IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි

(ලුසිත ජයමාන්න)
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින් සිදුවුණු බවත්, ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානී නාචෝ සැන්චේස් අමෝර් මහතා පවසයි.

රටවල් බොහොමයක ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල වී,දේශපාලන වශයෙන් අස්ථාවර වෙද්දී, ජන අරගලයකින් පසු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන අයුරින්, විනිවිදභාවයකින්, ඡන්ද දායකයන්ට පමණක් නොව, අපේක්ෂකයන්ටත් විශ්වාසය තැබිය හැකි ආකාරයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයටම ආදර්ශයක් බව ද යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් සෙසු රටවලට බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි යැයි යුරෝපා සංගම් මැතිවරණ කණ්ඩායමේ ප්‍රධානියා අවධාරණය කළේය.

ස්පාඤ්ඥය නියෝජනය කරමින්, යුරෝපා පාර්ලිමේන්තුවට තේරී පත්වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් සාමාජිකයෝ, පසුගිය සති කීපයේ දිවයිනේ රැඳී සිටිමින්, ජනාධිපතිවරණය පැවැත්වෙද්දී, ඡන්ද ගණන් කරද්දී සහ ප්‍රතිඵල නිකුත් කරද්දී රට පුරා යමින් ඒ සියලු කටයුතු නිරීක්ෂණය කළහ.

සැන්චේස් අමෝර් මහතා ප්‍රමුඛ යුරෝපා සංගම් නිරීක්ෂණ කණ්ඩායම් මෙරටට පැමිණ සිටින්නේ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම කළ ඇරැයුමක් පිළිගනිමිනි.

‘මමත්, යුරෝපා සංගමයේ නිරීක්ෂකයෝත් රටවල් රැසක මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදී තිබෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අදාල සියලු කටයුතු ඉතාමත් සාමකාමීයි. සෙසු කලාපීය රටවල් සමඟ බලද්දී, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි. බංග්ලාදේශය අද දේශපාලනික වශයෙන් අස්ථාවර වෙලා. පසුගිය කාලයේ එරට මැතිවරණ පිළිබඳ ගැටලු මතු වුණා. මැතිවරණ පැවැත්වූයේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් බැහැරවයි. ඒ නිසා අද බංග්ලාදේශය අර්බුද රැසකට මුහුණ දෙනවා. ඒ දේවල් අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ’ යැයි නාචෝ සැන්චේස් අමෝර් මහතා කරුණු පැහැදිලි කළේය.

පොලිස්පතිවරයකු නොමැතිව, ආරක්ෂාව තහවුරු කරමින් මැතිවරණයක් පැවැත්වීම ප්‍රසංශනීය බව නාචෝ සැන්චේස් අමෝර් වැඩි දුරටත් පැවැසිය.  පැවැති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් නිර්දේශ කීපයක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමටත්, පසුව නව රජයටත් යොමු කිරීමට කටයුතු කරන බව ද සැන්චේස් අමෝර් මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී ප්‍රචණ්ඩ ක්‍රියා ඉස්මතු වේවි යැයි දේශපාලනඥයන් සමාජ මාධ්‍ය ඔස්සේත් බියක් පතුරුවා තිබුණත්, තමන් ප්‍රමුඛ තම නිරීක්ෂකයන් කණ්ඩායම ද එවැනි තත්ත්වයක් අපේක්ෂා කළත්, එවැනි තත්ත්වයක් උදා නොවුණු බව සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කරන වාර්තාවට නිර්දේශ සහ යෝජනා කීපයක් ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ද සැන්චේස් අමෝර් මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.

‘අප නිර්දේශ කීපයක් ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් අප මාසයකින් පමණ එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්නැයි අප බල කරන්නේ නැහැ. නමුත් මට විශ්වාසයි නව රජය සහ මැතිවරණ කොමාසම ඒ ගැන අවධානය යොමු කරාවි. ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 38 දෙනකු සහභාගී වුණා. සමහර අපේකේෂකයන් මැතිවරණ රැළිවලට පවා සහභාගී වුණේ නැහැ. අනවශ්‍ය විදියට අපේක්ෂකයන් ඉදිරිපත් වීම අනවශ්‍ය වියදමක් ලෙස අප දකිනවා. ආර්ථික අභියෝග මැද ජනාධිපතිවරණයක් පැවැත්වූ ශ්‍රී ලංකාව වැනි රටකට එය බරක්. එපමණක් නොවෙයි. කාන්තා අපේක්ෂකයන් කිසිවකු සිටියේ නැහැ. ඒ ගැන අප කනස්සල්ල පළ කළ කරනවා’ යැයි ද සැන්චේස් අමෝර් මහතා පෙන්වා දුන්නේය.



අදහස් (1)

ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි

Ravindra Monday, 23 September 2024 04:03 PM

සෑහෙන කාලෙකින් ලෝකයේ රටවල් අපිව ඇගයීමකට ලක්කළා. නියමයි.

:       0       36

ඔබේ අදහස් එවන්න

දියත

සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 615 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 715 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 709 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 849 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 941 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 4572 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23427 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23066 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site