IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ජයන්ත කැටගොඩ පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි


(සුජිත් හේවාජුලිගේ)

අජිත් නිවාඩ් කබ්රාල් මහතා  ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ජාතික ලයිස්තු  මන්ත්‍රීධූරය සඳහා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ  මහතා පත් කිරීමට අදාළ  ගැසට් නිවේදනය  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අද (17) නිකුත් කරනු ලැබීය.

එම පුරප්පාඩුව සඳහා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යෝජනා කෙරුණු  ජයන්ත කැටගොඩ මහතාගේ නම  මැතිවරණ කොමිෂන්  සභාව ඊයේ (16)  අනුමත කළේය.

කොමිසම ඉන්පසු  එම නම ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට අද උදේ බාර දුන්නේය.

ගැසට් නිවේදනය අද දහවල් නිකුත් කෙරුණු බව රජයේ මුද්‍රණාලාධිපතිනී  ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ අනුව ජයන්ත කැටගොඩ මහතා එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයේ පාර්ලිමේන්තුවේදී ලබන 21 වැනිදා දිවුරුම් දීමට නියමිතය.

බැසිල් රාජපක්ෂ මහතාට  ජාතික ලැයිස්තු මන්ත්‍රී   ධූරයක  දිවුරුම් දීම සඳහා  ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණු  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් පසුගිය මාසයේදී ඉල්ලා අස් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරයේ දිවුරුම් දීම සඳහා අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන්  ඉල්ලා අස්වූයේ  ඉකුත්  13 වැනිදාය. 



අදහස් (3)

ජයන්ත කැටගොඩ පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි

වීරවිජේ Friday, 17 September 2021 01:02 PM

එතුමා පතෝල සහ වැටකොලු අමාත්‍යතුමා විදිහට රටට ඉහමත් සේවයක් කරාවි.

:       1       10

Hafeel Friday, 17 September 2021 02:19 PM

තවත් රාජපක්ෂ කෙනෙකුට පාර්ලිමේන්තුවට එ්ම සඳහා ආයිත් මෙයා එනවා. හරියට දුම්රියේ ආසන අල්ලන් ඉන්න වගේ...

:       1       9

Warnakulasuriya ShiranthaFriday, 17 September 2021 03:07 PM

හොද නළුවා...!

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

රත්තොට ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 16 0



ගාල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 201 0


පස්සර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 78 0



හක්මන ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 100 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 241 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site