IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න

(රන්ජන් කටුගම්පොළ)

බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස සිදුකරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව පවරා ඇති නඩුව සහ ඊට සම්බන්ධ ලියකියවිලි ඉතා සුරක්ෂිතව තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ නීතිපතිවරයා විසින් එම නඩුවට එරෙහිව ගොනු කළ අභියාචන පෙත්සම විභාගයට අවසර ලබා දෙමිනි.

මෙම අභියාචන පෙත්සම අගෝස්තු 28 වැනිදා විභාගයට ගැනීමටද දින නියම කළේය.

මෙම අභියාචන පෙත්සම එස්.තුරේරාජා සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.

නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අභියාචන පෙත්සමේ වග උත්තරකරු ලෙස දේවගැති ජෙරම් ප්‍රනාන්දු නම් කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාවට පැමිණෙන විට ගුවන් තොටුපොළේදී තමන් අත් අඩංගුවට ගැනීම වළකාලන ලෙස ඉල්ලමින් ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් පසු දේවගැතිවරයා ගුවන් තොටුපොළේදී අත් අඩංගුවට නොගන්නා ලෙසත් පැය 48 කින් පසුව ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් අධිකරණය නියෝග කළේය.

එම නියෝගයෙන් අතෘප්තියට පත් නීතිපතිවරයා විසින් මෙම අභියාචන පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරනු ලැබ තිබිණ.

නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ෂවින්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු වනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

ජෙරොම්ගේ නඩුවේ ලිපිගොනු සුරක්ෂිතව තබන්න

ඔබේ අදහස් එවන්න

දියත

මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 2 0

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


ගෙල කපා අඹු සැමි යුවළ මරලා
2024 ඔක්තෝබර් මස 04 375 0

අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.


ජනපති- IMF සාකච්ඡා දෙවන දිනටත්
2024 ඔක්තෝබර් මස 04 2 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


‘පාර්ලිමේන්තුවට ඉල්ලන්නෙ නෑ‘
2024 ඔක්තෝබර් මස 04 870 2

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල


ඉරානය ඊශ්‍රායලයට එරෙහිව රුසියන් සහාය ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 04 805 0

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙර


හම්බන්තොටින් ස්වාධීන කණ්ඩායම් 4ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 138 0

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අද (04) දහවල්වන විට ස්වාධීන කණ්ඩායම් හතරක් ඇප මුදල් තැන්පත් කිරීම සිදු කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38854 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25497 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 300 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1011 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 359 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site