IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේ

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කළ පෙත්සම විභාගයට නොගෙනම  නිෂ්ප්‍රභ කිරීමට  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 

නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 5ක මුදලක් ගෙවන්නැයි ද පෙත්සම්කරුට නියම කෙරිණි.  ජූලි 31ට පෙර නඩු ගාස්තු ගෙවන ලෙස ද නියෝග කෙරිණි.

අගවිනිසුරු ජයන්ත ජයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් එම විනිසුරු මඩුල්ල සමන්විත විය.



අදහස් (22)

ජනපතිවරණයට එරෙහි පෙත්සම විසි වේ:ලක්ෂ පහක දඩයකුත් නියම වේ

ජයනාත් Monday, 15 July 2024 03:23 PM

එක සැරයක් පැහැදිලිව කිව්වා ජනාධිපතිවරණය අවුරුදු 5 හරි කියලා . එහෙම තියෙද්දි ආයේ සැරයක් උසාවි යාම අධිකරණයට කරන අපහාසයක් නේද.. මේකව හිරෙත් දැම්මා නම් හොඳයි .

:       22       176

Surain Monday, 15 July 2024 03:28 PM

උත්තම ශ්‍රේෂ්ඨාධිකරණය අපේ ප්‍රණාමය

:       0       0

PGPThilak Monday, 15 July 2024 03:34 PM

දූෂිත අරමුණු වෙනුවෙන් අධිකරණය උපයෝගී කරගනිමින් පුරවැසි අයිතීන් යටපත් කිරීමේ තවත් උත්සාහයක් පරාජය වීම යුක්ති ගරුක සැමගේ සතුටට කරුණක් ඉක්මනින් තීන්දුව දුන් අධිකරණයට ප්‍රණාමය!!

:       0       2

සුපුන් චාමර Monday, 15 July 2024 03:37 PM

අටවනගේ අවසන් ඇටවිල්ලත් ඉවරයි

:       0       2

චන්දිම Monday, 15 July 2024 04:20 PM

ඊළඟට ඔය වැඩේට එන එකා ලක්ෂ දහයක දඩයකුත් එක්ක හිරේට යන එක ෂුවර්.

:       0       3

රංබොඩ Monday, 15 July 2024 04:31 PM

මේ ලොක්කගෙ ගෝලයෝනෙ වෙට්ටු දාන්න යන්නේ . නිකම් කාලෙ කනවා. මොනව වුණත් වෙට්ටුවත් නීත්‍යානුකූලව දාන්න හදපු එක ගැන අපි සතුටු වෙන්න ඕන.

:       0       2

විජිත් Monday, 15 July 2024 04:47 PM

ගරු අධිකරණයට ස්තුතිවෙවා !!!

:       2       56

de silva Monday, 15 July 2024 05:00 PM

ගරු අධිකරණයෙන් හොඳ තීන්දුවක් දීලා තිබෙනවා. ඊළඟට මේ ප්‍රශ්නෙම අල්ලාගෙන අධිකරණේ එක්ක විහිළු කරන්න එන එකාව වසරක් හිරේ දමලා ලක්ෂ 25 පමණ දඩයක් නියම කරන්න...

:       4       64

Asela Monday, 15 July 2024 05:35 PM

තව ඉන්නවද.....තව ඉන්නවද.....තව...තව.... ඊළඟ එකට ලක්ෂ 10යි. අධිකරණ තීන්දු හෑල්ලු කරනවට හොඳ වැඩේ.

:       0       1

Kamal Koyrala Monday, 15 July 2024 06:16 PM

ලෝක නීති විශාරදයෙක් කියා සිතාන ඉන්නා අයත් පක්ෂ දෙකඩ කරලා නඩුවලිනුත් පරදී. එහෙව් එකේ මානසික ලෙඩ්ඩු නඩු දාලා හරියනවද?

:       0       3

Ariyathilaka Monday, 15 July 2024 06:33 PM

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මුල් පැනවීම ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක කාලයකට සම්මත කර තිබිණි. 2015 අප්‍රේල් 28 වන දින ශ්‍රී ලංකා පර්ලිමේන්තුව විසින් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 30වන ව්‍ය්වස්ථාව මුල් පැනවීම ඉවත් කර, එකී 30 ව්‍යවස්ථාවට ප්‍රතියෝජනය කිරීමෙන් අවුරුදු හයක් වූ ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහක් දකවා අඩු කෙරිණි. 2015 ජනවාරි 09 දින ජනාධිපතිධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට වර්ෂ හයක ධූර කාලයකට පත් විය. එනම් 2015 .01..09 දින සිට 2021.01. 09 වන දිනට ඉකුත් වීමට මාසයකට අඩූ නොවන කාලයක් සඳහා ජනාධිපති ධූරය දැරිය හැකිය.

