IMG-LOGO

2025 මාර්තු මස 29 වන සෙනසුරාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ )

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ලක්ෂයකට අඩු මාසික පොලී ආදායමෙන්  අයකරගත්  සියයට පහක රැඳවුම් බද්ද ඉතාම කෙටි කලකින් නැවතත් ඒ තැන්පතුකරුවන්ට නිදහස් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරගෙන යන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

පවතින නීතිය  අනුව  එම රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ට මෙතෙක් නිකුත් කෙරුණේ වසරකට පසුව බවද ඔහු සඳහන් කළේය.

මෙම සියයට පහේ රැඳවුම් බද්ද අය කෙරුණේ  සාමාන්‍ය බදු නීති අනුව බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එම රැඳවුම් බද්ද  කෙටිකාලීනව නිදහස් කිරීමට ක්ෂණික වැඩපිළිවෙළක් අරඹා ඇතැයිද ප්‍රකාශ කළේය

නොගැලපෙන රඳවා ගැනීම් සියල්ල වර්ෂයකට පෙර නිදහස් කිරීමට
කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

මේ අතර  සේවකයන්ගේ උපයනවිට බද්ද අදාල ආයතන මගින්  ගෙවීම  අසාධාරණ බව පැවසූ සියඹලාපිටිය මහතා මින්පසු ඒ බද්ද  අදාල සේවකයන් මිස ආයතනවලට ගෙවීමට  ඉඩ නොදෙන බවද  ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රැදවුම් බද්දක් අය  ගැනීම ඉතා අසාධාරණ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද  පාර්ලිමේන්තුවේදී  පසුගිය 21 වැනිදා දීර්ඝ ලෙස කරුණු දක්වමින් පෙන්වා දුන්නේය.

එලෙස බදු අය කිරීම නොකරන්නැයිද මන්ත්‍රීවරයා  එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.



අදහස් (16)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සුබ ආරංචියක්

P.D Goonawardena Tuesday, 01 August 2023 12:53 PM

නිවන්සුව....

:       1       0

Perera Tuesday, 01 August 2023 01:46 PM

ඕවා ඉතින් ක්‍රියාවට නංවනකන් විශ්වාස කරන්න බැහැ...

:       0       0

චින්තක Tuesday, 01 August 2023 05:06 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සියයට 15ක පොලියක් ගෙවීමට කටයුතු කළේ යහපාලන රජයේ මුදල් ඇමැතිවරයා ලෙසට කටයුතු කළ රවී කරුණානායක ඇමැතිවරයා විසින් වුණත් එතුමා වෙනුවෙන්වත් මනාපයක් දීමට බස්නාහිර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කටයුතු කළේම නැහැ... එහෙම තියෙද්දී ඒ රජයේ හිටපු අගමැති වත්මන් ජනාධිපති මුදල් ඇමැතිවරයා ලෙසට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා තිබුණු එම පහසුකම් කපා දැමීම ඉතාමත් කණගාටුයි...

:       2       9

සල්ලි Tuesday, 01 August 2023 09:16 PM

අපිට බදු ගහන්න කලින් ඔයාලගේ පඩි වැඩි කරගත්තා නේද රංජිත්? ලොකු ගාණකින්...

:       2       7

උපාලි හෙට්ටිආරච්චි Wednesday, 02 August 2023 07:07 AM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට දැන් ඇත්තෙ අසුබ ආරංචි පමණකි. ඔවුන් ට මිලියන 1.5 ක් තෙක් ලබා දී තිබූ විශේෂ තැන්පත් ක්‍රමය ද අහෝසි කර, බැංකු තැන්පත් පොලී ප්‍රතිශත 9% තෙක් අඩු කර ඇත. දැන් ලැබෙන පොලියෙන් විදුලි සහ ජල බිල් ගෙවීමෙන් පසු ආහාර සඳහා වෙන් කරනවා තියා බෙහෙත් ටික ගන්න වත් මුදලක් ඉතිරි නොවේ. ඔවුන්ට ලබා දිය හැකි සුබ ම ආරංචිය නම් නැවතත් අහෝසි කළ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් ක්‍රමය යළි බලාත්මක කිරීම යි.

:       0       22

DESMOND MILROY REBEIRA Wednesday, 02 August 2023 03:29 PM

කිසිම ආදායම් මාර්ගයක් නැහැ.. බෙහෙත් ගන්නත් මුදල් නැහැ... කුලී නිවාස, විදුලි බිල දුව ගෙවනවා කුලි වැඩක් ලැබුණු ගමන් කරනවා.

:       0       4

T NagasingheThursday, 03 August 2023 01:04 PM

මට වයස 74යි. විශ්වවිද්‍යාලයේ විශ්‍රාමිකයෙක්. විශ්‍රාමික වැටුපක් නැහැ. ළමයි තුන්දෙනා බැඳලා ... අපි දෙන්නා විතරයි.. ගෙදර අපිට සලකන්න ළමයින්ට වත්කමක් නෑ.. මම වැඩිහිටි පොරොත්තු ලේඛනයේ එම දීමනාව මාස 3 කට කලින් ඉඳන් නවත්වලා දැන් එක වේලක් කන්නෙත් අමාරුවෙන්... මීට වැඩිය හොඳයි.., මැරිලා යනවා නම් වැඩිහිටි පොරොත්තු දීමනාව දෙන්නෙම නැද්ද?. පාලකයින්ට තෙරුවන් සරණයි...! අපිට අබසරණයි!!

