බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජිනගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
64 හැවිරිදි නරුහිතෝ අධිරාජ්‍යයාගේත් මසාකෝ අධිරාජිනියගේත් බ්‍රිතාන්‍යයට පැමිණ සිටින්නේ තෙදින නිල සංචාරයක් සඳහාය.
ඔවුන් නැවතී සිටින හෝටලයට ගිය තෙවැනි චාල්ස් රජුගේ පුතු ඔටුන්න හිමි විලියම් කුමරු, නරුහිතෝ අධිරාජ්‍යයා සහ මසාකෝ අධිරාජිනිය බකිංහැම් මාලිගයට කැඳවාගෙන ආවේ අශ්වාරෝහකයන් පිරිවරා ගනිමින්, රත්තරන් අශ්ව කරත්තයකිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජපන් අධිරාජ්‍යයාටත්, අධිරාජිනියටත් ඉතා ඉහළ රාජකීය පිළිගැනීමක් හිමිවුණු බවය.
ජපන් අධිරාජයා සහ අධිරාජිනිය වෙනුවෙන් බකිංහැම් මාලිගයේ විශේෂ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර, ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ විපක්ෂ නායක කීර් ස්ටෙමර් ද සහභාගී වූහ.
ජපන් අධිරාජයා සහ අධිරාජිනිය මෙම බ්‍රිතාන්‍ය සංචාරයට පැමිණියේ චාල්ස් රජු සහ විලියම් කුමරුන්ගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් කුමරිය පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ලබමින් සිටිද්දීය.
ඊට අමතරව, චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරිය ද අශ්වයකු එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව සිටී.
ජපන් අධිරාජයා මීට පෙර බ්‍රිතාන්‍යයට පැමිණියේ 2022 වසරේදීය. ඒ, දෙවැනි එලිසබත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගීවීම සඳහාය. නරුහිතෝ අධිරාජ්‍යයා 1980 දශකයේ උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ බ්‍රිතාන්‍යයේදීය.
(ඒ.එෆ්.පී.)
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජපන් අධිරාජ්‍යයාට මහ ඉහළ පිළිගැනීමක්
පිටරටවැසියා Wednesday, 26 June 2024 02:01 PM
බ්‍රිතාන්‍යයේ රජෙක් විතරයි ඉන්නෙ, රැජිනක් නෑ. රජුගෙ බිරිඳට කියන්නෙ කුමරිය කියලා. එකත් මෙයාට හිටපු එලිසබත් රැජින දුන්නෙ නෑ, පස්ස දොරෙන් රජ මාලිගයට අපු නිසා, හැබැයි දැන් කොහොමද කියලා දැනුවත් නෑ. රටේ ජනතාවට වැරදි පුවත් මගින් වැරදි වැටහීම් නොදෙන්න...ස්තූතියි.