(ඩයනා උදයන්ගනී සහ විනීතා එම් ගමගේ)
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණයකු වූ, ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අද (6) අලුයම අභාවප්‍රාප්ත විය.
කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි ඔහු දින කිහිපයකට පෙර සුවය ලබා නිවසට ගිය අතර යළි ඇතිවූ හදිසි රෝග තත්වයක් හේතුවෙන් ඊයේ (5) දිනයේදී යළිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබිණි.
එහි ප්‍රතිකාර ලබමින් සිටි සුනිල් පෙරේරා මහතා මිය යන විට 68 හැවිරිදි වියෙහි පසුවිය.
ගායකයකු, වාදකයකු, සංගීතඥයකු මෙන්ම ගීත රචකයකු ද වූ සුනිල් පෙරේරා මහතා මෙරට කණ්ඩායම් සංගීතයේ විප්ලවයක් කළ අයකු ලෙස සැලකේ.
ඔහු සමාජයේ විවේචනය කළ යුතු දේ විවේචනය කිරීම සඳහා සිය නිර්මාණ හැකියාව යොදා ගත් කලාකරුවෙකි. සිංඤ්ඤෝරේ, ලුණු දෙහි, පාවෙන පීරිසියක්, වඩුවැඩෙන් දිවි රකින, ලංකාවේ, එහෙම වෙන්නෙ ඇයි අයි ඩෝන්ට් නෝ වයි, කැඩපතකින් කිසි දවසක නෑ, නෝනෙ මගෙ සුදු නෝනේ, කොත්තමල්ලි, සුමිහිරි පානේ, ඕයේ ඔජායේ, පිටි කොටපං නෝනේ ආදී ගීත රැසක් ඔහු නිර්මාණය කර ගායනා කළේය.
සිය පියාගේ 'ජිප්සීස්' සංගීත කණ්ඩායමට වයස අවුරුදු 11 දී පමණ සම්බන්ධ වූ සුනිල් පෙරේරා මහතා පසුව පියල් පෙරේරා ඇතුළු තම සොහොයුරන් හා ඥාති සොහොයුරන් එක් කරගනිමින් එය මෙරට ජනප්‍රියම සංගීත කණ්ඩායමක් බවට පත් කළේය.
ගීතා පෙරේරා මහත්මිය සමඟ විවාහ වී සිටි සුනිල් පෙරේරා මහතා ඩැඩී සංගීත කණ්ඩායමේ නිර්මාතෘ, ජනප්‍රිය ගායක ගයාන් පෙරේරා මහතා ඇතුළු දරුවන් සිවු දෙනකුගේ පියෙකි. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි.
මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා
ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක
2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ
මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්
බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජිප්සිස් නායක සුනිල් පෙරේරා මිය යයි
ruby Monday, 06 September 2021 07:33 AM
හරිම හිත හොඳ කෙනෙක්, හරිම දුකයි, හොඳ තැනක යලි ඉපදේවා.
Piyal Monday, 06 September 2021 05:07 PM
සමාදානයේ සැතපේවා
nimalMonday, 06 September 2021 09:52 PM
සුනිල් පෙරේරා කලාවේ සිට දේශපාලනය දක්වා ඕනෑම ක්ෂේත්රයක තිබෙන්නාවූ ගැටළු සහ වෙනස් වියයුතු සහ වෙනස් කලයුතු දේ පිලිබදව නොබියව ඍජුව අදහස් ප්‍රකාශකළ කෙනෙකි. ඔහු නැතිවූ පාඩුව සමස්ත සමාජයටම දැනෙනු ඇත. ඔහුට නිවන් සුව ලැබේවා.!
ලුම්බිණි Monday, 06 September 2021 07:38 AM
ඉතාම කනගාටුදායකයි. හොඳ මිනිහෙක්. ඔබට නිවන් සුව!
Karl Monday, 06 September 2021 07:40 AM
සමාදානයේ සැතපේවා!