:       0       1

AntonyMonday, 21 August 2023 03:13 PM

මහත්තයෝ එතකොට ඔහේ Internet data කාඩ් සල්ලි දීලා ගන්නේ නැතෙයි? වැඩිහිටි දීමනාවෙන් ද කාඩ් ගන්නේ. ඔහොම අතේ රෝල් ගහන්න එපා මහත්තයෝ....

:       0       0

මේරී ඈන් ජොලිඩා පීරීස් . Wednesday, 02 August 2023 02:27 PM

කිසිම ආදායමක් නැහැ... දුව තමයි උදව් කරන්නේ... කුලී නිවසක්... මමයි, මගේ ස්වාමි පුරුෂයාගෙයි වයස 71, 73... පුතාට රැකියාවක් නැහැ වයස 40යි...

:       1       5

ඩෙස්මන් රිබේරා ක් Wednesday, 02 August 2023 02:40 PM

ආදායම් නැහැ... වයස71 සවාමිපුරුෂයාට, භාර්යාවට 73යි. කිසිම රැකියාවක් කරන්න බැහැ.

:       0       5

Sudasinghe Wednesday, 02 August 2023 04:26 PM

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කෑමට වඩා බෙහෙත් වලට වියදම් යනවා. ඒ නිසා කාඩ්පතක් නිකුත්කර ෆාමසි වලින් 20 හෝ 25% හා පිටින් කර සියලු පරීක්ෂණ සඳහා ඒ හා සමාන මිල අඩුකර ජනතාවට සහනයක් ලබාදෙන්න. නිදහස් සෞඛ්‍ය සේවය ලබාගැනීමට නොහැකි අයට ඒ සහනය ලබාදෙන්න.

:       1       10

සිරිමෙවන් Thursday, 03 August 2023 06:47 AM

මේ රටේ ජේෂ්ඨ පුරවැසියා යනු හුදෙක් දේශපාලකයින් විසින් තම පතිරූපය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතාකරන ආටෝප, සාටෝප වචන සෙට් එකෙන් එකක් පමණි... ! අවුරුදු 60ක් තිස්සේ රාජකාරිය සඳහා පැය අටකුත් මහපාරට පැය හතරකුත් අවම වශයෙන් වැයකරන පුරවැසියකුට අවසානයේ ලැබෙන්නේ දෙසතියක් ජීවත්වීම නොසෑහෙන විශ්‍රාම වැටුපකි....! කුමන හෝ ස්ථිර රැකියාවක් නොලබන එදිනෙදා කුලියට වැඩකරන ජනයාගේ ජීවිතයේ අවසාන කාලය විශ්‍රාමිකයෙකුගේ ජීවිතයට වඩා අතිශය භයානකය. දෙෙනික ආදායමක් නැති පවුල්වල දුක ගැන කවුරුන් විසින් තබන ලද සටහන් වුවද මහ පොලොවේ යථාර්ථය එයයි. වසර පහකට පාර්ලිමේන්තු ගොස් මසකට දින හතරක් රැස්වීම්වලට සහභාගි වන මේ රටේ ජනතා නියෝජිතයින්ට අන් කිසිවකුට නැති බොහෝ වරප්‍රසාද සමග වයස නොසලකා විශ්‍රාම වැටුප් සහ දීමනා ලැබේ. ඔවුන් ඉටුකර තිබෙන එකම රාජකාරිය මහජන ධනය කාබාසිනියා කරන ව්‍යාපෘති සඳහා වැයකළ බිලියන ගණන් වූ ඇස්තමේන්තු අනුමත කිරීම සඳහා පඹයින් සේ අත් එසවීම සහ සභා ගර්භය තුළ නිදා වැටීම පමණි...! එහෙත් රට බංකොලොත් වී ඇති බවක් ඔවුහු නොදනිති.... ! අපි මේ පාර්ලිමේන්තුවම නැවත නැවතත් පත් කරමු...!

