IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

ජර්මනියේ කුඩා නගරයක සිටින පරෙවියන් සියලු දෙනා මරා දැමීමට, එම නගරයේ බලධාරීන් තීරණය කර තිබේ. ඒ, ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.

‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ නමැති මෙම කුඩා නගරයේ පරෙවියන් දස දහස් ගණනක් ජීවත් වන අතර, නගර වැසියන්ට උන් හිසරදයක් වී ඇත්තේ උන්ගේ වසුරු නිසාය. පරෙවි වසුරු පිරිසුදු කිරීම නගරසභා නිලධාරීන්ට පවා හිසරදයක් වී ඇතැයි පැවැසෙයි. වෙළෙඳසැල් අවන්හල් වසුරු නිසා අපවිත්‍ර වී ගොසිනි.

ස්වභාවික සතුරක් නොමැති බැවින්, පරෙවියන් ගහනය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ද පැවැසෙයි. එහෙයින්, නගර වැසියන් නගර බලධාරීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ පරෙවියන් මරා දැමීමට ක්‍රමයක් කල්පනා කරන ලෙසය. මේ බව සැලකිල්ලට ගනිමින් පසුගිය ජූනි 20 වැනිදා ජනමත විමසුමක් පැවැත්වුණු අතර, පරෙවියන් මරා දැමීමට නගර වැසියෝ කැමැත්ත පළ කළහ.

නගර බලධාරීන් ඒ අනුව පරෙවියන් මරා දැමීමට සූදානම් වෙද්දී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට විරෝධය දක්වා අධිකරණය හමුවට ගොස් ඇත. එහෙයින්, ජනමත විමසුට අනුව, ක්‍රියා කිරීමට බාධා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (2)

ජර්මන් නගරයක් පරෙවියන් මරන්නයි යන්නේ

Ruwan De Silva Sunday, 23 June 2024 06:27 PM

සිංගප්පූරුවේ ඔය වඩේ කරා... හැබැයි තනිකරම කොන්ක්‍රීට් වනාන්තරයක් සිංගප්පූරුව දවසක ස්වාභාව ධර්මය දඬුවම් කරයි.

:       14       27

Lalla Sunday, 23 June 2024 09:17 PM

මොන බයිල කිව්වත් නුවර වැව වටේ කුරුලු වසුරු නිසා විනාශයී. කොයි බොහෝ පාරවල් ඒ වගේමයි. ඒ මදිවට යෝධ කොක්කු වර්ගයක් බේරෙ වැව අවට ජරාව දානවා. බෝම්බ අතාරිනවා වගේ. කුරුලු පාලනය ඉස්සර කොළඹ තිබුනා. දැන් බෞද්ධයො වැඩි වෙලා වනසතුන්ට රට දීල...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’මහ මොළකරු’’හෙළි කිරීමේ වගකීම උසාවියට බාර දෙයි
2025 අප්‍රේල් මස 22 178 0

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද


බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට හසුවී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 22 217 0

ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි



කතානායකගෙන් අගමැතිනියට - විපක්ෂ නායකට ලිපියක්
2025 අප්‍රේල් මස 22 329 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත


ඉපැරණි සොහොන් බිමක් වන වගාවකින් වැනසිලා
2025 අප්‍රේල් මස 22 198 0

වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව


වෙඩික්කරුගේ කුරුමානම වැරදී පැන යද්දී පාදයක් බිදෙයි
2025 අප්‍රේල් මස 22 430 2

කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 550 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site