IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


‘ජලය ජීවය සපයයි ‘

ජලය ජීවය සපයයි. සියලුම සම්පත් අතරින් වඩාත් අත්‍යාවශ්‍ය වූ මෙම සම්පත සමරන, ලෝක ආහාර දිනයට අදාළ  මේ වසරේ තේමාව ශ්‍රී  ලංකාවට විශේෂයෙන් වැදගත් වේ . ජලය බහුලව පැවතීම ලංකාවේ ප්‍රගතියට තීරණාත්මක වී ඇති අතර, දේශගුණික විපර්යාස නිසා උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතනයට බාධා ඇති වී ජල මාර්ග සිඳී යාම , සහ වැඩිවන ජනගහනය ක්ෂය වන ජල මට්ටම මත පීඩනයක් ඇති කිරීම යන හේතු මත ජලය නොමැති වීමෙන්, රටට  අඛණ්ඩ  වර්ධනයක් අත්පත් කරගත නොහැක. අද, ශ්‍රී ලංකාව තීරණාත්මක මංසන්ධියක පසුවන  අතර, විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ ජල කළමනාකරණය සඳහා නව්‍ය, තිරසාර භාවිතයන් අනුගමනය කිරීම සඳහා වන රටෙහි තෝරාගැනීම එහි අනාගතය හැඩගස්වනු ඇත.

තිරසාර, දේශගුණ සංවේදී පිළිවෙත් සහ ආර්ථික වර්ධනය අතර හුවමාරුවක්හෝ සම්මුතියක් නොමැති බව මේ වන විට පැහැදිලි විය යුතුය. මිනිසුන් උදෙසා , ලාභය උදෙසා, අපගේ ග්‍රහලෝකය  උදෙසා - අපගේ අඛණ්ඩ සමෘද්ධිය උදෙසා අප විශේෂයෙන් ම කෘෂිකර්මාන්තයේදී තිරසාර භාවිතයන් වැලඳ ගත යුතුය. මෑත කාලීන අර්බුදවලින් ප්‍රකෘතිමත් තත්ත්වයට පැමිණෙද්දී , ශ්‍රී ලංකාව  දිගුකාලීන තිරසාරබවට  ප්‍රමුඛත්වය දෙමින්, එහි සියලුම පුරවැසියන්ට ආහාර ආරක්ෂිතතාව  සහතික කරමින් සහ සෙසු  රටවලට ආදර්ශයක් ලබා  දෙමින්කෘෂිකර්මාන්තය, ආහාර නිෂ්පාදනය සහ ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල විප්ලවීය වෙනසක් ඇති කිරීමට නව්‍ය ප්‍රවේශයන් වැලඳ ගත යුතුය.

අනෙකුත් සෑම අංශයකටම බලපාන හෙයින්, ජලය, මෙවන් තිරසාර යෙදීම් සහ භාවිතයන් ක්‍රියාවට නැංවීම සඳහා සුදුසුතම ආරම්භ ලක්ෂය වේ.. ශ්‍රී ලංකාව ජල සම්පතෙන් පොහොසත් වුවද ජල කළමනාකරණයේදී අභියෝගවලට මුහුණ දී ඇත. FAO සහ UN Water විසින් 2021 දී නිකුත් කරන ලද වාර්තාවක, ශ්‍රී ලංකාව 90.8% දර්ශකයක් සහිතව  'ජලයෙන් අධිකව  ආතතිය පත් ' යනුවෙන්  වර්ගීකරණය කර ඇති අතර, රටේමිරිදිය සම්පත්මත මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන පීඩනය සහ එම ක්‍රියාවල තිරසාර භාවය පිලිබඳ කරුණු පිළිබිඹු කරයි. . ගුණාත්මකබව, ප්‍රමාණය සහ ලවණ අන්තර්ගතයට අදාළ රටේ ජලය සම්බන්ධ ගැටලු, නියඟ කාලවලදී අඛණ්ඩව ආරක්ෂිත පානීය ජලය සැපයුම  සහතික කරන්නේ කෙසේද, නිෂ්පාදන ධාරිතාව පුළුල් කරන්නේ කෙසේද සහ ජල මූලාශ්‍රවල ආතතිය අඩු කරන්නේ කෙසේද සහ ජලයේ ගුණාත්මකබව පිරිහීම වළක්වා ගන්නේ කෙසේද යන ගැටලු මේ අතර මූඛ්‍ය වේ.