මුණසිංහ Monday, 06 September 2021 07:43 AM
සංගීත ක්ෂෙත්රය නවමු මගකට යොමු කල ඔබ අපට නැවත හමු නොවනු ඇත. නමුත් ඔබගෙන් සිදු වූ මෙහෙය සදානුස්මරණීය වනු ඇත. ඔබ පැතූ මග විවර වේවා ! සුබ ගමන් !
Jude perera Monday, 06 September 2021 07:50 AM
සංගීතයේ ලේජෙන්ඩ් කෙනෙකුගේ නික්ම යාම. නිවන්සුව අත්වේවා.!
නුවන් Monday, 06 September 2021 07:50 AM
අතිශය කණගාටුදායක පුවතක්. කොවිඩ් රෝගයේ භයානකම සෙස්සන්ට කියාදී ඔබ නික්ම ගොස් ඇත..... ඔබට නිවන් සුව ලැබේවා....!!!
Asanga Monday, 06 September 2021 07:58 AM
ලංකාවේ සංගීතයට ලොකු පාඩුව මෙතුමාගේ වියෝව. එහෙත් සැමදෙනාටම පොදු දහමට අප සියලුදෙනා යටත්. නිවන් සුව ප්‍රර්ථනා කරමි.
ranjith Monday, 06 September 2021 07:58 AM
හොඳ කලාකරුවෙක්. නිවන්සුව ලැබේවා.!
Nimal Monday, 06 September 2021 08:09 AM
සියලු යහපත් මිනිසුන් අපව හැර යයි, හරිම දුකයි. ඔහුට නිවන් සුව ලැබේවා.!
nalin Monday, 06 September 2021 08:13 AM
වැරදි දේට වැරදියි කියන්නත් නිවැරදි පැත්තට කතාකරන්නත් හොද කොන්දක් තිබුන කලා කරුවෙක්. රටේ හොද මිනිස්සු එකා දෙන්න මැරෙනව. ඉගනගත්තු හොද මිනිස්සු රට අතෑරල යනව අනේ මන්ද මොනව වෙයිද කියලා මෙහෙම ගිහිල්ල. අවසානයේ ලංකාව මොන තත්වයට වැටෙයිද කියලා අපි දන්නෙ නෑ.
ArunaMonday, 06 September 2021 11:55 AM
එතුමා ගායකයෙක් හැටියටනම් අති විශිෂ්ඨයි - හැබැ ඔයා කියන අනිත් දේවල් නම් සම්පූර්ණයෙන්ම වැරදියි.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 September 2021 08:15 AM
අහෝ .. දුකකි. අප හදවත් සතුටින් තැබූ සුනිල් පෙරේරා මහතානෙනි, මේ සිදුවූ දෙයට හදවතින්ම දුක්වෙමි. ඊයේ දිනයේත්, මාගේ මාධ්‍ය මිතුරෙකු එවූ ඔබගේ වීඩියෝවක් බලා ඇති සේ සිනහ වීමු. ඔබගේ ආගම අනුව ඔබගේ පරලොව දිවියට සැනසීම ලැබේවා ... !!!
රසික Monday, 06 September 2021 08:39 AM
ජාතිවාදය ආගම් බේදයක් නැති රට වෙනුවෙන් පෙනීසිටිමින් සේවය කල එතුමාට මගේ ආගමට අනුව නිවන් සුව පතමි.!
ලලිත් Monday, 06 September 2021 08:46 AM
නිවන් සුව අත්වේවා සුනිල් අයියේ.
Nalin Monday, 06 September 2021 08:54 AM
ඔහුගේ ආත්මය සාමදානයේ සැතපෙවා...!!!
Piya Monday, 06 September 2021 09:01 AM
ඉතාමත් විශිෂ්ඨ කලාකරුවෙක්. සමාදානයේ සැතපේවා.!
රංජිත් විජේසිංහ Monday, 06 September 2021 09:14 AM
රටේ සිටිය හොඳම ගායකයෙක් දේශපාලනය හෝ ඔහුගේ මතය පිළිබඳව කතා කිරීම වැදගත් නොවේ. ඔහුට නිවන් සුව ලැබේවා.
kamal Monday, 06 September 2021 09:23 AM
බන්දුල ගැනත් ආරංචියක් නැතිද?
arschfikaaTuesday, 07 September 2021 01:27 AM
සුනිල් පෙරේරා වගේ විනෝදකාමී දක්ෂ හොඳ අය යද්දී, රට හොරා කන අය කුමට මෙලොවේ ඉන්නවද.?
jayasekara Monday, 06 September 2021 09:37 AM
පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතුවාසනා වේවා...
