IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි

(රංජන් කස්තුරි)

මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා අද සවස නිදහස් කළේය.

ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස අද රාත්‍රීයේම  යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන ඒමට නියමිතය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් අට වැනි දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිස් අත්අඩංගුවට පත්විය.

අධිකරණයෙන් ඇපමත මුදාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කර තිබිණි.
 



අදහස් (16)

ජෝසප් ස්ටාලින් ඇතුළු 16 දෙනා ගෙදර යවයි

මුණසිංහ Friday, 16 July 2021 06:14 PM

දැන් හරිනේ. හෙට ඉඳලාවත් අපේ ළමයින්ට වැඩ පටන් ගන්නා. බුද්ධිමත් ගුරුතුමන්ලා අහිංසක අපේ ළමයි දිහා බලනවා නේද?

:       140       529

සරසීSaturday, 17 July 2021 12:37 AM

පිස්සුද පඩි වැඩිකරනකල් බෑ? එහෙම තමයි අද ප්‍රවෘත්ති වල තිබුණේ...

:       0       0

සෙනෙවිරත්න Saturday, 17 July 2021 01:19 AM

රජය වසර එකහමාරක් ළමුන්ට කළ එක දෙයක් කියන්න, අඩුම ගානේ ඔන්ලයින් කරන්න මාර්ග උපදේශකයක්වත් දීලා තියෙනවද? මේ අධ්‍යාපන ඇමති 1994 කාලයේ පටන් විවිධ තනතුරු කරලා සාර්ථක කරපු එක ආයතනයක් කියන්න. දැන්වත් මේ අයට බැරිබව තේරුම් නොගන්නවා නම් බුද්ධි ඌනතාවක් මිස වෙනත් ⁣කිව හැක්කක් නැත...

:       0       10

Demuni Uduwara Saturday, 17 July 2021 03:15 AM

අපේ දරුවනුත් එක්ක ඔවුන් සටන් කළා...

:       0       2

සමිත සේනක අලුත්ගමගේ. Friday, 16 July 2021 06:18 PM

නිරෝධායන නීතිය, දඬුවම් නීතිය බවට පත්ව තිබුණද, ඒ දඬුවම් නීතියේ අවසානය සනිටුහන් වෙන බව පෙනේ...

:       736       813

BathiyaFriday, 16 July 2021 10:06 PM

ඔහොම අමන වැඩ කළොත් ඔක්කෝටම ඉස්සෙල්ලා ළමයින්ගේ අධ්‍යාපනය නම් නැතිවෙන බව බොහොම පැහැදිලියි.

:       0       0

Bamunuarachchi Friday, 16 July 2021 06:21 PM

කොරෝනා දීලා ගෙදර යැව්වා නම් තමයි හොඳ..

:       0       11

ගලපර Friday, 16 July 2021 06:44 PM

ඉතිහාසයේ නුදුටු විදියට ගුරු වෘත්තියට ජෝසප් ස්ටාලින් අැතුලු අනික් පිරිස කුදලාගෙන බස්වලට ඇද දමාගෙන ගෙනිහින් මේ කරපු වින්නැහිය රජයට ලොකු කලු පැල්ලමක් සහ මහජනතාව පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ශිෂ්‍ඨ සමාජයක මෙවැනි දේවල් නොවිය යුතුයි.

:       1       5

Rohana Friday, 16 July 2021 06:45 PM

නිරෝධායන නීතිය දේශපාලනීකරණය කිරීම තුළින් නිදහස් මත ප්‍රකාශනයට බාධා නොකළ යුතුබවට ලබාදුන් පාඩමකි...

:       0       1

මෝ Friday, 16 July 2021 08:16 PM

මේ සටහන දෙමාපියන්ට... මොන්ටිසෝරියේ සිට උපාධිය, පශ්චාත් උපාධිය දක්වාම ඔන්ලයින් ඉගෙන ගන්න පුලුවන් ගුරුවරු නැතිව... ලෝකයේ හුඟාක් දෙනා ඉගෙන ගන්නේ එහෙමයි. විශ්ව විද්‍යාලයට යන්නේ ලැබ් සහ ප්‍රොජෙක්ට් සඳහායි. අපේ රටේ කරුමෙට ඉංග්‍රිසියාටවත්, විදෙස් විශ්ව විද්‍යාල වලටවත් ඉදිරියට යන්න දේශප්‍රේමීන් ඉඩදෙන්නේ නෑ. ඉතිං ඔබේ දරුවාට මොනවා නැතත් ඉංග්‍රිසි දැනුම ලබා දෙන්න. ඔහු ලෝකය දැක ගනීවි. දැනුම සොයා යාවි. දැනුම බෙදන වෙබ්අඩවි ඕනෑතරම් තියෙනවා. ඕනෑම විෂයකට.. අර ඇමති කෙනෙක් රටට ඕනේ එක ගුරුවරයයි කියලා තාමත් කන් පුරා අහගන්නවා. කිසිම ගුරුවරයෙක් නැතිවත් ළමයෙක්ට උගන්වන්න පුලුවන්. දියුණු රටවල එසේ සිදුවෙනවා.