දේශගුණික විපර්යාස නිසා ඇතිවන අනපේක්ෂිත බව ශ්‍රී ලංකාවේ ජල යටිතල ව්‍යුහයේ මෙම අවදානම් උග්‍ර කරනු ඇති අතර  ජීවිත සහ ජීවනෝපාය කෙරෙහි ද ආහාර ආරක්ෂිතතාව කෙරෙහි ද විනාශකාරී ප්‍රතිවිපාක ඇති කරනු ඇත. ජල ආතතිය අඩු කිරීමේ ඇති ප්‍රමුඛතම මාර්ගය වන්නේ තිරසාර කෘෂි ආහාර පද්ධති කෙරේ නැඹුරු වීමයි . දැනටමත්, නියඟය සහ ගංවතුර වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් භෝග නිෂ්පාදනයේ සැලකිය යුතු පහත වැටීමකටත්, විශේෂයෙන් ග්‍රාමීය දුප්පතුන් අතර ආහාර අනාරක්ෂිත භාවය ඉහළ යාමටත්  හේතුවෙමින්  පවතී . 10 දෙනෙකුගෙන් හතර දෙනෙකුට තවමත් නල ජලය නොමැති අතර භූමි ප්‍රමාණයෙන් සියයට 70 ක් නියෝජනය කරන සහ රටේ ජනගහනයෙන් සියයට 30 කට ආසන්න පිරිසකට රැකියා සපයන- බොහෝ විට කෘෂිකර්මාන්තය පදනම් කරගත් වියළි සහ අතරමැදි කලාප, ඇතැම්විට වසර දෙකකට අධික කාලයක් පැවතිය හැකි, කඩින් කඩ ඇතිවන  නියඟ හේතුවෙන් උග්‍ර ජල හිඟ තත්ත්වයන්ට  මුහුණ දේ.  

එබැවින් ජල ගැටලුවලට  ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම  සහ දේශගුණික විපර්යාසවලට  අනුවර්තනය වීම ඉතා වැදගත් වේ. නමුත් මෙම පරිවර්තනීය වෙනස  සඳහා සාමූහික කැපවීමක් අවශ්‍ය වේ; ගොවීන්, පාරිභෝගිකයින්, පෞද්ගලික අංශය, රජය, මාධ්‍ය සහ රටේ තරුණ ජනතාව ඇතුළු සියලුම  පාර්ශවකරුවන්ගේ ක්‍රියාකාරී සහාය  සහ සහයෝගීතාවයෙන් තොරව එය සිදු නොවේ.එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විශේෂයෙන්ම එහි ආහාර සම්බන්ධව පවතින නියෝජිතායතන මෙම සංක්‍රාන්තිය සඳහා ශ්‍රී ලංකාවට සහාය දැක්වීමෙහිලා යහපත් ස්ථාවරයක සිටී.