Keppetipola Monday, 06 September 2021 09:38 AM
ලක්ෂ සංඛයාත රසිකයන්ගේ මන දොල පින වූ ඔබට නිවන් සුව පතමි. ඔබ වැනි අවංක දක්ෂ කලාකරුවන් ඉතා දුලබය.
පිටිගල මිලානෝ Monday, 06 September 2021 09:41 AM
මැරෙන්න ඕනේ අය තවමත් නිදැල්ලේ..... හොරාකනවා.....
Hemantha Monday, 06 September 2021 09:42 AM
මාගේ බලවත් ශෝකය.!
Buddika . Monday, 06 September 2021 09:45 AM
ලංකාවේ සංගීත කලාව තුල වෙනසක් කල කලාකරුවෙක්. සුබ ගමන් සුනිල් අයියා.
Raveendra Monday, 06 September 2021 10:10 AM
ඔබට නිවන් සුව අත්වේවා...!!!
Chathura Gunarathna Monday, 06 September 2021 10:11 AM
ඔබට නිවන් සුව ලැබේවා...!!!
රුක්ෂාන් සිල්වා Monday, 06 September 2021 10:17 AM
මේ දවස් වල කවුරුත් හිතන් නැති විදියට ගොඩක් අය අපෙන් සමු ගන්නවා කොරෝනා මාරාන්තිකයි පරිස්සම් වෙන්න. විශේෂයෙන් ගෙදර ඉන්න අම්මා තාත්තා. එතුමාට නිවන් සුව ලැබේවා.!
සමිත සේනක අලුත්ගමගේ. Monday, 06 September 2021 10:26 AM
සුනිල් පෙරේරා මහතානෙනි,සුවවී නිවසට පැමිණ නැවතත් සිදුවූ මේ දෙයින් අපි බොහෝ සංවේගයට පත්වුනෙමු. ඔබ සමාදානයේ සැතපේවා ... !!!
Perera Monday, 06 September 2021 11:11 AM
සොමිය 1 සහ 2 ,පාටි ටයිම්ස් ,ඔජායේ , ලුණු දෙහි ,කොත්තමල්ලි ,ඇල්බම් සහ ගීත අපට දායාද කර දී නික්ම ගියා .හරිම දුකයි .ඔබ නිකංම ගියත් ඔබේ කටහඩත් ඒ ගීතත් ඒ ලබා දුන්න විනොදශ්වාදයත් අපගේ සිත් තුල සදා රැඳෙනු ඇත .ඔබේ ආත්මය සමාදානයේ සැතපේවා
Siri Perera Monday, 06 September 2021 11:30 AM
සාමදානයේ සැතපේවා
මිත්රසිරි Monday, 06 September 2021 11:31 AM
වැරදි දේට වැරදියි කියන්නත්, නිවැරදි පැත්තට කතාකරන්නත් හොද කොන්දක් තිබුන කලා කරුවෙක්. ලංකික සංගීතයේ පුරාවෘත්තයක නික්මයාම. සාමදානයේ සැතපේවා.
kamal Monday, 06 September 2021 11:44 AM
හරිම කණගාටුදායක පුවතක්...
Sanka Monday, 06 September 2021 11:47 AM
ජිප්සිස් සුනිල් මහතා ගැන බොහෝ අය බොහෝ දේ ලියනවා.මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඉතා ජනප්‍රිය ප්‍රාසාංගික ගීත කලාවක් සමග යහපත් දියුණු දේශපාලන පණිවුඩයක් සමාජය හමුවේ තැබූ කලාකරුවෙකු බවයි.ඔබට නිවන් සුව ලැබේවා.
