(අංජුල මහික වීරරත්න)
ජපානයේ රැකියා වලට එන ලාංකිකයන්ගේ පහසුව සඳහා තොරතුරු පැකේජයක් හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කර තිබේ.
ජපාන රැකියා සඳහා යන ලාංකිකයන්ට අවශ්‍ය සියලු මග පෙන්වීම් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති එම තොරතුරු පැකේජයෙන් ලබා ගත හැකි බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා පැවසීය.
ජපානයේ රැකියා ලබාදීම සඳහා පවත්වන විභාග තොරතුරු, විශේෂ නිපුණතා ශ්‍රමික වැඩසටහන යටතේ කෙරෙන බඳවා ගැනීම් පිළිබඳ විස්තර, ජපානයේ රැකියා සඳහා බඳවා ගන්නා ආයතන 123 ක සියලු විස්තර මෙහි ඇතුළත් කර තිබෙන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජපානයේ රැකියා ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් පිළිබඳ විස්තර ද විභාග පවත්වන දිනයන්, ආගමන විගමන තොරතුරු ආදියද මෙහි ඇතුලත් කර ඇති බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා කීය.
"slembassyjapan.com"වෙබ් අඩවියට ප්‍රවේශ වී එම තොරතුරු ලබා ගත හැකි බව ද ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා ලබන දෙසැම්බරයේදී ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.
රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ
විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ජපන් යන ලාංකිකයන්ට පාර කියන්න දොරටුවක්‘