(නිමන්ති රණසිංහ)
ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත් බලශක්ති ඇමැති නිතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.
විපක්ෂය දිගින් දිගටම තෙල් හිඟයක් ඇතිවනු ඇති බවට සඳහන් කරමින් බොරු ප්‍රචාර නොකරන ලෙසට ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සදහන් කළේය.
විදේශ විනිමය අර්බුදයකදී ලෝකයේ රටවල් මුලින්ම මුහුණ දෙන්නේ තෙල් හිගයකට බවත්, සීමිත විදේශ විනිමය ප්‍රමුඛතා පදනමින් ඉන්ධන සඳහා වෙන් කිරීමට ආණ්ඩුව කටයුතු කළ නිසා ඉන්ධන හිඟයක් ඇති නොවුන බවත් අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බලශක්ති අමාත්‍යාංශයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගීවෙමිනි.
ලබන දෙසැම්බර් මාසයේදී ඛනිජ තෙල් ගවේශනයට ලංසු කැඳවීමේදී හොඳ ප්‍රතිචාරයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී සදහන් කළේය.
මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම ලබන 2027 දක්වා ඇමරිකානු සමාගමකට ලබා දීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට විදේශ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධකයක් වන බවත්, ඒ පිළිබද වන නිරීක්ෂණ තමා අමාත්‍ය මණ්ඩලයට ලබා දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
විදුලිබලාගාර විශාල ගණනක් පුද්ගලික අංශයේ ආයෝජන මත සිදුවෙන බවත් ගැටලුව වන්නේ ශ්‍රීලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය වසර පහකට ඇමරිකාව හිමිව තිබීම බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ ආසන 159 ක් ලබා දෙමින් ජනතාව තැබූ විශ්වාසය කිසිදිනක පළුදු නොකරන බවත් එම බලය ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා යොදා ගන්නා බවත් ජන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’ජනවාරි තෙක් ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ’’
Perera Thursday, 30 September 2021 12:14 AM
තෙල් සංස්ථාවේ සභාපති කියනවා තව මාසෙකට තෙල් තියෙනවා කියලා...
lelwala Thursday, 30 September 2021 08:02 AM
මොහුගේ කාර්ය භාරය වන්නේ රජය ජනතාවගෙන් ඈත් කිරීමය
L.G.P.Jathunarachchi. Thursday, 30 September 2021 10:43 AM
තවත් නැවුම් නූල් !!!!!!
Bamunuarachchi Thursday, 30 September 2021 04:40 PM
ඒ කියන්නේ ජනවාරියේ ඉන්ධන හිඟයක් ඇතිවෙනවා කියලාද?