:       0       13

රසික Saturday, 17 July 2021 03:35 AM

දැන් එතකොට බලධාරීන්ම නිරෝධායන නීතිය කඩලනේ... දවස් 14ක් තියාගෙන ඉන්නේ නැතුව මේ කට්ටිය එළියට දාලා. මේවාට හිනාවෙන්නද? අඬන්නද? කියලා තේරෙන්නේ නෑ...

:       0       2

Mahesh Saturday, 17 July 2021 05:25 AM

ඇත්තටම ගුරුවරුත් මහා කැත ජාතියක් කියලා මේකෙදී පෙන්නුවා. ළමයින්ට දිය යුතු අධ්‍යාපනය නොදී ඔන්ලයින් ටියුෂන් කරපු කාලකන්නි උද්ඝෝෂණයක් කලේ මෙවැනි ගුරුහොරුන්ගේ ඉගැන්වීමටයි.

:       2       0

BamunuarachchiMonday, 19 July 2021 09:10 AM

දැනට අවුරුදු 50 කට කලින් ඉස්කෝලේ ගිය කෙනෙක් අද ගුරුවරුන්ට කාලේ කනවා කියා කීම හරිම සාධාරණයි. අද ඉස්කෝලවල උගන්වනවද? හරියට උගන්වනවා නම් ළමයි විෂයකට දහස් ගණන් දීලා ටියුෂන් යන්නේ ඇයි? එහෙනම් ඔවුන් කරන්නේ පාසල්වලට වෙලා කාලය කාදැමීමක් නේද? ළමයින්ට ඉගැන්වීම නවත්තපු ගුරු හොරු ටියුෂන් දීමත් නවත්තුවද?

:       1       0

chandanaMonday, 19 July 2021 11:20 PM

රජය ලොකු වැරැද්දක් කලා. ප්‍රමාණවත් පලදායී කාර්යයක් නොකරපු සියළුම රජයේ සේවකයන්ට හොයන්නෙ බලන්නෙ නැතුව පඩි ගෙව්වා. අඩුම ගානේ ගෙදර ඉන්න නිසා දීමනා සියල්ල කපා හරින්න තිබුණා. අද අපේ ආර්ථිකය කඩා වැටෙන්න ප්‍රධාන හේතුවක් ඒක. එහෙම දීමනා ටික කපලා දැම්මනම් ඒක ගන්න ඕන නිසා යසට වැඩේ කරයි. දැන් නිකම්ම ඉදලා සල්ලි අරගෙන තෙලේ වැඩිවෙලා ඉන්නේ. කුමන ආකාරයේ සේවයක හිටියත් අපි අපේ සල්ලි වලින් කාගෙවත් ඉල්ලීම් දෙන්න අවශ්‍ය නැහැ. මේක ඒකට සුදුසු කාලයක් නෙවෙයි.

:       0       0

Sunil Saturday, 17 July 2021 06:16 AM

මේ නාඩගමත් සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ රජයක තවත් එක ජවනිකාවකි.

:       1       3

p.d goonawardena Saturday, 17 July 2021 09:28 AM

මෙවැනි සමස්ත ගුරු පරපුරටම නින්දා ගෙන දෙන කුහක ඊර්ෂියාකාර ගුරුහොරු සදාකලිකවම ගෙදර හෝ වලපල්ලටම යැවිය යුතුවමයි.

:       3       33

ඔබේ අදහස් එවන්න

දියත

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද
2024 නොවැම්බර් මස 05 195 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය අද (5) ඇරැඹේ. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ, රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්


නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට එයි
2024 නොවැම්බර් මස 05 223 0

විස්සයි විස්ස සහ එක් දින තරග සංචාරයක් සදහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .


ශාන්ත තෝමස් ‘ෆියුචර් X‘ ප්‍රදර්ශනයට දින වෙන් කරයි
2024 නොවැම්බර් මස 05 29 0

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 3 වැනි වරට සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා ප්‍රදර්ශනය ‘ෆියුචර් X‘ ලබන ජනවාරි මස 25 සහ 26 දෙදින හිල්ටන් හෝල


රනිල් ගෙන් ජනපතිට අභියෝගයක්
2024 නොවැම්බර් මස 05 749 3

තම ආණ්ඩුව රජයේ සේවකයන්ට ලබා දීමට එකඟ වූ පඩි වැඩිවීම හෝ ඊට වැඩිපුර පඩි වැඩිවීමක් දෙන බවට අනුර කුමාර ජනාධිපතිවරයා වහාම රටට ප්‍රකාශයක් කළ යුතු බව හිටපු ජන


කෝටි 10 ක අයිස් සමඟ විදෙස් කතක් මාට්ටු
2024 නොවැම්බර් මස 05 401 0

රුපියල් කෝටි 10 ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5 ක පමණ ප්‍රමාණයක් තායිලන්ත ජාතික කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී ශ්‍රී බණ්ඩාරනායක ජාත්


ගම්පහ ප්‍රදේශ කීපයකට පැය 12 ක ජල කප්පාදුවක්
2024 නොවැම්බර් මස 05 177 0

ජාඇල, කටුනායක _සීදූව නගර සභා බල ප්‍රදේශ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ජාඇල, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට අද (5) පස්වරු 6.00 සිට හෙට (


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 402 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1306 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site