IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතරට

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද  සහ සෛල ජෛව විද්‍යා අංශයේ  අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා  ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද  විද්‍යාඥයන්)  හය දෙනා අතරට  තේරීපත්ව සිටියි.

මෙම තරුණ විද්‍යාඥයන් හය දෙනාගෙන් පස් දෙනෙකු බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම  විශේෂත්වයකි.

චන්දිම ජීවන්දර මහතා  ලෝකයේ තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට තෝරා ගනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ  ප්‍රතිශක්තිකරණ  විද්‍යාඥයන්ගේ සංගමය විසිනි.

ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී  ජීවන්දර මහතා  මෙම සම්මානය ලැබීමට නියමිතය.

ප්‍රතිශක්තිකරණවේද  සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා  ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙක් කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.

සම්මාන උළෙල ලන්ඩන් නුවරදී  අප්‍රේල් මස  20 වැනිදා පැවැත්වීමට නියමිතය.

මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා  කොවිඩ් 19 වයිරසය  මෙරට  පැතිරීම සම්බන්ධයෙන්  පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර  ඒ සම්බන්ධයෙන්  අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත්   විද්‍යාඥයාය.



අදහස් (7)

ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතරට

පැරකුම් Thursday, 30 March 2023 07:15 PM

උපන්බිමේ පිලිගැනීමක් නැතත් ලෝකය සුදුස්සා ඇගයීමට ලක් කරන බව තව දුරටත් තහවුරු වේ.

:       0       3

chandima Thursday, 30 March 2023 09:42 PM

එහෙනම් ලඟදිම ඒහේ පදිංචියට යයි.

:       1       1

saman Friday, 31 March 2023 05:05 AM

ලොකු දෙයක් නෑ. අප්ලිකේෂන් 4ක් පමණයි.

:       1       0

Kasun Friday, 31 March 2023 05:35 AM

ලංකාවෙ තවත් විද්‍යාඥයන් ඉන්නව ලෝකෙ සම්මන ලබන. නමුත් මාධ්‍ය මගින් ප්‍රචාරය ලබා දෙන්නෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අයට පමණයි. උදාහරණ වෙනුවට මෑතකදි ලෝකෙ සම්මන ලැබුනු විද්‍යාඟයන් කීපදෙනෙක් හිටිය. වෛද්‍ය, ඉංජිනෙරු, කෘෂිකර්ම ආදී ක්ෂේත්‍ර කීපයක. නමුත් ප්‍රවෘතියේ මාතෘකාවෙන්ම තිබ්බෙ වෛද්‍ය ක්ෂෙත්‍රයේ අය ගැන පමණැයි. එහෙම දැම්මම සාමාන්‍ය ජනතාව සිතන්නේ වෛද්‍යවරු පමණයයි රටේ වැඩ කරන්නෙ කියල. එ නිසා ප්‍රවෘති දානකොටම සැමට සමානව දාන්න කාරුණික වන්න

:       0       3

sarath Friday, 31 March 2023 07:16 AM

ලංකා පුත්‍රයාට ගවෘරවය, සුභාෂිංශනය.

:       0       2

Bunny Preena Friday, 31 March 2023 09:25 AM

කෝවිඩ් 19 කාලයේ නිතරම වාගේ ප්‍රජාව දැනුවත් කළ විශේෂඥයෙක්... තවතවත් ඉහළින් සම්මාන ලැබීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..

:       0       2

Senarath Friday, 31 March 2023 10:36 AM

ඔබ අපේ රටට සම්පතක් සහ රටට ආඩම්බරයක්... අපේ ප්‍රණාමය..!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 1738 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 378 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 599 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 552 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 643 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 1081 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 468 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 931 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site