IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


ජොන්ස්ටන් ජනාධිපතිටත් - සාටකයටත් මුවාවෙලා වහසිබස් දොඩනවා

(ඉන්දික අරුණ කුමාර)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විවිධ වහසිබස් දොඩවමින් සිටින බව අපේ ජන බල පක්ෂයේ ජාතික ලයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

නාඋල  ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඥානසාර හිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

කුරුණෑගල බුවනෙකභා හෝටල ඩෝසර් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු උන්වහන්සේ කියාසිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටින බවයි.

මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ගලගොඩඅත්තේ ඥානසාර මෙසේ පැවසුහ.

‘ දැන් ඝෝඨාභය රාජපක්ෂ මහත්තයට යම් කිසි කීර්තියක් ලැබිලා තියෙනවා. මිනිසුන්ගේ චිත්තාරාධනාවට ඔහු පාත්‍ර වී තිබෙනවා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.

දැන් මේ මහින්ද මහත්තයාගේ සාටකේටයි ඝෝඨාභය මහත්තයාගේ කීර්තියටයි මුවා වෙලා බලන්න අර ජොන්ස්ටන් ඇමැති අර බුවනෙකභා මණ්ඩපේ කඩා දැම්මගෙන් පස්සේ කියනවා මම මයිලකට අත තියන්න දෙන්නේ නෑ මම නගරාධිපතිගේ කියලා. බැරිවෙලාවත් මේ නගරාධිපති දඹුල්ලේ හිටියානම් සීගිරියටත් මේ මනුස්සයා බෝර දානවා.

පොඩිදරුවන්ට යන්න හොද නැහැ අසභ්‍ය පින්තූර තියෙනවා කියලා පෙරළාලා දාන්න බැරිනෑ සීගිරියත් ඒතරම් මොට්ටයි මූ. ජොන්ස්ටන්ට මොකක්ද තියෙන අයිතිය මොනවද කියන්නේ, පොහොට්ටුව බලයට ගේන්න උදව් කරපු කිසි කෙනෙකුට අපි අත තියන්න දෙන්නේ නැහැ.

එතකොට පොහොට්ටුවේ අයට මේ රටේ තියෙන්නේ එක නීතියක් ද? ඒ ඇමැති කට්ටට මුවා වෙලා ඒ ගොල්ලන්ට පුලුවන් ද මේ පුරාවස්තු විනාශ කරන්නයි වෙන අපරාධ කරන්නයි.

වරද කවුරු කරත්, ඒක කොළපාටද ? නිල් පාටද ?සන්ධාන ගත වෙලා කලත් මැදමුලනේ එවුන් කළත් වරද වරදමයි. ඒ වරද වරද හැටියට නොදකින තාක්කල්, මේ වහල් දේශපාලනයේ යෙදෙන තාක්කල් අපිට නිවනක් නැහැ.

ඒ නිසා අද දවසේ භික්ෂූන් වහන්සේලා හැටියට අරගල කරන්න ඕනෑ, සටන් කරන්න ඕනෑ පෙමුණ ගන්න ඕනේ ක්‍රියාශිලිව වැඩ කරන්න ඕනේ. සුද්දන්ගෙන් රට බේරගත්තා වගේම මේ කළු සුද්දන්ගෙනුත් රට බේරගන්න ඕනේ.

ඔය පොහොට්ටුව වෙන්න පුලුවන් අනිත් අය වෙන්න පුලුවන් ඔය ඔක්කොටම තියෙන්නෙ ඡන්ද කැඩෙන එක ගැන ප්‍රශ්නයක්.

හැබැයි අපිට තියෙන්නේ මේ සිංහලයට තියෙන රට නැතිවීම පිළිබද ප්‍රශ්නයක්.මේ කාපට් දැම්මයි කියලා. මහ කජ්ජවල් නෙවෙයි. යටිතල පහසුකම් හදනවා කියලා කියන එක මහලොකු දේවල් නෙවෙයි.මේවා කරන්න තමයි රජයට අපි බදු මුදල් දෙන්නේ කන කෑම ටිකෙන්ද මේ සියල්ලෙන්ම.

