(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම නිවසේ සඟවා තිබූ ටි 56 ගිනි අවියක්, මැගසිනයක් , එම ජීව උණ්ඩ 350 ක් මයික්‍රෝ වර්ගයේ පිස්තෝල ගිනි අවියක්, මැගසිනයක් , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ 50 ක් 5.56 වර්ගයේ ජීව උණ්ඩ 8 හොරයින් මත්කුඩු ගෑම් 6 ක් ගංජා මිලිග්‍රෑම් 700 ක් කුෂ් මත්ද්‍රව්‍ය මිලිගෑම් 200 පොලිස් භාරයට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රවනාශක කාර්යාංශයේ රඳවා තබාගෙන සිටි සැකකරුවකුගෙන් සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව පිස්තෝල ගිනි අවියක් සොයාගෙන ඇති අතර එම සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර විමර්ශනවලදී ජේලර්වරයා සතුව තිබෙන ගිනි අවි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය කියයි.
ඒ අනුව ජේලර්වරයාගේ නිවසේ උඩුමහලේ කාමරයක රහසිගත කුටියක සඟවා තිබූ මෙම ගිනි අවි, සහ මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇ
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාම
පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අැතැයි පූනෑව පොලිසිය කියයි.
ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ
fairoos Sunday, 11 August 2024 11:40 AM
පාතාලය ඉන්නේ පොලිසිය ඇතුලෙනේ