(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට සිදු කළ ප්‍රදානයන් නිල වශයෙන් බාරදීම ජනාධිපති කාර්යාලයේ දී අද(10) සිදු විය.
හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන, පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩසටහන සහ ජාතික සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා මේ ආධාර ලැබී තිබේ.
ජපනයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය කොමුරා මසාහිරෝ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීහු ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඊට එක් වූහ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා කීවෙි හදිසි ප්‍රතිචාර දැක්වීමේ වැඩසටහන (ERP) යටතේ හිමි වූ ජපාන ආධාර සෘජුවම ආර්ථික දුෂ්කරතා හමුවේ වඩාත් අවදානමට ලක් විය හැකි පවුල් වෙත ලැබීමට කටයුතු සළස්වා ඇති අතර එමඟින් රට පුරා පවුල් එක්ලක්ෂ හතළිස් පන්දහසකට (145,000) ප්‍රතිලාභ ලැබී ඇති බවයි.
මේ දක්වා ජපාන රජය විසින් ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 7270ක් ලබා දී ඇති බවත්, ඒ යටතේ පාසල් ආහාර වැඩසටහන සදහා රතු පරිප්පු ප්‍රදානය කිරීම සිදු වූ අතර එමගින් පාසල් ළමුන් නවලක්ෂ හැට දහසකට (960,000) ප්‍රතිලාභ ලැබී තිබෙන බවද සමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති
ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල
තැනින් තැන ඇඳහැලෙන මහ වැසි සමඟ ගම් රැසකජනතාව පීඩාවට පත්ව සිටී.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ජපානයෙන් ලංකාවට හිත පිරෙන්න තෑගි
විජිතමුනි Tuesday, 10 October 2023 08:48 PM
පුළුවන් නම් ඔය පරිප්පු ටිකත් හොරා කාපල්ලා. සුනාමියෙන් ආපදාවට පත් වුණු පවුල්වලට දෙන්න එවපු පරිප්පු අවුරුදු ගාණකට පස්සේ පුස්කාලා හමුවුණා... රඹුක්කන සමූපකාර ගබඩාවකින්.... සුනාමිය ආපු දුර හිතාගත්තැහැකි නේද...?
ManojTuesday, 10 October 2023 11:46 PM
අනිවාර්යයෙන්ම, ඔය ආධාර ටිකට දෙනවා වැඩේ... අඩුම තරමේ සතොසට හරි විකුණනවා.
CHANDIMA Tuesday, 10 October 2023 11:30 PM
අලයි, පරිප්පුයි දීලා නේද? සාඩින් ටින් දුන්නේ නැතිද?
Lalla Wednesday, 11 October 2023 08:59 AM
හිඟමන ජීවනෝපාය සහ බෝකිරීම වෘත්තීය කරන්න ලංකාව මෙහෙය වූ බණ්ඩාරනායක ලොක්කාගෙන් පටන්ගත්තු දූෂිත සම්ප්‍රදාය දිගටම ක්‍රියාත්මක කළ අපේ හිටපු දූෂිත නායකයින්ට ශාප වේවා... දැන්වත් ජනගහනය පාලනය කර පවුල්වල බර අඩුකර ගන්න බලකරන ක්‍රමයක් ක්‍රියාත්මක වනලෙස රට වෙනසකට භාජනය විය යුතුයි...
Saman Thursday, 12 October 2023 01:09 PM
නොදකින්, හිගන්නන්ට වගේ පරිප්පු දෙන්නෙ.