මේ හැමකෙනෙක්ම කියන්නේ සංවර්ධනය කරනවලු. හැබැයි සංවර්ධනයෙන් වැඩක් තියෙනවද අවසානෙදී සිංහලයන්ට රට නැති වෙනවා නම්. අපේ ජනබල පක්ෂය හැදුවේ මේ රට තුළ ඉතාම නපුරු විදිහට පමා ඇති සිංහලයන් නැගිට්ටවලා අනාගතය වෙනුවෙන් අද දවසේ අප විසින් කළ යුතු යුතකම් සම්පූර්ණ කරන්න.

එදා චන්ද්‍රිකා නෝනා  පැකේජය දෙන්න ලැස්ති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු පෙරමුණ ගිහිල්ලා පොල් බෙදුවා අපි එදා ගිහිල්ලා පොල් ගැහැව්වා.එහෙම තමයි වන්දිබට්ටකම් කරන වහල් දේශපාලනයේ හැටි. අපිට ඕනෑ පාර්ලිමේන්තුව ඇතුළේ තීරක බලය වෙන්න ඇයි ඒ ?

මේ ලොකේ එකම ජාතිය තමයි සිංහලයෝ තමන්ගේ ජාතියට ඡන්ද ලක්ෂ එකසිය දහයක් තියාගෙන ඒ ඡන්දවල තියෙන බලය එක පිඩකට එකතු කරලා සිංහලයන්ගේ ආණ්ඩුවක් හදාන්නවා වෙනුවට බල කදවුරු ගණනාවකට බෙදිලා මේ රටේ මහජාතිය දුර්වල කරලා තියෙනවා.

ඒ නිසාම සුළු ජන වර්ග වල හා සුළු පක්ෂ වල බලහත්කාරයට යටවෙමින් රටේ අනාගත පරම්පරාවට තියෙන සම්පත්, උරුමයන් බලාගෙන ඉන්දැද්දි වෙන්දේසි කරනවා‘ යැයි ද කියා සිටියේය.

මෙම අවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග වදින ඉසුරු ජයවර්ධන,වෝල්ටර් තැන්නේ,ප්‍රසාදි බණ්ඩාර,බණ්ඩාර විජේසූරිය සහ නිශාන්ත රම්පිටිය මහත්වරු මෙන්ම නාඋල ප්‍රදේශවාසිහු පිරිසක් ද එක්ව සිටියහ.



අදහස් (13)

ජොන්ස්ටන් ජනාධිපතිටත් - සාටකයටත් මුවාවෙලා වහසිබස් දොඩනවා

ජෙහාන් Friday, 24 July 2020 09:30 AM

ඕක ඉතින් මහ දෙපළටම කෙලින්ම කිව්වා නම් අහවරයිනේ.. තැන් තැන්වල කෙඳිරි ගාන්නේ නැතුව... පහුගිය කාලෙ වගේ කුරුණෑගල ගිහින් නගරාධිපතිතුමාගේ බෙල්ලෙන් අල්ලන් පොලිසි ගෙනියන්නේ නැත්තේ ඇයි? බය නගරාධිපතිටද, එයාට උඩින් ඉන්න අරක්කු ජොනීටද නැත්නම් ඒ ඔක්කොම රකින රාජපක්ෂලාටද?

:       58       4011

puppa Friday, 24 July 2020 10:13 AM

හාමුදුරුවනේ කෙළින් කියන්න වහෙන් ඔරෝ නැතිව.. ජොන්ස්ටන් ළඟ ඉන්නේ වෙන කවුරුත් නොවේ මහින්ද, ගෝඨාභය. කෝ ජනාධිපති වෙලා තාමත් ප්‍රකාශයක් ඔය ගැන නොකළේ..? මිනිස්සු දන්නවා ඔය නඩය ගැන.. මහින්ද ආවොත් ඔය ගොඩනැගිල්ලේ අනිත් ටිකත් කඩනවා..

