IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට

(ටී.කේ.ජී.කපිල )

මෙරට මිනීමැරුම් ඇතුළු අපරාධ රැසක් කර , අධිකරණය මග හැර , ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් සිටි සැකකරුවන් තිදෙනකු පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කරන ලද ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදනය නිකුත් කර තිබියදී  ,  ඩුබායි රාජ්‍යයේ දී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට පත් වී සිටීමෙන් පසුව  , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ  නිලධාරී කණ්ඩායමක් විසින් එරටට ගොස්  , භාර ගෙන අද (07 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් අතරින් එක් සැකකරුවෙකු මාකන්ද , ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි අයෙකි. .මොහු ඉකුත් 2024 වසරේ 01/22 දින බෙලිඅත්ත පොලිස් වසමේ , බෙලිඅත්ත - වලස්මුල්ල මාර්ගයේ , ඩිපෙන්ඩර් රථයකින් ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 05 දෙනෙකුට , කහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට , විවෘත වරෙන්තු නිකුත් කර තිබුණි .

අනෙක් සැකකරු කොළඹ , කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකි.

මොහු මනුෂ්‍ය ඝාතන කීපයක් මෙන්ම නිවෙස් වලට පහර දී දේපළ වලට අනර්ථයන් සිදු කර , කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයෙකි .

මෙම කණ්ඩායමේ රැගෙන ආ තුන් වන සැකකරු දෙන්කන්දලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකි.

මොහු අකුරැස්ස , මාවරල සහ ඌරුබොක්ක පොලිස් වසම් තුළ ස්ත්‍රී දූෂණ සහ මිනීමැරුම් සිදු කර , එම අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් කළ පුද්ගලයෙකි .  මොවුන්  අද (07) දහවල් 11.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී , නීතීඥ , බුද්ධික මනතුංග මහතා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

ශ්‍රී ලංකාව තුළ  තවත් මෙවැනි අපරාධ සිදු කර , විදේශ රටවල් වෙත පළා ගොස් ඇති පුද්ගලයන් 65 දෙනෙකු වෙත ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .

 



අදහස් (2)

ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් තිදෙනකු කටුනායකට

රුවන් Friday, 07 February 2025 03:49 PM

ඇයි මේ මුණ වහන් යන්නේ?

:       1       7

karolis Friday, 07 February 2025 04:41 PM

උපාධිය ගේන්න ජපන් ගිය රංවලතුමා තාම කටුනායකට ආවේ නැතෙයි?

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 

දියත

බිම්ස්ටෙක් තරුණ සමුළුව⁣ට ලංකා කණ්ඩායම යයි
2025 පෙබරවාරි මස 07 76 0

ඉන්දියාවේ අහමදාබාද් හි පැවැත්වෙන බිම්ස්ටෙක් තරුණ සමුළුව සඳහා සහභාගී වන තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු කණ්ඩායම අද (7) දිවයිනෙන් ප


මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසියි
2025 පෙබරවාරි මස 07 812 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.


’’වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ’’
2025 පෙබරවාරි මස 07 495 0

වී ඇළෙවි මණ්ඩලය වී මිලදීගැනීම ආරම්භ කර දින දෙකක් ගතවී තිබුණද ගොවින් එම මණ්ඩලයට වී අළෙවි කර නොමැති බව වී ඇළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද


ජනපති-ජපාන නිපොන් පදනමේ සභාපති හමුවෙයි
2025 පෙබරවාරි මස 07 232 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපානයේ නිපොන් පදනමේ සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්


යුද්දෙට රුසියානු ගිය 59ක් මැරිලා
2025 පෙබරවාරි මස 07 444 0

රුසියන් හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකික තරුණයන්ගෙන් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (


තුන්වන පන්තියේ වෙන්කළ ආසන ඉවත්කිරීම අත්හිටුවයි
2025 පෙබරවාරි මස 07 391 0

කොළඹ කොටුව - බදුල්ල දුම්රිය ගමන්වාර හයක තුන්වන පන්තියේ වෙන්කළ ආසන අත්හිටුවීමට ගත් තීරණය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 101 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 820 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 760 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site