( මහින්ද නිශ්ශංක )
මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් ජන්දදායකයින් වෙත බෙදා හැරීමෙන් පසු ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් ඉතිරිව තැපැල් කාර්යාලවල තබා ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය ඔක්තෝබර් 27 දා සිට පසුගිය 7දා දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ජන්දදායකයින්ගේ නිවෙස්වලට තැපැල් මගින් බෙදා හරින ලද අතර 7 දා වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 96 කට අධික ප්‍රමාණයක් බෙදා අවසන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.
දැනට තැපැල් කාර්යාලවල ඉතිරිව ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා විදේශ ගතව සිටින හා පදිංචිය වෙනස් කිරීම් කළ ජන්දදායකයින්ගේ හා වෙනත් හේතූන් මත මෙතෙක් ලබා නොගත් ඒවා බවට විශ්වාස කරන බවද ඒ මහතා සඳහන් කළේය .
මේ අතර මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයින්ට හෙට (10) සිට 14 දා දක්වා තැපැල් කාර්යාලයට ගොස් ලබා ගත හැකි බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
රජයට බාරයට ගත් හිටපු අමාත්‍යවරුන් පාවිච්චි කළ නිල නිවාසවල ආරක්ෂාවට ඊයේ (12) යුද හමුදාව යෙදවූ බව අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පා
එකලස් කළා යැයි කියන සුජීව සේනසිංහ මහතාට අයත් රුපියල් කෝටි 10 ක් පමණ වටිනා සුඛෝපභෝගී V8 වර්ගයේ මෝටර් රථය අධිකරණ භූමියේ රඳවා තැබීමට පසුකම් හෝ ඉඩ නොමැති බැවි
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අනුබද්ධිත විහාරස්ථානයක, විහාරාධිපති ස්වාමීන් වහන්සේ නමකට, පහරදී මරණ තර්ජන කර වසරකට ආසන්න කාලයක් වරින් වර රුපියල් තුන්ලක්ෂ හ
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට ලබාදී තිබූ බංගලාව සිහිකැඳවීම් ගණනාවකින් පසු රජයට ඊයේ(12) බාර දුන් බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජන්ද කාඩ් ලක්ෂ 6 කට වැඩි ප්‍රමාණයක් තැපැල් කාර්යාලවල
ජහමනයා Sunday, 10 November 2024 07:46 PM
කියන කියන හැම එකම විශ්වාස කරන අමුතුම ඡන්ද දායකයින් ඉන්න රටක් ඕයි මේක.