(සුජිත් හේවාජුලිගේ)
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
එලෙස විමර්ශන පවත්වා එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් එම මුදල් අය කර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
පසුගිය කාලයේදී විවිධ කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා 14ක් පත්කර ඇති බවත් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් කොමිෂන් සභා දෙකක පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටවනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල පසුව අහෝසි කළ බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
හිටපු පොලිස්පතිතුමා සැඟවී ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේ අද පැවසීය.
විශේෂ නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ (SSW) ජපානයේ හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලාංකිකයින්ට ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යා
උඩරට මාර්ගයේ බදුල්ල හා හාලිඇල අතර අද අළුයම සිදු වූ නායයෑම හේතුවෙන් බදුල්ල සිට මහනුවර සහ මහනුවර සිට බදුල්ල දක්වා ධාවනයවීමට තිබූ බඩු දුම්රිය දෙක අවලංගු
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාශයෙන් නිලධාරී
දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍ර
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී
යෝගා Saturday, 01 March 2025 05:35 PM
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි තවත් ප්‍රකාශයක්. මේවා කියන්න ඉස්සර නීති අංශ වලින් අහලා හිටියොත් හරි..