IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්

(සුජිත් හේවාජුලිගේ,අංජුල මහික වීරරත්න, දයාරත්න ඇඹෝගම සහ  උපුල් හේරත්)

රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

නියඟ තත්වය තවදුරටත් පැවතුණුහොත් ප්‍රමාණවත් පරිදි විදුලිය බලය නිපදවීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යෙන්ම සිදුවන බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.

මහවැලි ජලාශවල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ දැඩි නියඟ තත්වය හේතුවෙන් මහවැලි බොහෝ ජලාශවල ජල මට්ටම් සියයට 50 සීමාවට ළඟාවී ඇති බවයි.

මේ අතර අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල විල්පත්තුව, කුමන සහ උඩවලව යන වනෝද්‍යානවල සතුන්ගේ ජීවිතවලටද දැඩි ලෙස බලපෑම් මතුවී ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

මෙම වනෝද්‍යානවල ජලාශ රැසක් සිඳී ගොස් ඇති අතර තවත් ජලාශ සිඳී යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

ජල හිඟය සමග අධික රශ්නයසහ ආහාර අඩුකම යන ප්‍රශ්නවලටද වන සතුන් මුහුණ දී සිටින බව පැවසූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වනෝද්‍යානයන්හි සංචාරක කලාප සංචාරකයන් වෙනුවෙන් මනාව පවත්වාගෙන යෑමේ අරමුණින් ඒ ප්‍රදේශවලට ජලය සැපයීම අරඹා ඇතැයිද සඳහන් කළේය.

මේ අතර උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසූ අමාත්‍යවරයා නියගය හේතුවෙන් බෝග වගාවන්ට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

මේ අතර සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 87.9ක් දක්වා පහත බැස ඇති බවත් තවත් දින දහයක් ජලය නොලැබුණහොත් එම මට්ටම ඝන මීටර් මිලියන 60 ක් දක්වා පහත බසිනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

මේ හේතුවෙන් දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා විදුලි කප්පාදුවක් ඉදිරියේදී කිරීමට සිදුවනු ඇතැයිද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත.

මේ අතර නියගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන මධ්‍ය පරිමාණයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බවත් මධ්‍යම රජය යටතේ නඩත්තු කෙරෙන මහා පරිමාණයේ වැව් රැසක ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බවත් වාරි ඉංජිනේරුවෝ පවසති.

උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් සංඛ්‍යාව 3000කට අධිකය. අධික නියගය හේතුවෙන් මෙම වැව් විශාල වශයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත හේරත් මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලින් සියයට අසූවක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇති බවයි

ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නියඟය හේතුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ අම්පාර හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටය.

නියඟය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වගාවන් රැසකට හානි සිදුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහත ගියහොත් විදුලිය නිපදවීමට ගැටලු මතු වීමෙන් විදුලිය කප්පාදුවකට පවා යොමුවීමට සිදුවනු ඇති බවයි.



අදහස් (2)

ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්

sisil Tuesday, 01 August 2023 05:16 AM

සංචාරකයන් යාල විල්පත්තුව, කුමන සහ උඩවලව යන වනෝද්‍යානවල සතුන් නැරඹීමට පැමිණීම තවකාලිකව නැවැත්වීමක් හෝ ලබාදී තිබෙන්නා වූ කාලය උදේ 9 යේ සිට සවස 2 දක්වා සීමා කළයුතු වේ.

:       0       0

SISIRA Tuesday, 01 August 2023 06:34 AM

රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වේගයෙන් සිඳීයමින් පවතින නිසා නැවත එම ජලාශ නැවත ජලයෙන් පිරීයාමට පෙර ප්‍රතිසංස්කරණ / පිළිසකර කටයුතු තිබේ නම් ඒ සඳහා මෙම නියන් කාලය යොදාගැනීමට කටයුතු කරන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කොරෝනා බෙහෙත් ඉල්ලූ රැඳවියන් 11 මැරූ නඩුව වසා තබයි
2024 ඔක්තෝබර් මස 15 512 0

‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්


ළමා නිවාසයේ මුරකරුගේ බෙල්ල කපා මරල:දරුවන් දෙකක් සැකපිට
2024 ඔක්තෝබර් මස 15 650 0

කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්


දුම්රිය ප්‍රමාදයි;බස් නෑ: මගීහු අතරමං වෙති
2024 ඔක්තෝබර් මස 15 110 0

ප්‍රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.


ඩොලර් අර්බුද නොඑන විදියට වාහන ගේනවා
2024 ඔක්තෝබර් මස 15 568 0

වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි


රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු සමුගනී
2024 ඔක්තෝබර් මස 15 688 0

ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත


ඇල්ලේ ඇල්ල චිල් ලොව දෙවැනි තැනට
2024 ඔක්තෝබර් මස 15 1176 0

ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 489 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 467 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1466 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site