:       80       3509

Saman Friday, 24 July 2020 10:23 AM

කෞතුකාගාරයේ කඩු උස්සනකොට ඔබවහන්සේලා කොහේද හිටියේ? සීගිරියේ ඝාණ්ඨාරේ උස්සනකොට කොහේද හිටියේ? එදා ඕක නැවැත්තුවා නම් මේගොල්ලෝ මේවා කරන්නේ නැහැ. දැන් පරක්කු වැඩියි. රට කාලා තමයි නවත්වන්නේ...

:       48       2273

beau Friday, 24 July 2020 10:38 AM

හරියට හරි.. මේ කසිප්පු සහ පොල් අරක්කු කාරයාගේ හිතේ එයා තමයි කුරුණෑගල බුවනෙකබාහු කියලා. මෙවැන්නන්ගේ විෂදළ ගලවන්න සුදුසුම කාලය දැන් ඇවිල්ලා... ඡන්ද දායකයින්ට කරන ආයාචනයත් එයයි.

:       5       2872

සෑම් Friday, 24 July 2020 10:48 AM

කොහෙද හාමුදුරුවනේ, ජනාධිපතිට කීර්තියක් හම්බ වෙලා තියන්නේ? මාස 8ක් තිස්සේ හුළං බැහැපු පඹයෙක් වගේ බලාගෙන ඉන්නවා කියලා නම් මිනිස්සු දන්නවා. ඇයි පුරාවිද්‍යාව භාර අගමැතිගේ නැත්තම් ජනාධිපතිගේ ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න බැරි කඩපු එකාව අත්අඩංගුවට ගන්න කියලා?. කුරුණෑගල ශාපි දොස්තර ඕකට ගෑවිලා හිටියානම් බුවනෙකබාහු රජතුමාට මෙලහකට ඕකට නීතිය ක්‍රියාත්මක කරවගන්න තිබුණා.

:       206       3019

විපරමා Friday, 24 July 2020 11:42 AM

දේශපාලුවන් එකාටඑකා හොර දූෂිතයන්... බල තණ්හාව, පැවැත්ම තමයි ඔවුන්ට වටින්නේ...

:       0       283

Champa Friday, 24 July 2020 11:50 AM

පුරාවිද්‍යා පනත කියන්නේ හුඟක් බලතල තියෙන පනතක්... ජොන්ස්ටන්ට ටොකු අනින පිරිස ඇයි ජනාධිපතිවරයාගෙන් අහන්නේ නැත්තේ හොරගල් අහුලන්නේ නැතුව ඔහුට තියෙන බලතල පාවිච්චි කරලා නගරාධිපතිව අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි කියලා? ජොන්ස්ටන්ට කට වැරදුණා. හැබැයි ජොන්ස්ටන් කවදාවත් සිංහල, මුස්ලිම් භේද ඇති කරන්න කතා කලේ නැහැ. ඔබවහන්සේම තැනක කිව්වා 2015 මහින්ද පරද්දන්න මුල් වුණා කියලා. ඔබවහන්සේ මහින්ද පරද්දන්න, 2012 අවුරුද්දේ වගේ මට මතක, සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇති කරලා මහින්ද ඇති කරපු රටේ සමගිය නැති කළා. ඔබ වහන්සේ එදා ලක්මාතාවට කරපු කැළල අදටත් මැකිලා නැහැ. මේ මැතිවරණයත් එනකොට අටළුගම හරහා, මුහුදු මහා විහාරය හරහා සහ වෙනත් විදිහට පිරිසක් නැවතත් මුස්ලිම්වරුන්ට එරෙහිව සිංහලයන් උසි ගන්වන්න හැදුවා. නමුත් සිංහලයින් ඒ උගුලට අහුවුනේ නැහැ. ඔබවහන්සේද මුල්වෙලා ගෙනාපු යහපාලන ආණ්ඩුව මේ රටට කරපු විනාශයට ඔබත් වග කියන්න ඕනේ. ලොකුම විහිළුව නම්, දයාසිරිද ඇතුළුව අද ජොන්ස්ටන්ගේ වචනයක් අල්ලාගෙන කෑමොර දෙන්නේ මේ රටේ සිංහල බෞද්ධ සමාජය විනාශ කරන්න මුල් වුණු සිරිසේනගේ පාලනයේ කොටස්කරුවන් වීම...

