IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ජිනීවා යන්න අලුත් කණ්ඩායමක්

 
(තිළිණි ද සිල්වා)

 
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද  සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ වාර්තාව සළකා බැලීමේ අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපාන මහතාගේ නායකත්වයෙන් යුතු දූත පිරිසක් ශ්‍රී ලංකා රජය නියෝජනය සහභාගී වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා සහ   ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර පෙරේදා (12) පවත්වනු ලැබූ සාකච්ඡාවලින් පසුව , ජිනීවා නුවර පැවැත්වෙන මෙම සාකච්ඡා සඳහා කොළඹින් සහභාගී වන රජයේ නියෝජිත පිරිසෙහි සංයුතිය තීරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය  ගරු තිලක් මාරපන මහතාගේ නායකත්වයෙන් යුත් එම දූත පිරිසට  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය සරත් අමුණුගම ,උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ,විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ. නෙරින් පුල්ලේ යන මහත්වරුන් ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.

ජිනීවා නුවර එක්සත් ජාතීන් සඳහා වූ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ. අසීස් මහතා, නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසූරිය මහත්මිය සහ ජිනීවා නුවර ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ සෙසු අදාළ නිලධාරීහුද ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අයත් වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

මෙම දූත පිරිස 20 වැනිදා මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරියගේ කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරිපත් කෙරෙන අතර අතර ඊට පසුදින (21) ශ්‍රී ලංකාව විසින් සම අනුග්‍රහකත්වය දක්වා ඇති  ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා සම්මතය සළකා බැලීමේ අවස්ථාවට සහභාගී වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.



අදහස් (5)

ජිනීවා යන්න අලුත් කණ්ඩායමක්

රොෂාන් Wednesday, 13 March 2019 11:23 AM

පසුගිය සතියේ දිනෙක ඉතාලියේ හා ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික දේශප්‍රේමීන් රැලක් ජිනීවා මානව හිමිකම් කාර්යාලය අසලට ගොස් මහා හයියෙන් සද්දයක් දමා වැස්සට තෙමී ගෙන නැවත ගෙදර පැමිණි බව ආරංචියි. රණවිරු දඩයම නවත්වන්න කියලලු සද්දේ දැම්මේ, එවිට කාර්යාලයෙන් පිටතට පැමිණි සුදු මහතෙක් එක දේශප්‍රේමියෙකුගේ කනට කොඳුරා " නුඹලාගේ රටේ පාලකයින් තරම් අප රණවිරුවන්ට අසාධාරණයක් කර නොමැති බවත්, යුද්ධය නිමාවී, වසර දහයක් ගත වුවත් මේ වනතෙක් කිසිදු රණවිරුවෙකුට දඬුවමක් හෝ කිසිදු අසාධාරණයක් සිදු නොකළ බවත්, රණවුරුවන්ව විකුණාගෙන දේශපාලනයේ යෙදෙන්නේ, නුඹලාගේම තක්කඩි දේශපාලකයින් බවත්, මෙවැනි දියුණු රටවල් වල ජීවත් උනත්, තවමත් මොලේ මුහුකුරා නොමැතිව, තක්කඩි පාලකයින් වෙනුවෙන් කඩේ යන නුඹලා ඔවුන්ටත් වඩා මෝඩ ගොන් රැලක් නිසා ප්‍රවේශමෙන් නිවෙස් වලට යන ලෙස" අවවාද කලාලු.

:       468       550

chathuri Wednesday, 13 March 2019 11:28 AM

මහින්දගේ නඩේට... යන්න පුළුවන්නේ, සත්‍ය සිද්දීන්. දන්නේ මොවුන් පමණයි. ගොඨාගේ අණට සියලුම දේවල් සිද්ද වුනේ.... මහින්ද හිටියේ සිහින ලෝකේ...

:       300       265

BamunuarachchiFriday, 15 March 2019 08:58 AM

කොහොම හරි වැඩේ කෙරුවනේ. මහින්දගේ නඩේ නැතුව රනිල්ගේ නඩේ හිටියා නම් අද උතුර නැගෙනහිර පාලනය කරන්නේ ප්‍රභාකරන්. මේ ගොයියන්ට කැක්කුම තිබෙන්නේ රට ගැන නොවෙයි. එලොවටත් මෙලොවටත් වැඩක් නැති රනිල් ගැන. රනිල්ගේ කෙරුවාව නිසා තමයි අපිට බුරුතු පිටින් ජිනීවා යන්න වුනේ... එවුන් දෙමළුන් වෙනුවෙන් සිංහලයාගේ ජාතියයි, රටයි දෙකම පාවලා දුන්නා. තවත් කතාව රනිල් ගැන...

:       0       0

chandima Wednesday, 13 March 2019 12:09 PM

උපාය මාර්ග අයත් යනවද?

:       0       0

Chandima Wednesday, 13 March 2019 12:12 PM

මේවා මේ එක එක්කෙනා දාන අදහස් වලින් විතරක් තීන්දු තීරණ වලට එන්න බැහැ. මොකද යුද්ද කාලෙත් සමහරු ඔය එක එක දේවල් කටට එන පලියට කිව්වනේ. හරියටම ජිනීවා වල වෙන්නේ මොකක්ද කියල ස්වාධීනව රටේ මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් විධියට හෙළිවන ක්‍රමවේදයන් නැහැ. ආණ්ඩුවේ දේශපාලයෝ ජිනීවාවල සියල්ල වෙන්නේ බොහොම හොඳටයි කියල කියනවා. තව පැත්තකින් ඇහෙනවා අච්චර මෙච්චර මිනිස්සු තොග ගණනින් මැරුව කියල වාර්තා සම්මත වෙනවයි කියලා. ජනාධිපති තව කතාවක් කියනවා. හැබැයි අපි නම් දන්නවා බෙදුම් වාදියෝ ටික නම් අපිට විරුද්ධව කරන්න පුළුවන් අන්තිම දේත් කරනවා මොන ක්‍රමේකින් හරි රට බෙදල කඩා ගන්න. ඒ නිසා ඔය සුරංගනා කතා වලින් නම් වැඩක් නැහැ. මොකද අන්තිමේදී ඔය දේසපාලුවෝ අරයට මෙයට ඇඟිල්ල දික්කරල කවුරුත් සුදනෝ වෙන්නයි හදන්නේ.

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 59 0

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 68 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 106 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 279 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 241 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 1117 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site