(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් කිසිම දිනක දැක නැති සංචාරක පක්ෂියකු සිංහරාජය ආශ්‍රිත මෝනින් සයිඩ් ප්‍රදේශයෙන් වාර්තා වූ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
මෙම පක්ෂි විශේෂය Delichon dasypus ලෙස සත්ව විද්‍යාත්මකව හඳුන්වන අතර Asian House Martin ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
ඔවුන් කුඩා වැහි ලිහිණි විශේෂයකි. දිලිසෙන කළු නිල් පැහැති පියාපත් සහ සිරුරේ පිට පැත්තත් සුදු පැහැයට හුරු අළු පැහැති සිරුරේ යට කොටසත්, කැපී පෙනෙන සුදු පැහැති තලයක් සහිත වීමත් මොවුන් හඳුනාගැනීමට පහසුකරයි.
1850 වර්ෂයේ දී ප්‍රංශ ජාතික පක්ෂි විද්‍යාඥයකු වූ චාල්ස් බොනපාට් විසින් මෙම වැහි ලිහිණි විශේෂය මුල්වරට හඳුනාගෙන විද්‍යාත්මක නාමකරණය සිදුකර ඇත.
දකුණු දිග ජපාන්‍ය, අග්නිදිග රුසියාව, මොංගෝලියාව, කොරියානු අර්ධද්වීපය යන ප්‍රදේශවල තම පැටවුන් බෝකරන මෙම පක්ෂි විශේෂය දකුණු ආසියාවේ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල, නේපාලයේ, භූතානයේ, බංග්ලාදේශයේ දක්නට ලැබෙයි. එමෙන් ම ඔවුන් ඉන්දුනීසියාවෙන් ද වාර්තා වී ඇත.
ගාල්ල වනජීවී සරක්ෂණ සංගමය විසින් සිංහරාජ මෝනිං සයිඩ් ප්‍රදේශයේ පවත්වාගෙන යන ජෛව විවිධත්ව පර්යේෂණ හා කාලගුණ දත්ත නිරීක්ෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින් අද (05) මෙම විශේෂයේ කුරුල්ලන් දෙදෙනකු ප්‍රථම වරට නිරීක්ෂණය කර තිබේ.
මෙය Delichon dasypus හෙවත් Asian House Martin කුරුල්ලන් සංක්‍රමණික පක්ෂීන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන බව තහවුරු වූ පළමු වාර්තාකිරීම බැවින් එය ලෝකයේ ම සත්ව විද්‍යාත්මකව වැදගත් අවස්ථාවකි.
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජපානයේ සිට උඩින්ම සිංහරාජයට ඇවිත්