:       749       626

pradeepa Friday, 24 July 2020 01:20 PM

අනේ අපේ හාමුදුරුවනේ.. රාජපක්ෂලා බබාලා කරන්න එපා.. ඔය ජොනීලා ඕවා කලින් අහලා කරන වැඩ.

:       46       303

Rata Perata Friday, 24 July 2020 01:58 PM

හාමුදුරුවනේ..., අපිට පව් සිද්ධ කරන්නේ නැතිව ඉන්නවද? එක එක්කෙනාට සුදුහුණු ගාන්නේ නැතිව ඔය වැඩේ කරපු අය ගැන දන්නේ නැතිනම් නිශ්ශබ්දව වැඩ ඉන්න.

:       46       110

karu Friday, 24 July 2020 03:21 PM

මේ ඥානසාර හාමුදුරුවෝ යහපාලන ආණ්ඩුවට උදව් කලේ නැහැ. හොඳ ඉඩම් කෑල්ලක් එහෙම ගෝඨා මහතා පූජා කළා. අපිත් බලාගෙන ඉන්නේ ඇයි මේ හොර රැලට බනින්නේ කියලා. සමහරවිට තේරිලාද දන්නේ නැහැ සුළඟ හමන අත වෙනස් වෙලා කියලා.

:       134       176

Warnakulasuriya Saturday, 25 July 2020 03:52 AM

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එයා ජනාධිපතිවරයාටත් වඩා බලවත් විධියටයි කතා කරන්නේ. ⁣අරක්කු මුදලාලිලා මේ වගේ බලයක් හිමිකර ගැනීම ගැන ජනතාවට සැක නොසිතේද? දේශපාලකයින් සහ ඔවුන්ගේ පිරිවර චණ්ඩින්ය. ගමේ අරක්කු මුදලාලිත් චණ්ඩියෙකි. රටේ අරක්කු මුදලාලිත් චණ්ඩියෙකි. රටේ හාල් මුදලාලිත් තවත් පැත්තකින් චණ්ඩියෙකි. පාතාලයද චණ්ඩින්ය. කුඩු මුදලාලිලාද චණ්ඩින්ය. ප්‍රජාතන්ත්‍රවාදී මුතුඇටයේ අනෙක් පුරවැසියන් නිවටයෝද?

:       0       2

nishshanka Saturday, 25 July 2020 05:56 AM

හාමුදුරුවන්ට අපහාස කරන්න එපා... මේ රටේ සිංහලයා‍ට ප්‍රශ්න තියෙනවා. උන් වහන්සේ එදා ඉඳන් පෙනීසිටියේ මේ ජාතිය වෙනුවෙන්. උන් වහන්සේ කරන්නේ ජාතියේ අවශ්‍යතාවයයි.

:       5       383

ranjith Monday, 27 July 2020 12:06 AM

අද නියම පාක්ෂිකයෝ පැත්තකට දාලා ලඟදි එක්සත් ජාතික පක්ෂයෙන් එකතු වුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ
2025 අප්‍රේල් මස 13 457 0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.


මියන්මාරය යළි සෙලවෙයි
2025 අප්‍රේල් මස 13 540 0

මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
2025 අප්‍රේල් මස 13 163 0

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 314 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 311 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 178 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 221 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 774 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site