සුදත් ශ්‍රී Monday, 06 September 2021 12:24 PM
සංගීතයේ අලුත් අත්දැකීමක් ලබාදුන් ඔබට අනේක වරක් ස්තුතියි. ඔබට නිවන් සුව... මොක් සුව පතමි...!
saman Monday, 06 September 2021 12:24 PM
සුනිල් අයියා කියලා කියන්න පුළුවන් රත්තරන් මනුස්සයෙක්... යහපත් මනුස්සයින් මේ මාතෘභූමියෙන් නිකන්ම යනවා. ඒක රටේ අවාසනාව... රටට වැඩක් නැති හොර තක්කඩි තාම ඉන්නවා.
ganegoda Monday, 06 September 2021 12:43 PM
අපගේ බලවත් කණගාටුව.
Marikkar Monday, 06 September 2021 12:53 PM
ඇත්තෙන්ම කම්පන සහගත ආරංචියක්. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු සහ මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ තානාපතිවරයෙක් අපට අහිමි වුණා. ඔහුගේ යකඩ හඬ තවමත් දෝංකාර දෙනවා. එතුමාට හදවතින්ම නිවන් සුව පතනවා...
Chamila Monday, 06 September 2021 01:04 PM
හිත හොඳ මනුස්සයෙක්... ඔබට සුබගමන්... නිවන් සුව ලැබේවා..!!!
බද්රානි Monday, 06 September 2021 01:12 PM
දේශපාලකයින්ට කත් අදිමින් වන්දිබට්ටකම් කරමින් මඩිය තර කරගත් නිවට, නින්දිත, ලංකාවේ නලාකරුවන්ව අප්‍රසන්න වී සිටින අවධියක, සුනිල් පෙරේරා මහතා සැබෑමවටම නිර්භීත සැබෑ කළා කරුවෙක්. වටිනා ගීත රැසක් දායාද කල එතුමාට, නිවන් සුව ලැබේවා යයි පතමි!!
පිටරැටියා Monday, 06 September 2021 01:32 PM
සුන්දර මනුස්සයෙක්.., ඔබ අපව හැර ගියේ ඇයි? මම දන්නේ නැහැ ඇයි කියලා... ඔබේ හඬ අපේ දෙසවන් තුළ තවමත් රැව්දෙනවා. හරිම දුකයි.
Don perera Monday, 06 September 2021 01:32 PM
අන්තිමට මෙයාව හමුවුණේ ලන්ඩන්වලදී... මොහු සොඳුරු මිනිසෙකි. හරිම දුකයි.
sashi Monday, 06 September 2021 02:08 PM
මගේ හිතට මහ පාලු, මූසල තනිකමක් දැනුණා පළවෙනි වතාවට... ඔබට නිවන් සුව පතනවා ගායකයාණෙනි..
pohottu sena Monday, 06 September 2021 03:07 PM
බලවත් කණගාටුව....
Prasanna Rathnasiri Monday, 06 September 2021 03:13 PM
අනේ අපේ කාලය සුවඳ කළ සැබෑමල් මිලින වෙමින් යන කළකි... ස්තුතියි රැඳවූ ඒ සුවඳට, අකමැතියි පිළිගන්න ඔබත් සමුගත් බව, ඔබ පැතූ ලෙසටම ඔබ ආත්මය සදා සුවපත් වේවා..!!!
John Perera Monday, 06 September 2021 03:28 PM
තවත් සොඳුරු චරිතයක අවසානය. ඔබට නිවන් සුව පතමි...!
විජිත් Monday, 06 September 2021 03:54 PM
ඇත්ත ඇති සැටියෙන්ම කතාකළ නිර්භීත, නිවහල් මිනිසෙක් ලෙස මම ඔබට සැමදා ගරු කළා. මම පාසල් යන අවදියේදී මගේ "සංගීත පිස්සුවේ" හිටපු දැවැන්ත විරයාණෙනි... ඔබට දෙව් සමිඳුන්ගේ රාජ්‍යයේ දොරටු විවර වේවා...!!!
අජිත් මදුරප්පෙරුම Monday, 06 September 2021 04:40 PM
හොඳ මිනිස්සු මැරිලා... නරක මිනිස්සු ඉතුරුවන රෝගයක් මේක... මේ අඩුව කවදා පුරවන්නද?
