IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ජෙරොම්ගේ කෝටි 1226 ගැන පරීක්ෂණ නතර වෙලා

(රන්ජන් කටුගම්පොළ)

බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා සහ ඔහුගේ බිරිඳ සන්තකයේ ඇති  රුපියල් කෝටි 1226 ක මුදල සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ පැවැත්වීම රහස් පොලිසිය නවතා ඇති බවට දැනගන්ට ලැබීම විමතියට කරුණක් බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය

නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා මෙම දැනුම් දීම සිදු කළේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා රිමාන්ඩ් භාරයට පත් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අභියාචනාධිකරණය විනිසුරු ඩී.එන් සමරකෝන් මහතා හමුවේ සලකා බැලිනි.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කියා සිටියේ පෙත්සම සම්බන්ධයෙන් මූලික විරෝධතා කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

අභියාචනාධිකරණයේ පටිපාටිය අනුව විනිසුරුවරුන් දෙදෙනෙක් නම්කර සිටි අවස්ථාවකදී එක් විනිසුරුවරයකු පමණක් පෙත්සම සලකා බැලීම නීතියට පටහැනි බවත් වගඋත්තරකරුවන්ට නොතිසි නොලැබී ඇති බවත්ය.

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා මෙවැනිම පෙත්සමක් මහාධිකරණයේ ගොනුකොට ඇති බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේත් අභියාචනාධිකරණයයේත් තවත් පෙත්සම් ගොනු කොට ඇති බවත් ඒ අනුව ඔහු නීතිය අවභාවිත කරන බවත් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් අනුව එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කළ යුතු බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියේය.

ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ කරුණු යටපත් කරමින් බවත් අධිකරණය අවභාවිත කිරීම යන කරුණ පමණක් සලකා වුවද  පෙත්සම නිෂ්ප්‍රභ කළ යුතු බවත් ඊට අමතරව පෙත්සම්කරු අධිකරණයට පැමිණ ඇත්තේ සද්භාවය නොමැතිව බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයා කියා සිටියේය

එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වර්ෂ විතාන මහත්මිය කියා සිටියේ තමන් සම්බන්ධයෙන් මෙවැනිම පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ  ගොනුකොට ඇති බවත් තමන් මුල්ම පෙත්සමේ වගඋත්තරකරුවන් බවත් මේ පෙත්සම තමන් මගහැර තිබීම වීමතියට කරුණක් බවත් ඒ අනුව රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥවරයාගේ කරුණු දැක්වීමට තමන්  එකඟ වන බවත් නීතිඥවරිය කරුණු දක්වමින් කියා සිටියාය.

පෙත්සම්කාර දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිප තිනීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා කියා සිටියේ තමන් කිසි විටෙක අධිකරණය අවභාවිත නොකර ඇති බවත් අධිකරණය විසින්ම රජයේ නීතිඥවරයාගේ අනුදැනුම මතම මෙම නඩුව අද දිනට කල් තැබූ බවත් ඒ අනුව එය පිළිගත නොහැකි බවත් ඊට අමතරව කිසිවිටෙකත් තම සේවාදායකයා අධිකරණය මගහැර පැනයාමක් සිදු නොකර ඇති බවත් ඔහුට එරෙහිව කිසිදු වරෙන්තුවක් හෝ වෙනත් නියෝගයක් නොතිබුණු බවත් ඒ අනුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත්ය

තවද මෙම පෙත්සම ඇප ඉල්ලීමක් නොවන බවත් මෙම පෙත්සම  මහාධිකරණය හමුවේ ගොනුකොට ඇති පෙත්සම් සමඟ කිසිදු ආකාරයකින් සම්බන්ධ  නොමැති බවත් අදාළ සහනය ප්‍රධානය කරන ලෙසත් ජනාධිපතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය

ඒ අනුව මූලික විරෝධතා සම්බන්ධ නියෝගය හෙට(20)  ප්‍රකාශයට පත් කිරීමට  කල්තැබීණ



අදහස් (5)

ජෙරොම්ගේ කෝටි 1226 ගැන පරීක්ෂණ නතර වෙලා

බයියා Monday, 18 December 2023 05:05 PM

KP ගේ වත්කම් ගැන හොයන එකත් නතර වුණු රටනේ මේ. අපිට හිතා ගත්ත හැකි ඉතින්...! 

:       0       0

රංබොඩ Monday, 18 December 2023 06:47 PM

ඔය තියෙන්නේ... ඔවුන් අනෙකුත් ආගම් විවේචනය කරන තරමට බුද්ධ දර්ශනයට ගරහන තරමට බැංකු පොත් සල්ලි වලින් පිරෙනවා...!

:       2       19

Bamunuarachchi Monday, 18 December 2023 06:54 PM

කෝ කෝ මේ සල්ලි පස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුව දුවන්නේ නැද්ද? මේ සල්ලි හෙව්වේ කොහොමද කියලා හොයන්නේ නැද්ද? කෝ ජෙප්පෝ මේ සල්ලි ගැන හොයන්න කියන්නේ නැද්ද? දැන් තේරෙනවා නේද ජෙප්පොත් මහ දෙපිටකාට්ටු හැත්තක් කියලා.

:       8       25

මහිලාල් Monday, 18 December 2023 08:18 PM

මේ පරීක්ශණ යට ගැසීමට පොලිස් ඇමැති වග කියන්න ඕනෑ කියලයි මගේ අදහස... ඔහුගෙන් පිළිතුරක් ජනමාධ්‍ය හරහා ලැබෙයි කියා බලා හිඳිමු...

:       0       0

Nihal Tuesday, 19 December 2023 01:25 AM

දෙවියන් වහන්සේ හොඳටම කලා,

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 231 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 680 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1169 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 164 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 693 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 802 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site