Nirosh Wednesday, 18 September 2019 06:39 AM
එහෙනම් ඔබතුමා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍යම නැහැ. ජනතාවගෙන් ඡන්දය අයදිය යුත්තේ එම තනතුරට පත්වෙලා රටට, ජනතාවට සාධනීය හා සාධාරණ සේවයක් කිරීමේ අරමුණින්. එසේ නැතුව ජනතාවට වග කියන අදාළ තනතුර අහෝසි කිරීමේ අරමුණින් ජනතාව ඉදිරියට විත් අයදීමේ තේරුමක් නැහැ.
chandima Wednesday, 18 September 2019 03:06 PM
හොරා වගේ අර පරණ තැටිය හංගලා තියාගෙන ඉඳලා තියෙනවා නේද මේ පාර ඡන්දෙට ගන්න...?
sharm warn Friday, 27 September 2019 05:21 AM
අවුලක් නැහැ අන්න අරයා වැඩේ ගොඩ දාගෙන.පුරුදු විදියට "ඕඩර් ප්ලීස් " කියා කියා ඉන්නකෝ.