IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ජර්මන් සරසවියේ ලාංකික සිසුවා ඇල්ලක නාන්න ගිහින් අතුරුදන්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ජර්මනියේ මියුනිච් නගරයේ විශ්ව විද්‍යාලයක සිවිල් ඉංජිනේරු උපාධිය හදාරන ශ්‍රී ලාංකික සිසුවකු විශ්ව විද්‍යාලය ආසන්නයේ දිය ඇල්ලක අතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

ලසිත් යසෝද කෲස්  පුල්ලේ නමැති ‍මෙම සිසුවා මීගමුව,කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඉකුත් සිකුරාදා මෙම සිද්ධිය‍‍ට මුහුණ පා ඇතැයි කියයි.

තම මල්ලි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කිලිනොච්චියේ තරුණයකු සහ සිම්බාබේ තරුණයකු සමග විශ්ව විද්‍යාලය ආසන්නයේ ඇති දිය ඇල්ලක නෑමට ගිය අවස්ථාවේ ගිලී අතුරුදන්ව ඇති බවට පැවසුණත් මෙම අතුරුදන්වීම අභිරහසක්  බවට සාධක පෙනෙන්නට ඇතැයි ලසිත් සිසුවාගේ සහෝදරිය වන චමෝදි මිලේශනී මහත්මිය ලංකාදීපයට පැවැසුවාය.

තම මල්ලිගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා තමන් මේ ගැන විදේශ අමාත්‍යාංශයට පැමිණිලි කරන බව මිලේශනී මහත්මිය වැඩිදුරටත් කීවාය.

කිසියම් පිරිසක් තම මල්ලී රහසිගතව සඟවාගෙන සිටින බවට තමන් තුළ තදබල සැකයක් පවතින බව ද ඇය අවධාරණය කළාය.

සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීම සඳහා තමන්ගේ මල්ලී මීට මාස පහකට ඉහතදී ජර්මනියට ගිය බවත් දියේ ගිලී අතුරුදන්වූවා යැයි කියන පසුගිය සිකුරාදා දිනයේ තමන්ට දුරකතනයෙන් කතා කළ බවත් ඇය කීවාය. 

විදෙස් ගතවීමට මුදල් සොයා ගැනීමට උකස් කර තිබූ රන් භාණ්ඩ බේරා ගැනීමට තමන්ට රුපියල් ලක්ෂ පහමාරක මුදලක් එවන බව දුරකතනයෙන් කතා කළ අවස්ථාවේ දැනුම් දුන් බවත් එම මුදල මෙම දොළොස් වැනිදාට ලැබෙන බවත් මල්ලී තමා සමග පැවැසූ බව මිලේශනී මහත්මිය පවසයි.



අදහස් (2)

ජර්මන් සරසවියේ ලාංකික සිසුවා ඇල්ලක නාන්න ගිහින් අතුරුදන්

Lalla Tuesday, 10 September 2024 08:20 AM

මෙරට අධ්‍යාපන අවස්ථා තිබියදීත් මූලික උපාධිය සඳහා යුරෝපයට යන්නේ කරුමෙටද...? යවන මුදල්වලට විශාල බද්දක් පනවන්න ඕනෑ නේද?

:       0       0

de silva berlin Tuesday, 10 September 2024 08:46 AM

miunich නගරේ මිනිස්සු අතුරුදහන් වෙන ප්‍රමාණයේ දිය ඇලි නැහැ. ඊසා කියලා ගඟක් නම් තිබෙනවා. ඒකේ සමහර තැන්වල දිය සුළි තිබෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1386 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 1759 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5578 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1491 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 5888 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


අනුර වැඩ පෙන්වන විදිහ බලා ඉන්නවා
2024 සැප්තැම්බර් මස 22 5506 9

අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site