සෙනෙවිරත්න Monday, 06 September 2021 06:46 PM
සම්පූර්ණ ඇත්ත මම හිතන විදියට මංගල සමරවීර ,කෙලී මහාරාජා සහ මෙතුම එකවගේ අය මේ මඩ ගොහොරුව ගැන යම් මත ප්‍රකාශ කරල ජනතාව එයින් එලියට ගන්න මොනව හරි කලා. මේ අය සර්ව සම්පූර්ණ නොවෙනව ඇති. ඒත් සැඳෑ කාලයේ යමක් කලා එම තිදෙනාටම නිවන් සුව ලැබේවා!
rocky Monday, 06 September 2021 05:06 PM
මේ සමග මගේ පවුලේ සියලු දෙනාගේම දැඩි ශෝකය පලකරමු...
nanda Monday, 06 September 2021 05:08 PM
මේ සුන්දර මනුස්සයාගේ හොඳ වර්ණනා කරලා තියෙන ප්‍රතිචාරවලට විරුද්ධව කීපදෙනෙක් අන්ලයික් දාලා තියෙනවා. ඒවගේ මිනිස්සුත් මේ රටේ ඉන්නවා කියන එකයි තේරුම...
ගමේ එකාලාMonday, 06 September 2021 05:55 PM
සාන්තුවරයෝ කියලා හිතාගෙන ඉන්න අය,නැත්නම් සදහටම ජීවත් වෙන්ඩ හිතාගෙන ඉන්න අය වෙන්ඩැ.
සෙනෙවිරත්න Monday, 06 September 2021 06:42 PM
ඉන්නව ඉන්නව ඒ අයට අර මෙතුම ගයපු සිංඤෝරේ සිංදුවත් සුද්ද යනකොට සිංිංදුවත් අහන්න කියමු, එතකොට මොළේ පෑදෙයි.
විජේ Monday, 06 September 2021 06:14 PM
සල් මල් වැල්, තොරන් බඳින්නට, රබන් ගසන්නට, ලොවේ සැමා... ගිනි අගුරු ගොඩක දැවෙනා මොහොතක, ඔහු අද කතා නැත්තේ මොකද? අයි ඩෝන්ට් නෝ වයි. ලොරන්සෝ ඩි අල්මේදලා, සයිමලා කට්ම වෙලා, ලිඳ ළඟ සංගමය, නර්ස් නෝනලා, නායක වැද්දගේ දුවලා මොකටද විස්කි බ්‍රැන්ඩි කියලා කොත්තමල්ලි බොනවා. පාවෙන පීරිසියක් උඩ නැගලා, ලුණු දෙහි එක්ක පිටි කොටපු සිඣ්ඣෝරේට ඔහුට ඕවත් වැඩද?. ගිය දේ ගියාවේ... සුනිල් පෙරේරා සුන්දර කලාකරුවාණෙනි, ඔබට සුබ ගමන්!!!
විපරමා Monday, 06 September 2021 07:12 PM
ඔහුගේ හැම ගීතයකින්ම අපිව අමන්දානන්දයට පත් කළා. බලපු, අහපු වාර ගණන අප්‍රමාණයි. විටෙක ඔබ සැබෑ නලුවෙක්. හැමදාම අපේ හදවත්වල ජීවත් වෙනවා.. සුනිල් අයියාට මොක් සුව පතමු..!!!
Nihal Monday, 06 September 2021 07:33 PM
අපි අතරම නැතත් වෙන යහපත් රටක ඔබ මතු ඉපදේවා...!!!
jayasekaraTuesday, 07 September 2021 09:49 AM
පතමු .කොහොමත් පින් කේත හෙළ රන් දෙරණේ ,ආයෙමත් ඉපදෙන්න එපා කියලානේ පැතුවේ .
අශෝක් Monday, 06 September 2021 10:25 PM
ඔබ ශරීරයෙන් අප හැර ගියත්…….. ඔබ අපගේ හදවත් තුල සදාකල් ජීවත් වනු ඇත.