මේ යටතේ සිදුකල මුලපිරීම් කිහිපයක්ම දැනටමත් ධනාත්මක ප්‍රතිඵල ලබමින් සිටී . නිදසුනක් වශයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, (FAO)  රසායනික පොහොර අඩුවෙන් භාවිත කෙරෙන,භෝග අස්වැන්න වැඩි කරන සහ අඩු පාරිසරික බලපෑම්  ඇති කරන නවීන ප්‍රවේශයන් අනුගමනය කිරීමට ගොවීන් 6,000කට සහය දැක්වීම හරහා තිරසාර වී වගාව සක්‍රීයව ප්‍රවර්ධනය කරයි. මීට අමතරව, FAO විසින් රසායනික යෙදවුම් සහ  ජල දූෂණය අවම කිරීමෙන් සහ සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් තිරසාර පරිසර පද්ධතියක් උදෙසා  ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීම තුළින්  ගොවීන්ට සහ පරිසරයට ප්‍රතිලාභ සලසමින් ප්‍රධාන භෝග කිහිපයක්ම ඔස්සේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) ජයගෙන ඇත. කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල (IFAD) මේ වන විට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව රටේ වියළි කලාපවල පරිසර විද්‍යාත්මක හා සමාජීය වශයෙන් අවදානමට ලක්විය හැකි ගංගා ද්‍රෝණි තුනක ජල කළමනාකරණය උදෙසා  එල්ලංගා පද්ධති ස්ථාපනයට සහාය වන අතරම  ගොවීන්ට යල සහ මහ කන්න  දෙකෙහිම වගා කළ හැකි පරිදි ඒවා ප්‍රතිසංස්කරණය කරයි. නැවත නැවත ඇතිවන  දේශගුණික කම්පනවලට සූදානම් වීමට සහ ඒවායේ  බලපෑම අවම කිරීමට රජයට සහාය වීම සඳහා ලෝක ආහාර වැඩසටහන (WFP)   හදිසි සූදානම්  සහ ප්‍රතිචාර සහාය සපයයි.  ආහාර වෙත මිනිසුන්ගේ ප්‍රවේශයට  බාධා නොවන බව සහතික කරන අතරම  ජාතික සහ උපජාතික සමාගම්වලට මෝසම් වැසි සඳහා සූදානම් වීමට උපකාර කිරීම, හදිසි අනතුරු ආපදා බවට පත්වීම වැළැක්වීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සහ වෙනත් මෙවලම් භාවිතා කිරීම ද මීට ඇතුළත් වේ.

වර්තමානයේදී මෙන්ම  අනාගතයේදී, සෑම කෙනෙකුටම තිරසාර ජල සහ සනීපාරක්ෂක සේවා සඳහා ප්‍රවේශය හිමිවිය  යුතුය. සැබවින්ම , අනාගත පරම්පරාවේ යහපැවැත්ම සහතික කිරීම වර්තමානයේදි  තිරසාර පිළිවෙත්  අනුගමනය කිරීම මත රඳා පවතී. මෙම පරිවර්තනීය වෙනස ඇති කිරීමට ශ්‍රී ලංකාව එහි තරුණයන්ට බැඳී සිටියි. යෞවනයන්,  නවෝත්පාදනයන මෙහෙයවන සහ වඩාත් තිරසාර සහ සාධාරණ අනාගතයක් වෙනුවෙන් පෙනී සිටින වෙනසෙහි බලගතු නියෝජිතයන් විය හැකිය.

ජලය, ආහාර සහ තිරසාරබව අතර සම්බන්ධයශ්‍රී ලංකාව තුළ ප්‍රතික්ෂේප කළ නොහැක්කකි. මෙම ලෝක ආහාර දිනය අපගේ සාමූහික වගකීම පිළිබඳ සිහිකැඳවුමක් වැනිය. කෘෂිකර්මාන්තයේ සහ ජල කළමනාකරණයේ තිරසාර භාවිතයන් වැළඳගැනීම හරහා  ශ්‍රී ලංකාවට  එහි ආහාර අනාගතය ආරක්‍ෂිත සහ සුරක්ෂිත කිරීමට පමණක් නොව, අප ග්‍රහලෝකයේ සීමිත සම්පත් සමඟ සුහද සහජීවනයේ ආදර්ශය සපයමින් ද ලෝකය දිරිමත් කළ හැකිය .එය එකමුතුකම,සහයෝගීතාව සහ සාමූහික දැක්මක් ඉල්ලා සිටින ගමනකි-එක්ව යන විට , සැමට වඩා දීප්තිමත් හා තිරසාර අනාගතයක් පිළිබඳ පොරොන්දුව දරන ගමනකි. ආහාර ආරක්ෂිතතාව සහ තිරසාරත්වය සඳහා වන මෙම පරිවර්තනීය මාවතේ කිසිවෙකු අත නොහරිමු.

 

 

 



අදහස් (0)

‘ජලය ජීවය සපයයි ‘

ඔබේ අදහස් එවන්න

දියත

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 167 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1168 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3857 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1022 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1499 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1150 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 731 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2039 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site