:       0       0

Ariyathilaka Tuesday, 16 July 2024 02:15 PM

නමුත් මෛත්‍රිපාල සිරිසේන මහතාට එපමණ කාලයක් ජනාධිපතිධූරය දැරීමට නො හැකි විය. හේතුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථා සංශෝධනය අනුව ජනාධිපතිධූරයේ වසර පහ ඉක්මවීමට පෙර ජනාධිපතිවරණය කැදවීම සහ ජනාධිපතිවරණය පැවැත් වීම ය. 2019 සැප්තැම්බර්18 දින ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමෙහි උපදෙස් පරිදී ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුව විසින් 2019 ඔක්තොම්බර් 7 දින ජනාධිපතිවරයා තෝරා පත් කර හැනීමට නාමයෝජනා බාර ගන්නා දිනය බවත්, නොවැම්බර් 16 දින මැතිවරණ දිනය බවත්,

:       0       0

Ariyathilaka Monday, 15 July 2024 06:36 PM

අංක 2141/25 අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණය කර ප්‍රකාශය කරන ලදී. ශ්‍රී ලංකා රජයේ මුද්‍රණාල දෙපාර්තමේන්තුවට අංක 2141/25 අති විශේෂ ගැසට් පත්‍රය මුද්‍රණ්‍ය කිරීමට බලය පවරන ලද්දේ මැතිවරණ කොමිසම මගින් ය. මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයක් කැඳවීමේ අයිතිය ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලත් බලය මත ය. 2015 .01.09 වෙනි දින ජනවරමකින් වසර හයක(6) කාලයකට ජනාධිපතිධූරයට පත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය වසර හයක් දැරීමට ඇති අයිතිය අහෝසි කර, වසර පහකට පහකට අවසන් වන ලෙස ජනාධිපතිවරණයක් කැදවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව 30 ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව අනුව ය. ඒ අනුව මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය කැදවීම, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව සිදු වී ඇත.

:       0       0

Ariyathilaka Monday, 15 July 2024 06:38 PM

කොමිසම විසින් අංක 2141/25අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පිළිබඳ සියලු ක්‍රියා බලරහිත වනවා ඇත. මැතිවරණ කොමිසමට එම අති විශේෂ ගැසට් පත්‍රය පළ කරීමට සහ ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවිණි. 2019 ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිළිබඳ මැතිවරණ ක්‍රියා බල රහිත වුව හොත් 2019 නොවැම්බර් මස 16 දින ජනාධිපතිවරණ ඡන්ද විමසීම සහ එකී මැතිවරණයෙන් ජයග්‍රහණය කරන ලද, 2019 නොවැම්බර් 18 දින ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දිවුරුම් දී සක්‍රිය වූ ජනාධිපතිධූරය ද බල රහිත වනවා ඇත. 2022 ජූලි 14 දින ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ඉතිරි ධූරකාලය සඳහා පත් වන ජනාධිපති ධූරය ද බලරහිත වනු ඇත.

:       0       0

Ariyathilaka Monday, 15 July 2024 06:39 PM

1981 අංක 2 දරණ ජනාධිපති තෝරා පත්කරගැනීමේ විශේෂ විධිවිධාන පනත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 ව්‍යවස්ථා ප්‍රකාරව ක්‍රියා කළ හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ලෙස, නීත්‍යානුකූලව පත් ජනාධිපතිවරයකුගේ ධූරය හිස් වීමකදී පමණි. ඉහත දැක්වූ ප්‍රකාරව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුරය ඉකුත් වීමට පෙර ධූරය හිස් වීමක් සිදු නැත. හේතුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත් වීම ඉහත දැක්වූ ආකාරයට නීත්‍යානුකූලව පත් නො වුණු බැවිණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පත් වූ ජනාධිපතිවරයෙකුගේ ධූරය හිස් වීමෙන් ඉතිරි ධූර කාලයට පත් වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දරණ ජනාධිපති ධූරය ද බල රහිත වනවා ඇත. මේ පිළිබඳව ඇති කරන්නා වු සියලු ගැටළුවලට විසදුම, ශේෂ්ඨාධිකරණයෙන් දෙන තීන්දුවෙන් විසදී ඇති බව පැහැදිලි ය.

:       0       0

Ruwan De Silva Monday, 15 July 2024 06:40 PM

ජනපතිතුමාගේ මාමා කරපු වැඩ දැන් කරන්න බෑ දැන් තරුණ ළමයි තාක්ෂණයෙන් බුද්ධිමත් කරන හොරවැඩ ඔක්කොම දන්නවා. 88/89 දැන් වගේ ජංගම දුරකථන තිබ්බා නම් ලක්ෂ ගානක ජීවිත ඉතුරු වෙනවා.

:       0       3

Nandana Monday, 15 July 2024 07:26 PM

පිං ජනාධිපති ඡන්දෙට බයවෙලා පිස්සුවෙන් වගේ ගෝලයෝ දම්මලා පෙත්සම් ගහනවා.

:       0       5

Prabha Monday, 15 July 2024 07:43 PM

ලක්ෂ පහ රනිල් ගෙවයි සුටුස් ගාලා

:       0       4

ලලිත් පුෂ්පකුමාර Monday, 15 July 2024 08:39 PM

රනිල් රාජපක්ෂ දාන දාන මුට්ටිය බිඳිනවා

:       0       3

Srinath priyantha Monday, 15 July 2024 11:09 PM

උසාවිය එක්ක සෙල්ලම් කරන්න එපා. ඉහල සහ පහල උසාවිය සඳහා සුභ පැතුම්

:       0       1

Raju de Alwis Tuesday, 16 July 2024 04:50 AM

මම රනිල්ට. පාර්ලිමේන්තුවෙ ඉන්න එකම බුදධිමතා ඔහුයි. බලන්න කන්න බොන්න ගෑස් නැතිව තිබුන රට දැන් ටික ටික හොද වේගෙන එනවනෙ.

:       5       0

sam Tuesday, 16 July 2024 07:46 AM

මුන් මේ බොරුවට ප්‍රසිද්ධ වෙන්න කරන රඟපෑම් .හොඳ වැඩේ විසි කල එක.දඩ නෙමෙයි හිරේ දාන්න තිබුනේ උසාවියේ කාලය නිකන් කා දමන හින්දා

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 613 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 172 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 501 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 122 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1733 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 183 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site