(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර රටට ආදර්ශයක් දෙන්නැයි වත්මන්ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
ජනාධිපතිවරුන් එසේ කටයුතු කරනවිට ඇමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සහ නිලධාරීන්ට එසේ කටයුතු කිරීම මගහැර යා නොහැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
වික්‍රමරත්න මහතා මෙසේ පැවසුවේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමිනි.
එරාන් වික්‍රමරත්න මහතා මෙසේද සඳහන් කළේය.
වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා. රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමා ගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ටආදර්ශයෙන් ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්. රට ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රසිද්ධියට?
ධර්මදාස සිරිවර්ධන. Friday, 26 May 2023 12:12 PM
ඉතා හොඳයි. කාගෙත්ම ඒවා එළියට දාන්න.
prasanna Friday, 26 May 2023 12:23 PM
ලංකාවේ ණය ට්‍රිලියනය ගැන හිටපු ජනාධිපති ගණනෙන් බෙදුවාම එක් අයෙකුගේ වත්කම්වල වටිනාකම හොයාගන්න පුළුවන්... ගොඩක් සරල ගණිතය...
sankaFriday, 26 May 2023 10:21 PM
ඕකට කියන්නේ මෝඩකම මිසක් සරල ගණිතය නෙවෙයි...
සාලිය Friday, 26 May 2023 12:31 PM
ජනපති වෙන්න ඉදිරිපත් වුණු, ඉදිරිපත් වෙන අයගේත් විස්තර දෙනවා නම් හොඳයි.
Nimal Friday, 26 May 2023 01:04 PM
වත්කම් හොයපු විදිහත් දාන්න. කරපු රස්සාවල පඩියයි, වෙනත් ආදායම් මාර්ග තිබ්බා නම් ඒවයි වශයෙන්... එතකොට ඔක්කොම හිරේ දාන්න පුළුවන්.. හරිම සරලයි.
ගුණසිරි Friday, 26 May 2023 01:14 PM
වත්කම්, බැරකම් ප්‍රකාශ ගැනීමට නියම කිරීම විතරක් මදි. සෑම වසරකම මුල් කාර්තුව වනවිට නොදී සිටින අය සම්බන්ධයෙන් කිසියම් දඬුවමක් වත්මන් මුදලේ වටිනාකම අනුව නියම කරන්න ඕනෑ.. මේවා ගැන සොයන්න විධිමත් ක්‍රමයක් හදන්න ඕනෑ... එහෙම නැතුව වත්කම්, බැරකම් පනත පමණක් තිබුණා කියලා වැඩක් නැහැ. රජයේ නිලධාරින්ගේ පමණක් සොයලත් මදි... පළාත් පාලන ආයතනවලත් ඉන් ඉහළ ආයතන වලත් සිටින සියලු දේශපාලකයින්ගේත් අනිවාර්යයෙන් බලන්න ඕනෑ.
Nimesh Friday, 26 May 2023 02:31 PM
වැඩක් නැහැ... ඔක්කොම හංගලා තියෙන්නේ පිටරටවල නම්, ඒකනේ අර ආඩම්බර අප්පච්චි නීතියක් ගෙනාවේ... පිටරටවල වත්කම් හොයන්න/ හෙලිකරන්න බැහැ කියලා...
රනුල්Friday, 26 May 2023 03:10 PM
හීනෙන් ද නිමේශ්?
මහිලාල් Friday, 26 May 2023 03:00 PM
ඕක ඔය තරම් කරදර වෙන්න ඕන දෙයක් නෙමෙයි. තනතුරේ දිව්රුම් දීමට වත්කම් බැරකම් ප්‍රකාශයත් අරගෙන එන්න කියන්න.
ගමේ එකාලා Friday, 26 May 2023 03:10 PM
එක එකාගේ නම් වලින් පිටරටවල හන්ගලා ,,.උගන්ඩාවටත් ඩොලර් මිටි ගණන් යවලා තියෙන්නේ .දූෂිත දේසපාලුවන්ට තියෙන්නේ කපට් කයිරාටික මොලේ.
Gunendra Friday, 26 May 2023 04:20 PM
අපි නීති විරෝධී පල්ලියේ ආදායම බැලීමට කැමතියි.