IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)          

මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන විධානගමගේ නලින් සුරංග යන අය විසින් මත්ද්‍රව්‍ය  ජාවාරමෙන් උපයා ගත් මුදල්  සම්බන්ධයෙන්  මුදල් විශුද්ධකරන පනත යටතේ විමර්ශන පවත්වා ඔහුට අයත් රුපියල් ලක්ෂ 65 ක මුදලක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට  ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් 2022  .06.27 වෙනි දින  මහා පරිමාණ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බවට තොරතුරක් අනුව  තංගල්ල ධීවර වරාය ආසන්නයේ මුහුදු තීරයේදී  බහු දින ධීවර යාත්‍රාවක් සමග ස්කිපර්  වරයෙකු සමග තවත් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදල් විශුද්ධ කරනය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය සඳහන් කරයි.

එම ධීවර යාත්‍රාවේ ස්කිපර්  වරයා සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයෙන් පසු මරණීය දණ්ඩනය ලබා බන්ධනාගාර ගතව සිටින විධානගමගේ නලින් සුරංග යන අය විසින් ලබාදුන් මුදල්  සම්බන්ධයෙන් විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ගේ නමට රාජ්‍ය බැංකුවක 2023 වසරේ අගෝස්තු 28 වෙනිදින  රුපියල් එක්කෝටි අසූ තුන් ලක්ෂයක මුදලක් තැන්පත්ව ඇති බවටත් එම මුදල් වෑන් රථයක් අලෙවි කළ මුදල් බවත් එම වෑන් රථය  මරණීය දණ්ඩනය ලද නලින් සුරංග යන විසින් ඔහුගේ අනියම් බිරිඳගේ නමට 2017 වසරේදී මිලදී ගත් එකක් බවට අනාවරණය වී තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය කුඹුගොඩ ආර මහ පැලැස්ස දකුණ පදිංචිකරුවෙකි.



අදහස් (0)

ජාවාරම්කරුවෙක්ගේ ලක්ෂ 65ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 521 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1553 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site