:       0       0

Lal Silva Thursday, 03 August 2023 06:55 AM

දැනට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඔය කිසිම රඳවා ගැනීම් බද්දක් වත් හරි හපන් විදියට ආපසු ගෙවීම පැත්තක තියලා, ගෙවිය යුතු බද්දෙන් අඩුකිරීමක් ලබාගන්න, ආයෙ බැංකුවට ගිහිල්ලා, ලියකියවිලි නැවත දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කලායින් පසුව, බැංකුව දෙපාර්තමේන්තුවට එවතන ලද ලයිස්තු පරිශීලනය කර නිවැරදි නම් පමණක් අර ඉඩ දීම කරනවා, නැති නම් තක්සේරු නිකුත් කරනවා, බදු ගෙවන්නා නැවත ආයාචනයක් කර ආයාචනය විසදීමට දෙපාර්තමේන්තුව පස්සේ යන්න ඕන. ඉතින් විශ්‍රාමිකයින්ටත් අර අස්වැසුම වගේ පෝලිමේ යන්න වේවි! රඳවා ගැනීම් බදු සැලැස්ම නීති වලින් විසඳන්න බෑ, ඉතා දියුණු පරිගණක පද්ධතියකින් පමණයි පුළුවන්, එහෙම එකකට විශාල මුදලක් වැය වෙනවා, ගවු ගානක එහෙම දෙයක් පේන්නේ නෑ, තාම කරන්නෙ manual system එකකින්!

:       0       0

එන්.හෙට්ටිආරච්චි Monday, 14 August 2023 02:23 PM

මගේ ස්ථිර තැන්පත් මුදලින් මාසෙකට ලැබෙන පොලිය රුපියල් 11500කි. එයිනුත් රුපියල් 575ක් බදු ගැසීම ඉතා අසාධාරණයක්... මගේ වයස අවුරුදු 76 කි. බිරිඳගේ වයස අවුරුදු 66 කි. අපට දරුවන් නැත. මා හෘද රෝගියෙක්. බිරිඳ දියවැඩියා රෝගියෙක්. බෙහෙත් ගන්නේ මේ මාසෙකට ලැබෙන මුදලින්... ඥාති දියණියක් අපට කෑම දෙන්නේ... මේ අසාධාරණ ලෙස අයකරගැනීම නවත්වන්න .

:       0       5

hesaSunday, 20 August 2023 10:33 AM

බෙහෙත් ගන්න, ජීවත්වීමට ඇති දුෂ්කරතා ඇති වන්නේ ඉන් පසුවයි... හෝ ඒ දුෂ්කරතා ඇති කරාද?

:       0       1

Wපහලවේවාk.nimal Wednesday, 16 August 2023 08:43 AM

වර්තමාන රජයේ ආර්තික පුතිපත්ති අනුව වෛද්‍ය ආහාර ඇතුලු සියලඅ දේ වැඩි ඇතත් ජ්‍යෙෂ්ඨ පුරවැසියනි සදහා වෙනත් ඉපයිම් නොමැති නිමා මෙලෙස වැඩිහිටි ගිනුම්වලින් පොලිය කපා ගැනිම අසාධාරනය.ණය නොගෙවු යහලුවනිගෙේේේණමුදල්ය කපා හරිමින්ද.බසු සහන ලබා දෙමින ්ද්කර න අනුගුහයන් හැටියට ජ්‍යෙෂ්ංඨ පඅරවරසියන්ට ලබාදි තිඉු ඒ සහනය නැවත ලබාදිමට විශුාමිකව නැවත එකිව සිටින මහබැංකු අධිපතිවරයාට ණුවන පහලවේවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

අසත්‍යකරුණු අධිකරණයට ඉදිරිපත් කළැයි නීතිඥවරිය රිමාන්ඩ්
2025 මාර්තු මස 28 900 0

අධිකරණය අපහාස වන අයුරින් හැසීරිම හා අසත්‍යය කරුණු අධිකරණය ඉදිරිපත් කළැයි කියන පුත්තලම මහඅධිකරණයේ පෙනී සිටි නීතිඥවරියක ඇප කොන්දේසි සම්පූර්ණ කරන තෙක්


මෙරට තරුණ කටයුතුවලට ජනගහන අරමුදලේ සහය
2025 මාර්තු මස 28 81 0

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධ ආයතනයක් වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලෙහි ශ්‍රී ලංකාවේ නියොජිතය


දේශබන්දුගේ චෝදනා හොයන කමිටුව පත් කිරීම 08වැනිදා
2025 මාර්තු මස 28 238 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 ව


නාමල් තාත්තාගේ වැරදි පෙන්නයි
2025 මාර්තු මස 28 1359 2

ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධ


චාමරට එරෙහිව තවත් චෝදනා: ’’කෝප්’’ අල්ලස් කොමිසමට යයි
2025 මාර්තු මස 28 1200 3

සිය බල ප්‍රදේශයේ සුභසාධන කටයුත්තක් සඳහා අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන එක්තරා සමාගමකට මැණික් පතලක් පවත්වාගෙන යෑමට අවසර


’’මියන්මාර භූ කම්පනයෙන් එරට ලාංකිකයන්ට අනතුරක් නෑ’’
2025 මාර්තු මස 28 606 1

මියන්මාරයේ හටගත් රික්ටර් මාපකයේ 7.7 ක සහ 6.4 ක අගයක් ගත් ප්‍රබල භූමි කම්පා දෙකෙන් තායිලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික කිසිවෙකුට අහිතකර බලපෑමක් එල්ල වූ බවට තොරතු


මේවාටත් කැමතිවනු ඇති

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 525 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 703 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1405 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

Our Group Site