(ආරියරත්න රණබාහු)
කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපතිව වැඩ විසූ කොළඹ නවකෝරලයේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ සත්දින මතක බණ පිංකම එම විහාරස්ථානයේදී අද(07)දා රාත්‍රී පැවැත්විණි.
එහිදී ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ, සබරගමු රත්නපුර දෙ දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති කරන්ගොඩ පොත්ගුල් රජමහා විහාරය සහ පැල්මඩුල්ල දාගැබ් රජ මහා විහාරය යන උභය විහාරාධිපති ත්‍රිපිටකාචාර්ය බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමිපාණන් වහන්සේලා විසිනි.
ගංගාරාමයේ විහාරස්ථානයේ දායක සභාවේ සභාපති රංජිත් විජයවර්ධන මහතා විසින් දේශකයාණන් වහන්සේට දැහැත වට්ටිය පිළිගන්වා ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන ලදි.
පුරා පැය එක හමාරකට වැඩිකාලයක් ධර්ම දේශනාව පැවැත්වුණු අතර දේශනාව අවසානයේ දේශකයන් වහන්සේට අටපිරිකර ඇතුළු පිරිකර පූජා කිරීම දායක සභාවේ සභාපති සහ ලේකම් ඇතුළු දායක දායිකාවෝ සිදුකළහ.
විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් හිමි ප්‍රධාන විහාර වාසි භික්ෂූන් වහන්සේලාගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව විසින් මෙම පිංකම සංවිධානය කර තිබිණි .
(ඡායාරූප ශාන්ත රත්නායක)
උතුරු පළාත් අාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි
සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්
කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද දහවල් (23) අභාවප්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ජනහිතකාමී යතිවරයාණෝගේ සත් දින බණ අද