(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ රාත්‍රියේ මහනුවර සිරි දළදා වන්දනාවේ නිරත බැතිමතුන් හමුවට හදිසියේ ගොස් ඔවුන්ගේ සුව දුක් විමසා බැලුවේය.
ජනාධිපතිවරයා කලින් නොදන්නවා හදිසියේ මෙලෙස පැමිණීම පිළිබඳව වන්දනා මැතිමතුන් පුදුමයට පත් වූ ආකාරයේ දැකගත හැකි විය.එහිදී වන්දනා මැතිතුමතුන් පැවසූයේ දින ගණනාවක් පෝලිම් වල සිටින තමන්ගේ දුක් සැප බලන්නට ජනාධිපතිවරයා පැමිණීමෙන් ඉතා සතුටට පත් වූ බවයි.
මේ අතර ජනාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ඊයේ රාත්‍රියේදී හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පෙරවරුවේ මල්වතු-අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇමතිවරුන්ට වෙන් කෙරෙන කාමරයක
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජි
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වතිකාන තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජනපති හදිසියේ මහනුවර වන්දනා බැතිමතුන් හමුවට යයි
අරවින්ද මොණරවිල Friday, 25 April 2025 09:33 AM
දැන් වහලුන්, බයියන් වැලලෙන්න හදයි චන්ද ගුන්ඩු කියලා, නමුත් අනුර ඔය මුකුත් නොකර තමයි ජනාධිපතිකමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකුයි ගත්තේ, ඒ නිසා රාජපක්ෂලා වික්‍රමසිංහලා සහ ප්‍රේමදාසලා බලය සදහා ගහන ගේම් මාලිමාවේ නැත.
Pravhaan Friday, 25 April 2025 11:38 AM
අනුර රාජ්‍ය බලය ගත්තේ බොරු කියලා. වෙන මුකුත් ගුණ්ඩු ගහන්න ඕන නෑ. මතකනේ උගන්ඩා කුමාරි කෑ ගගහා කිව්වා ඒවා. ඡන්දෙ දිනලා ඉවර වුණාට පස්සේ කිව්වේ අපි බොරු කිව්වා කියලා. දැන් කරන්නේ චන්දනීති කැඩීමක්. එපා කියලා කියද්දී මැතිවරණ කොමිසමට කොකා පෙන්නලා යනවා. කලින් අය කරපු වැරැදි නිසා ඒ අයව එපා කියලා දැන් තමුන්ම ඒ වැරැද්ද කරනවා. මාලිමා ජේවීපී රෑන තමයි අපේ රට දැන් නැති කරන්නේ...
Mr.HowsadFriday, 25 April 2025 12:21 PM
කෙරුවෙ මොකක්ද කියලා ඔය හරියටම කියලා තියෙන්නෙ ඩෝර්බි මහත්තයා කවුරුවත් කලින්ම අවිල්ල කියලා. පචේට ආයෙ චන්දෙ හම්බෙන්නෙ නැහැ කියලා දන්න නිසා තමයි දැන් සුපුරුදු රාජපෑමට බැහැලා තියෙන්නෙ.
යෝගා Friday, 25 April 2025 09:36 AM
වැඩේ අනාගෙන, නුවර එකම කුණු කන්දක් කරලා, දළදා වහන්සේට අපහාස කරලා දැන් යනවා ඡන්ද හිඟමනේ. ලැජ්ජයි හලෝ. තමුන්ට සංවිධාන කරන්න පුලුවන් බස් වලින් රැස්වීම් වලට සෙනග අදින එක විතරද?
ලුම්බිණි Friday, 25 April 2025 10:38 AM
දළදා වහන්සේට අපහාස කලේ මේ විදියට අපිළිවෙලට මේක සංවිධානය කළ අය....
JayasekaraFriday, 25 April 2025 11:07 AM
කිසිම අපහාසයක් නැහැ... බුදුරජාණන් වහන්සේ සෝපාක ගාවටත් හොයාගෙන ගියා... ඔයිට වඩා කුණු ගඳ ගහන... ජනාධිපතිතුමා පෝලිම්වලින් නොගොස් කෙළින්ම දළදා වහන්සේ වැන්ද එකටත් දොස් කියපු රටක්නේ මේක...
shyamFriday, 25 April 2025 12:09 PM
අඬන්න එපා අනේ
randil dunuwilleFriday, 25 April 2025 12:21 PM
යෝගට දුක අනුර ජනාධිපති උන කාලේ දළදාව පෙන්වන එක වගේ. රනිල් හරි රාජපක්ෂලා හරි හිටියා නම් "සාදු සාදු" කියයි.
prasanna Friday, 25 April 2025 10:03 AM
චන්දෙ හිඟා කනවා .ලැජ්ජයි
මහසෙන් Friday, 25 April 2025 10:51 AM
හහ්.. මැතිවරණ රාජකාරි වෙන්න ඇති. ගුරා එක තැන ඉඳලා කරන දේ ගෝලයෝ දුව දුව කරනකොට ඔහොම එළියට ඇවිත් රඟපාන්න වෙනවා. පම්පෝරි සහ කයිවාරු ඇති... වැඩ කරන්න. ඡන්දේ දුන්නේ ඒකට...!
Indika Friday, 25 April 2025 10:57 AM
ඡන්දේ ළඟයිනේ.. අනාගත්ත වැඩේ කොහොම හරි ගොඩදාගන්න එපැයි.. බැරිකම වහගන්න එපැයි.
sahan fernando Friday, 25 April 2025 11:15 AM
පැලවත්තේ සල්ලි වලින් වෙන්න ඇති ඔය චන්දෙ හිඟාකන්න යන්නෙ. ඔයිට වඩා නරකද, අර බොනිකර තරුව අරන් ගිහින් උන් එක්ක එකතුවෙලා නුවර වනසලා තියෙන කුණු ටික සුද්ද කළා නම්? නිකන් මීඩියා ෂෝ වල රඟපාන්නේ නැතුව
සෙනෙවිරත්න Friday, 25 April 2025 12:29 PM
අනුර ආවෙත් දළදා පෙරහැර ඉවරයි කියපු අය දැන් මේව දැකලා ඉවසගන්න බැරිව, මොනවා හරි කියවනවා. අනුරට ඡන්ද හිඟන්න අවශ්‍ය නැහැ... ඡන්ද කොහොමත් ලැබෙනවා...
සෙනෙවිරත්න Friday, 25 April 2025 12:33 PM
යෝග ඔයාගෙ අවලාද තියාගන්න, වෙච්ච දේ රටම දන්නවා, තමුන්නැහැලා හිතුවේ ඕක නෙවෙයි, ඔය වන්දනාවට දහයක්වත් එන එකක් නැහැ කියලා, උනේ කව්රුවත් නොසිතපු ජනගඟක් එකතුවීම, සෙනඟ එකතුවෙන තැන අපවිත්‍ර වෙන එක කව්රුත් දන්නවා, අනෙක ඔය එන්නේ සැපගන්න නොවෙයි.